WATCH Live CRICKET Select A Channel

23 July 2014

පවුලේ ප්‍රියතමයන්

FRA-750x420“ඇයි ඩිල්ෂාන් ඔයාට තවමත් ඔයාගේ සපත්‍තුවල ලේස් ගැට ගහන හැටි මතක තියාගන්න බැරි? ඇයි මම හැමදාම ඔයාට කියාදෙන්න ඕනෙද? මට මතකයි ඔයාගේ අක්කි නම් පලවෙනි සැරේ කියා දුන්නට පස්සෙ එයා හරියටම ලේස් ගැට ගහ ගත්ත!”
ශ්‍රී ලංකාවේ හැම නිවසකම වගේ පොදුවේ මෙම රංගනය සිදුවෙනවා! සහෝදර සහෝදරියන් අතර ඇතිවන තරඟය ඉපැරණි සිද්ධියක්. සහෝදර සහෝදරියන් එකිනෙකා පරදා දෙමාපියන්ගේ ඇස් ඉදිරියට ඒමට උත්සහ කිරීම පවුල් සංස්ථාවේ නොවැලැක්විය හැකි කාරණයක්.

විශේෂයෙන් අලුත් සාමාජිකයෙක් පවුලට එකතු වනවිට, තරුණ වයසේ සිටම එකිනෙකා අබිභවමින් දෙමව්පියන්ගේ විශේෂ සැලකිල්ල සහ ආදරය ලබා ගැනීමට  තරඟ කිරීම සාමාන්‍ය සිද්ධියකි. ශ්‍රී ලංකාවේ දරුවන් මුහුකුරා යනවිට මෙම තරඟය අධ්‍යාපනය ලබන විටදීද, සෙල්ලම් කරන විටදීද, සංගීත තරඟ වලදීද කැපී පෙනෙන ලක්ෂණයකි.  බොහෝ විට, දරුවන්ගේ මෙම තරඟයේදී, දෙමව්පියන්ගේ සැලකිල්ල සහ ආදරය වැඩියෙන් දිනාගන්නා දරුවෙකු පවුල තුල ඇතිවෙයි.
දරුවන් අතර මෙම තරඟය ඇති වීමට හේතු
  • දෙමව්පියන්ගේ ආකල්ප - ශ්‍රීලංකාවේ දෙමව්පියන්, එක සේ පවත්නා හෙවත් ඒකාකාරී ක්‍රියාවන් හෝ අදහස් පවුලේ සෑම දරුවෙකුගෙන්ම බලාපොරොත්තුවීම අතහැරියයුතුය. උදාහරණයක් වශයෙන්, සෑම දරුවෙකුගේම ඉගෙන ගැනීම, ක්‍රියාකාරී වීම හෝ වැඩීම එක හා සමානව සිදු වන්නේ නැත.  එසේ සිතුවහොත්, “ඇයි අක්කි වගේ වෙන්න බැරි?”   “මල්ලි වගේ වෙන්න බැරි ?”  කියා අසන්නට සිදුවෙයි.  එවිට එතැන අක්කි සහ මල්ලි අතර යම් ගැටළුවක් මතු වෙයි.
  • ලිංගභේදය -  සමාජයේ පොදුවේ පවතින ආකල්පයක් නම් පවුල තුල ඒකාකාරී ස්වභාවය හෙවත් ‘අම්මිගේ කොල්ලා’ සහ ‘තාත්තිගේ කෙල්ල’ යනුවෙන් දරුවන් ඉපදෙන්නටත් කලින් බෙදා ගැනීමයි. ලිංග බේදය අනුව දරුවන් වර්ග කිරීම හෝ බෙදා ගැනීම සිදු නොකිරීමට දෙමව්පියන් වග බලා ගත යුතුයි.

  • වයස - අවුරුදු අටත්, පහත් අතර දරුවන් එකට සෙල්ලම් කරති. නමුත්, වැඩිමලා අවුරුදු දහතුන සහ බාලයා අවුරුදු දහය ලබන විට මෙම සම්බන්ධය වෙනස් වේ.

  • පවුලේ ළමයාට ඇතිතත්ත්වය - පවුලේ ළමයාට ඇති තත්ත්වය ඉතා සුවිශේෂ ස්ථානයක් ගනී. එනම් පවුලේ වැඩිමලා බොහෝවිට දෙමව්පියන්ගේ බලාපොරොත්තුවල සහකරුවෙකු වන අතර, බාලයා වැඩිමලාගේ සෙවනැල්ලක් වෙයි.

දෙමව්පියන්ගේ ප්‍රියතමයා වීමෙන් ඇතිවන ඝට්ටනය
අද දවසේ මනෝවිද්‍යාව” නමැති සඟරාවේ දැක්වෙන පරිදි දෙමව්පියන් තමාගේ සහෝදරයෙකුට හෝ සහෝදරියෙකුට විශේෂ සැලකිල්ලක් හෝ ආදරයක් ලබා දෙයි නම්, දරුවාගේ මනසට දැනෙන අතිශය ප්‍රබල දේවල් කීපයක් ඇත. දෙමව්පියන් හැම විටම එක දරුවෙකුට වැඩියෙනුත්, අනෙක් දරුවෙකුට ස්වභාවික ලෙසත් ආදරය කරන්නේ නැත.
දරුවන් ඉතා පරීක්ෂාකාරී වන අතර, තමන්ට සාධාරණයක් හෝ අසාධාරණයක් වන විට, ඔවුන්ට ඉවෙන් මෙන් දැනේ. හැමවිටම ඔවුන් තමන්ගේ අඩුපපාඩුව කුමක්දැ’යි සොයා බලන්නටත්, තමන් වෙත දෙමව්පියන්ගේ අවධානය වැඩිපුර ලබා ගැනීමටත් වෙහෙසෙති. ශ්‍රී ලංකාවේ ළමුන් කුඩා කාලයේ සිටම තමන්ට අන් අයගේ අවධානය ලබා ගැනීමට වැරදි ක්‍රියාවල නිරත වීමටත්, ඉක්මනින් කෝපාවිෂ්ට වීමටත්, විනාශකාරී ක්‍රියාවල නිරත වීමටත් පටන් ගනිති. මේනිසා දරුවන් ප්‍රකෝපකාරී වීමටත්, සමාජය කෙරෙහි අමනාපයක් ඇතිකර ගැනීමටත්, සමාජයෙන් දුරස්ථ වීමටත් උත්සහ කරන බව දිගු කාලීනව බැලීමේදී පෙනෙන කරුණු වේ. එවිට දරුවාගේ ආත්මාභිමානය නැති වීම නිසා, ඔවුන් මත්පැන් පානයට, දුරාචාරයට,සාහසිකහැසිරීම් වලට පෙළබේ.
සිලෝන් ටුඩේ “අද ලංකාව” නමැති සඟරාවේ, මනුෂ්‍යයාගේ සංවර්ධනය උසස් කිරීමට අවශ්‍ය, නිවාරණය කළ යුතු දේ මොනවාද යන්න සොයා බැලීමේ  පර්යේෂණ මධ්‍යස්ථානයේ මහාචාර්යවරයෙකු වන මාර්ක් ෆීන්බර්ග් විසින් ලියූ කෙටි ලිපියක සඳහන් වනුයේ “රිනාත්මක අදහස් ඇති සොහොයුරු සොහොයුරියන් අතර ඇති සබැඳියාව ආක්‍රමනශීලීත්වයටත්, සමාජ විරෝධීභාවයටත්, සාපරාධී ක්‍රියාවලට පෙලබීමටත්, මත්පැන් වැනි ශරීරයට අහිතකර දේ පාවිච්චියට ගැනීමටත් පෙළබෙන  බවයි.
දෙමවුපියන්ට උපදෙස්
  • දරුවන් සංසංදනය කරන්න එපා. එක එක දරුවාගේ ශක්තීන් කෙරෙහි දෑස් යොමන්න.
  • සෑම දරුවෙක්ම විශිෂ්ටයි. එනිසා සැමට එකසේ සලකන්න.
  • නිවසට ඉටුවියයුතු යුතුකම් සලකාබලා, ගේ දොර වැඩ සඳහා කාල සටහනක් පිළියෙළ කර ගන්න. දරුවන්ට කල හැකි වැඩ කොටසක්, දරුවන් අතර බෙදා දෙන්න. එවිට සෑම ළමයෙකුටම වගකීමක් පැවරේ. මෙනිසා සෑම දරුවෙකුගෙන්ම තම නිවසට ලැබෙන දායකත්වය ඉස්මතු වී පෙනෙයි.
  • සෑම දරුවෙක් සමගම තනි තනියෙන් යම් කාලයක් ගත කරන්න. එවිට මව හෝ පියා එක එක දරුවා සමග අන්‍යෝන්‍යයව සම්බන්ධතාවයක් ඇති කර ගනී.
  • ධනාත්මක ශක්තිමත් චර්යාවක් සහ ක්‍රමවත් හැසිරීම් රටාවක් දරුවන් සමග ඇතිකරගන්න. උදාහරණයක් වශයෙන්, ධනාත්මක හැසිරීම් රටාවක් ඇත්නම්, එය සතුටෙන් සැමරිය හැක.
  • දරුවන් අතර ඇති සුළුසුළු ආරාවුල්, ඔවුනොවුන්ටම විසඳා ගැනීමට ඉඩ දෙන්න – කුඩා ගැටළු සහ ප්‍රශ්න විසඳා ගන්නා අයුරු දරුවන්ට කියා දෙන්න. මෙය ඔවුන්ට ගෙදරදී වගේම පාසැලේදීත් ප්‍රයෝජනවත් වේවි.

අයිලන්ඩ් ප්‍රවෘත්ති පත්‍රයේ දොස්තර බී. ජේ. සී. පෙරේරා මහතා ලියා තිබූ “විවිධ වයස් කාණ්ඩයන් තම පවුලේ එකට ජීවත්වීමේ අවශ්‍යතාවයට එකිනෙකාගේ පෞරුෂත්වය බලපායි” යන මාතෘකාව ය‍ටතේ ලියා තිබූ කෙටි ලිපියෙහි ඇත්තේ ද මෙම ප්‍රශ්නය සම්බන්ධ කරුණුය.
ඔබ නිවසේ ප්‍රියතමයන් සිටී ද? සාමාන්‍යයෙන් ඔබේ වැඩි සැලකිල්ල එක දරුවෙක් ලබා ගන්නවා ඇති. ඔබේ නිවසේදී ඔබ මෙම ප්‍රශ්නය විසඳගන්නේ කෙළෙසද?

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK