WATCH Live CRICKET Select A Channel

23 July 2014

මව්කිරි දීමේ නිශ්චල අධිෂ්ටානය

103782012-08-08-13-49-55_bigමට මගේ බබාට මව්කිරි දීමට පියයුරු වලට සවි කරන කුඩා පොම්පයක් වැනි යන්ත්‍රය පුරුදු වීමට බැරි උනා. එය ඉතා දුක්බර නිෂ්පල තත්වයකට මාව ඇද දැමුවා. මගේ බබාගේ බර සැහෙන්න අඩු උනා ! 
මම කෙසේ හෝ මගේ ශරීරයේ කිරි උනන්නටත්, බබාට කිරි දීමටත් උත්සහ ගන්න ඕනේ ! ඔව්, ඇත්තෙන්ම මට කිරි නිපදවීම අමාරු කාර්යක් වීම නිසා, මම සම්පූර්ණයෙන්ම මානසික ගැටලුවකට මුහුණ දුන්නා. 
නමුත් ක්‍රමයෙන් මගේ කිරි එරීමට පටන් ගත් නිසා, මම සන්සුන් තත්වයකට පත් උනා. දැන් දුලිත් ඉතා සතුටින් කල් ගත කරන නීරෝගී බබෙක් !”

මව්කිරි දොවනය යනු බබාලට පෙවීමට, කිරි එකතු කිරීමට පියයුරු වලට සවි කරන කුඩා පොම්පයක් වැනි උපකරණයකි. එය පියයුරු වලට සවි කල විට මවගේ පියයුරු වලින් කිරි ගලා ඒමට පටන් ගනී. මෙම කුඩා සුරුබුහුටි උපකරණය, ඔබගේ මිල කල නොහැකි වටිනා කිරි වලින් බෝතලයක් පිරවීමට පමණක් නොව, එය ඔබේ ශරීරයේ වැඩියෙන් කිරි නිපදවීමටද, පමණ ඉක්මවා කිරි පියයුරු වලට පිරීමෙන් සිදුවන අපහසු තාවයන් වලක්වන අතර, ශීතකරණයේ තබා අවශ්‍ය වේලාවට ප්‍රයෝජනයට ගැනීමට ද, උදවු කරයි. ශ්‍රී ලංකාවේ ගොඩක් කිරි දෙන අම්මලාට ඉඳහිට තමාගේ යහළුවෙක් හමුවී කෝපි කෝප්පයක් බීමට හෝ හවසට එලියට ගොස් තමාගේ හිත මිත්‍රයන් සමග හෝ සැමියා සමඟ සතුටු සාමීචියේ යෙදීමට ටික වේලාවක විවේකයක් අවශ්‍ය වේ. මෙවැනි අවස්ථාවකට ඔබට පිහිට වීමට සිටින ඔබේ හොඳම මිත්‍රයා වන්නේ මෙම කුඩා උපකරණයයි මව්කිරි දොවනය.
මව්කිරි දොවනය භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන
  • හොඳින් වැඩී නැති හෙවත් නොමේරු බබෙකුට හෝ එකවර ඉපදුනු නිවුන් දරුවන්ට කිරි පෙවීමට
  • ශරීරයේ වැඩිපුර කිරි නිපදවීමට
  • රැකියාවල නියුතු අම්මලාට
  • පහසුවෙන් එහාමෙහා ගෙනයාහැක
  • තාත්තලාටත් බබාලාට කිරිපෙවීමට උදවුකලහැක
  • වැඩිපුර කිරිඑරීම අඩුකලහැක
මව්කිරි දොවනය භාවිතා කිරීමේ ඇති අවාසි
  • බබාලාකිරි බෝතල් භාවිතා කිරීමට පුරුදුවෙයි. එනම් තම මවගෙන් කිරි බීමට මැලි වෙයි.
  • පිටින් ඇරීමට බැරිවනසේ අගුලුදැමීමට නොහැකිය.
  • බබාගේත් මවගේත් ශරීරයට ශරීරයගෑවීමෙන් ඇතිවන මානසික සහ භෞතික සම්බන්ධය අඩුවීම.
  • බෝතල් සහ මව්කිරි දොවනය සේදීමට සහ විෂබීජ නැසීමට තිබෙන අපහසුව.
  • පෝෂ්‍ය පදාර්ථ නැතිවීම සහ රෝග කාරක විෂබීජ නැසීමේ හැකියාව නැතිවීම.

වෙළෙඳ පොලේ ඇති විවිධ වර්ගයේ මව්කිරි දොවනය
අතින් ක්‍රියාත්මක කරන උපකරණය – එය ඉතා සරල සහ මිලෙන් අඩුය. එය පියයුරු පුඩුවට සම්බන්ධ කරන කුඩා ආරක්ෂාකාරී පලිහක් වැනි කොටසක් සහ කිරි උරා බෝතලය ඇතුලට යැවීමට අවශ්‍ය කුඩා කොටසකිනුත් යුක්ත වේ. මෙම පොම්පයෙන් කිරි බොහෝ ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි නමුත්, ඉක්මනින් බබාට කිරි පෙවීමට හැකියාව ඇත. එයට කිරි එකතු කර ගැනීමට අත් දෙකම පාවිච්චි කල යුතු අතර, විනාඩි 45ක පමණ කාලයක් ගත වේ.
විදුලි බලයෙන් ක්‍රියා කරන උපකරණය – මෙය පාවිච්චි කිරීමට පහසු අතර, ඉතා වේගයෙන් කිරි එකතු කිරීම කරයි. ඔබ කල යුතු වන්නේ ස්විචය ක්‍රියා කිරීම පමණි. එවිට එය වැඩ කිරීමට පටන් ගනී. එය විනාඩි 20ක් තුලදී මෙම කාර්යය නිම කරයි. එය ක්‍රියා කරන විට, ඔබේ අත් දෙකම නිදහස් නිසා, ඔබට පොතක් කියවීමට හෝ ආහාර ගැනීමට පුළුවන. මෙම මව්කිරි දොවන උපකරණ මිලෙන් වැඩිය.
බැටරියෙන් ක්‍රියා කරන උපකරණය – මෙය අතරමැදි උපකරණයක් වන අතර, විදුලි බලයෙන් ක්‍රියා කරන උපකරණය හා සමානව වේගයෙන් ක්‍රියා කරයි. අත් දෙක නිදහසේ තබා ගත හැකි අතර, තමන්ට දරා ගත හැකි මිලෙන් යුක්තය. නමුත්, බැටරි ඉක්මනින් ගෙවී යයි.

කිරි එකතු කිරීමට පටන් ගත යුත්තේ,
  • බබාට අහාර දුන්නාට පසුවත්, බඩගින්නේ සිටී නම්
  • අමතර සැලකිල්ලක් දැක්වියයුතු බබාලාට
  • නිවුන් හෝ එකවර බබාලා කීපදෙනෙක් සිටීනම්
  • අම්මාට රැකියාවට යායුතුනම්

කිරි එකතු කිරීම, නැතහොත් කිරි දෙවීම කල යුත්තේ කෙසේද ?
මව්කිරි දොවනය කලින් පාවිච්චි කර එය කිරීමට පුරුදු වන්න. පහත සඳහන් උදවු ප්‍රයෝජනයට ගන්න:
  • හොඳට සැපපහසුඇති, විවේකී ස්ථානයක් තෝරා ගන්න.
  • ඔබේ පියයුරු මෘදු ලෙස අතගාන්න.
  • ඔබේ බබාව සුරතල් කරන්න.
  • ඔබ නිවසින් බැහැරව සිටීනම්, ඔබේ බබා ගැන ආදරයෙන් සිතන්න.
  • මුලින් එරීම සෙමින්කරන්න.
  • ඉවසිලිමත්ව ඉන්න

ඔබට සුදුසු පියයුරු උපකරණයක් හෙවත් මව්කිරි දොවනයක් තෝරා ගන්නේ කෙසේද ?
ශ්‍රී ලංකාවේ දී හොඳ මව්කිරි දොවන උපකරණයක් ලබා ගැනීම පහසු නොවේ. මෙම උපකරණයක් මිළදී ගැනීමේදී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්න :
  • ජීවනරටාව
  • මෙම උපකරණයේ ස්වභාවය සහ ක්‍රියාකාරිත්වය
  • සවිශක්තිය
  • දරාගැනීමටහැකි පහසු මිලකින් යුක්තද
  • බලසැපයුම
  • ප්‍රමාණය
  • නඩත්තු කිරීමට පහසුද යන්න

මව්කිරි දොවන උපකරණ මිලදී ගැනීමට ඇති ස්ථාන
ශ්‍රී ලංකාවේ ජීවත්වන මවුවරුන්ට මව්කිරි දොවනයක් භාවිතා කිරීම තහනම් නොවේ. හොඳ මව්කිරි දොවනඋපකරණයක් (පොම්පයක්) මිලදී ගැනීම බොහෝවිට තමන්ගේ පහසුව වෙනුවෙන් කරන ආයෝජනයකි. 
ඔබ සුවදායක අත්දැකීමක් ලබා ගනීවි යයි අපි බලාපොරොත්තු වෙමු !

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK