WATCH Live CRICKET Select A Channel

23 July 2014

මධු සමයෙන් ලැබෙන බබා??

bodas-cucas-fotografa-nupcial-novias-premams-994-int“පළමුව ආදරය. ඊට පසුව විවාහ මංගල්‍යය , ඊටත් පසුව ඔබ බබාගේ කරත්තය තල්ලු කරන්න …”
පාසැල් අවධියේ මෙම පද්‍ය පෙළ කියෙව්වා මතකද? හැමෝම සිතුවේ මේ විදියටම සියල්ල සිදු වේවි කියල. සමහර මව්වරුන්ට “විවාහයෙන්” පසු “බබාගේ කරත්තය තල්ලු කිරීම තමන් හිතුවටත් වඩා ඉක්මනින් සිදු වෙනවා. මෙය ඔබට හුරු පුරුදු සාමාන්‍ය දෙයක්ද? ඔව්, අද අපි කතා කිරීමට යන්නේ ශ්‍රී ලංකාවේ මධු සමය නිම වූ විගස ලැබෙන බබාලා ගැනයි.

බබෙක් ලැබීමට…..?
ශ්‍රී ලංකා බොහෝ අඹු සැමියන් එයාලගේ යුග දිවියේ යම් සන්ධි ස්ථානයකදී, බබෙක් බලාපොරොත්තු වෙනවා. කීප දෙනෙක්, එයාලගේ විවාහය නිම වූ වහාම බබෙක් බලාපොරොත්තු වෙනවා. සමහර අඹු සැමියන් බබෙක් පිළිසිඳවා ගැනීමට බොහෝ වෙහෙසෙන නිසා, මධු සමය සමඟම බබෙක් පිළිසිඳ ගැනීම පිළිබඳව සමහරුන් ඉතා සතුටට පත් වෙනවා. විශේෂයෙන් ඔවුන් අවුරුදු තිස් ගණන්වල හෝ ඊට වැඩි වයසකින් යුක්ත නම්, එයාලා ඉක්මනින්ම බබෙක් හදා ගැනීමට පෙළබෙනවා.
ශ්‍රී ලංකාවේ ඔබේ මධු සමය අවසන් වනවාත් සමඟම බබෙක් පිළිසිඳ ගැනීමෙන් වන වාසි  :
  • ආදරයේ ජීව සලකුණ :  විශේෂයෙන් ඔබ දෙපළ එක්ව සිටින නැවුම් දින කීපය තුල බබෙක් පිළිසිඳ ගැනීම ජීවිත කාලයේම ලැබෙන ආශීර්වාදයක් වෙනවා

  • ප්‍රාථමික කායික තත්වය :  ඔබේ විශේෂ  දවසට ලස්සනට සිටීමට ඔබ ඉතා හොඳ, ගුණවත් ආහාර සහ ව්‍යායාම කර හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීම නිසා දරු පිළිසිඳ ගැනීමකට මුහුණ දීම සඳහා ඔබ හොඳ නීරෝගී කායික තත්ත්වයකින් සිටීම

  • ඥාතීන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්න වලින් තොරව සිවීමට ඇති  හැකියාව  :  ඔබ විවාහයෙන් පසු ඔබේ ඥාතීන්ව මුණ ගැසීමට යන අවස්ථාවලදී, ඔබේ වයසක නැන්දා  කෙනෙකුගෙන් “අනේ ඔය දෙන්න කවදද බබෙක් හදන්න බලාපොරොත්තු වෙන්නේ?”   යන ප්‍රශ්නය නිසා හදිසි කෝපයක් ඇති කර ගත යුතු නොවේ.

….. එසේ නැතහොත් දැන්මම බබෙක් හදා නොගන්නවාද?
මධු සමය නිම වීමත් සමඟම බබෙක් පිළිසිඳ ගැනීම නිසා නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවෙන අවස්ථා ද ඇත.
  • මුදල් ප්‍රශ්න :  අලුත විවාහ වූ තරුණ අඹු සැමියන්ට වියදම් කිරීමට බොහෝ දේවල් ඇත. ඔවුන්ගේ ඉතිරි කිරීම් ඇත්තේ ස්වල්පයකි.  ඔබේ නව පවුලට අලුතෙන් තුන් වෙනි සාමාජිකයෙක් එක්වීම, සෑමවිටම විශාල මුදල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වීමකි.

  • අපි දෙදෙනාට “අපි” වෙනුවෙන් ඇත්තේ 9 මාසයක් පමණි :  ඔබ ඔබේ ස්වාමියා සමඟ බොහෝ කාලයක් ආදරයෙන් වෙලී සිට විවාහ වූවත්, විවාහය යනු විශාල පියවරකි. එහි අරුත නම් දෙදෙනෙක් එකට එකතු වී, එක වහලක් යට විසීමට පුහුණු වීමකි. විශේෂයෙන් ඔබ දෙදෙනා විවාහ වූයේ යෝජනාවකින් නම් ඔබ දෙදෙනාට එකිනෙකා ගැන දැන ගත යුතු දේ බොහෝ ඇත. එයට යම් කාලයක් අවශ්‍ය වේ. විවාහයෙන් පසු පළමු මාස කීපය තුල සතුටුදායක විවාහයකට අඩිතාලම දැමීමට ඉතා වැදගත් කාර්යභාරයක් කිරීමට සිදුවන කාලයකි. මෙම අවස්ථාවෙන් කොටසක් ඔබ මානසික හෝ ශාරීරික වැටීමකට ලක් වීමට කැමති නොවේ.

  • මානසික පීඩාව :  ඔබ මධු සමය අවසාන වනවාත් සමඟම බබෙක් බලපොරොත්තු නොවූ නා නම්, එවිට ඔබ “මනමාලියගෙන්” පසු “මවක්” වීමට මෙතරම් ඉක්මනින් සිදුවීම ගැන කම්පනයකට පත් විය හැක. මෙහි ප්‍රතිපලය විය හැක්කේ ඔබ කැළඹීමකට පත් වී, ඔබේ සැමියා සමඟ අනවශ්‍ය දබර කිරීමකට මුල පිරීමක් ඇති කර ගැනීමත්, මානසික ආතතියකට පත් වීමත්ය. මෙම තත්ත්වය  කෙසේ  සමථයකට පත් කර ගත හැකිද කියා වැඩි විස්තර දැන ගැනීමට  “බලාපොරොත්තු රහිත පිළිසිඳ ගැනීමකට කෙසේ මුහුණ දිය යුතුද?” යන මාතෘකාව යටතේ ඇති අපේ ලිපිය කියවන්න.

ඉදිරි සැලැස්ම
ඔබත්, ඔබේ සැමියත් මධු සමයේදීම බබෙක් පිළිසිඳ ගැනීම බලාපොරොත්තු වේනම්, මම්ස්කෙයාර් ඔබ දෙදෙනාට ශ්‍රී ලංකාවේ ඉතා සතුටුදායක මධුසමයක්  සහ ඉක්මනින් බිලිඳු සුරතල් බැලීමට ලැබේවා කියා ප්‍රර්ථනා කරමු!
ඔබ ඉක්මන් දරු උපතක් බලාපොරොත්තු නොවූවා නම්, එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිදුවීමකි. බොහෝ අඹු සැමියන්, විශේෂයෙන් දුෂ්කර පළාත්වල ජීවත්වන අඹුසැමියන්, දරුවන් පිලිසිඳ ගැනීම පාලනය කිරීමේ නව ක්‍රම සහ පවුල් සංවිධාන ක්‍රම – උදාහරණ වශයෙන් උපත් පාලන කොපු සහ අනවශ්‍ය දරු උපත් පාලන කිරීමේ උපත් පාලන බෙහෙත් පෙති ගැන නොදනී. එක්සත් ජාතීන්ගේ සංගණනයක් අනුව, ශ්‍රී ලංකාවේ 65% ක් පමණ අඹු සැමියන් උපත් පාලනය කිරීමේ ක්‍රම අනුගමනය කලත්, ඉන් ක්‍රමවත් සහ ස්ථීර නව ක්‍රම භාවිතා කරන්නේ 50% ක් පමණි.
ඔබේ ඉතා විශිෂ්ට දවස ළඟදී ඇත්නම්, වෛද්‍ය වරයෙකු, වින්නඹු මාතාවක් හෝ පවුල් සංවිධාන විශේෂඥ වරයෙකු සමඟ පවුල් සංවිධානය පිලිබඳ සාකච්චා කරන්න. පවුල් සංවිධානය ගැන ලියා ඇති ලිපි කියවන්න. ඔබගේ නව කැදැල්ල පුරා ආදරය දෙගුණ වීමට සහ සතුට මුසු  බිලින්දෙකුගේ කිරි සුවඳ ගලා යාමට අවශ්‍ය කාලය තීරණය කිරීමට ඔබ සහ ඔබේ සැමියා දැනුවත් වන්න!

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK