WATCH Live CRICKET Select A Channel

26 June 2014

ග්‍රහලෝකාගාරය මාසයකට වහයි

ග්‍රහලෝකාගාරය මාසයකට වහයි



නවීකරණ හා අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අද සිට සති 04ක කාලයක් වසා තැබෙන බව තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය පවසයි. 


ඒ අනුව අද සිට ඉදිරි සති 04 ක කාලය තුළ ග්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන තාවකාලිකව අත්හිටුවන බව එම අමාත්‍යංශය සඳහන් කළේය. 

ග්‍රහලෝකාගාරයේ සවිකර ඇති යන්ත්‍රෝපකරණ වල අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙලෙස එහි නැරඹුම් දර්ශන අවලංගු කිරීමට සිදුවන බව සඳහන්. 

විද්‍යාව හා තාක්ෂණ ප්‍රචලිත කිරීමට සහ පාසැල් දරුවන්ගේ විද්‍යා දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ග්‍රහලෝකාගාරයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කොට නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK