WATCH Live CRICKET Select A Channel

23 July 2014

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් හදා වඩා ගන්නා අයුරු

downs2ඇමරිකාවේ සිටින ඒරිඈන් මගේ පෑනේ මිතුරියකි. ඇය නිතර ඇගේ යහළුවන්ට ලිපි ලියනවා. ඇය සංගීතයට හරිම කැමතියි. ඒ වගේම සමාජීය ක්‍රියා වලටත් ඇය ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන අතර, බේස් බෝල ක්‍රීඩාවේ නිරත වෙනවා. ඇය වෙළඳ සහයිකාවක් වශයෙන් රැකියාවක් කරයි. ඒරිඈන් ඉපදුනේ  “මොන්ගෝල් භාවය” හෙවත් මොලයේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් ඇතිවයි. නමුත් නියම සැලකිල්ලත්, හොඳ පහසුකමුත් නිසා, ඇය අනිත් සාමාන්‍ය අය මෙන් නිදහස් සහ සම්පුර්ණ ජීවිතයක් ගත කරයි.

විශේෂ අවශ්‍යතා ඇති ළමුන්ව නිදහස් වැඩිහිටියන් ලෙසට ගෙන ඒමට හැකි බව ඒරිඈන්ගේ නිදසුන අපට පෙන්වා දෙයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ විශේෂ සැලකිල්ලත්, උදවුවත්, පහසුකමුත් පමණි. ශ්‍රී ලංකාවේ ජීවත්වන විශේෂ අවශ්‍යතා ඇති අපේ ළමුන්ට උදවු කිරීමට මෙවැනි කතාවන්ගෙන් අපි ප්‍රබෝධයට පත් වන්නේ කෙසේද?
විශේෂ අවශ්‍යතා ඇති ළමුන් කවුරුද?
පොදුවේ කිව හැකි අර්ථ විග්‍රහයක් මෙයට නැත. මෙය පොදුවේ භාවිතා කරනුයේ ශාරීරික දුබලතාවයන් ගෙන් යුක්ත ළමුන්ටය. නිධන්ගත රෝග (අපස්මාරය, ඇදුම සහ සහජ විරූපනය) ඉගෙනගැනීමේ දුෂ්කරතා (වචන අන්ධතාවය, හැසිරීමේ හෝ මානසික රෝගී භාවයන්) මානසික ආතතිය සහ වැඩීමේ ආබාධ  (එනම් කුරු භාවය)  (ආත්මානුත්වය හෙවත් ඔටිසම් තත්වය සහ  මොන්ගෝල් භාවය) ආදියයි.
ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා හෙවත් විශේෂ සැලකිලි අවශ්‍ය ළමුන්ට මුහුණ දීමට සිදුවන අභියෝග
මෙම විශේෂ අවශ්‍යතා ඇති ශ්‍රී ලංකාවේ ළමුන් මුහුණ දෙන විශාලතම හේතු සහ අපි ඉතාමත් ඉක්මනින් පියවර ගත යුතු කරුණු තුන නම් :
  • එම රෝගීභාවය ගැන ඇති අඩු දැනුවත්කම
බොහෝ දෙමවුපියන් තම දරුවන්ට විශේෂ සැලකිල්ලක් අවශ්‍ය බව නොදැනීම. හේතුව මෙම ළමුන්ගේ අඩුපාඩු ඉක්මනින් නොපෙනීම. උදාහරණයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ අපි ආත්මානුත්වය පිලිබඳ වැඩිපුර අසා නැත. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ළඳරුවන්ගෙන් 93 දෙනෙකුගෙන් එක අයෙකුට ආත්මානුත්වය නමැති රෝගය ඇති බව ඇස්තමේන්තු කර ඇති බව ඔබ අසා තිබේද? තමාගේ දරුවා පන්තියේ පහතට වැටී ඇත්තේ ඔහුට හෝ ඇයට වචන අන්ධතාවය ඇති නිසා බව ඔවුන්ගේ දෙමවුපියන් නොදනී. අනිත් දෙමවුපියනුත් තමන්ගේ දරුවා, ශ්‍රී ලංකාවේ  අන් බොහෝ දරුවන්ට ඇති ආත්මානුත්වයෙන් පෙලෙන බව නොදනිති.
  • සමාජ අප කීර්තිය
සමහර දෙමවුපියන් අන් අයගෙන් මේ සම්බන්ධව උදවු ඉල්ලීමට ලජ්ජා වෙති. එයට හේතුව සමාජ අපකීර්තියට ඇති බිය නිසාය. ශ්‍රී ලංකාවේ සිටින විශේෂ සහය අවශ්‍ය ළමුන් එම දෙමවුපියන් විසින් පාසල් නොයවා, නිවසේ සඟවා තබා ගෙන සිටිති. ඔවුන් එසේ කරන්නේ දරුවාට අවමන් කර, පවුලේ අයගේ අවාසනාව හෝ කර්ම විපාක කියා එම පවුලට අවලාද නගයි යන බිය නිසාය. ඒ වාගේම බොහෝ දෙමවුපියන් දරුවන්ට කාලයක සිට පවතින මානසික ආතතිය හෝ හැසිරීමේ වෙනසක් ඇත්නම්, විශේෂඥයන්ගේ උදවු ලබා ගැනීමට නොපෙලබෙන්නේ සමාජ අපකීර්තියට බියෙනි.
  • සම්පත් හෝ ධනය නැතිකම
ශ්‍රී ලංකාවේ පාසැල් වලින් මෙම ආබාධ ඇති ළමුන්ට ඉගැන්වීමට විශේෂඥ දැනුම ඇති ගුරුවරුන් හෝ පහසුකම් ඇති පාසැල් ඇත්තේ ඉතා ස්වල්පයකි.  නගරබද මෙම පාසැල් කීපයක් ඇතත්, ගම්බද පළාත්වල මෙම පාසැල් නොමැත. ශ්‍රී ලංකාවේ අඩු අදායම් ඇති පවුල්වල ළමුන් මුදල් ප්‍රශ්න නිසා, මෙම ළමුන්ට අවශ්‍ය සැලකිල්ල සහ පහසුකම් නොමැති කමින් පෙළෙති.
  • ඉදිරියට යාම
මෙම ප්‍රශ්නය කොතෙක් බරපතල ප්‍රශ්නයක් වුවත්, මෙම දරුවන්ගේ දෙමවුපියන් පොදු ප්‍රශ්නයන්ට මුහුණ දෙති. එනම් මෙම දරුවන්ව හොඳින් බලා ගන්නා සාත්තු කාරයන් සහ අවශ්‍ය පහසුකම් සැපයීමට ඇති අපහසුව, සමාජ පිළිගැනීමක් මෙම දරුවන්ට ලබාදීමට ඇති නොහැකියාව, ළමයින්ගේ නිදහස් අනාගතය සැලසුම් කිරීමට ඇති අපහසුව සහ විවිධ  බලාපොරොත්තු සහ විවිධ මාර්ග සැලසීමට ඇති අපහසුකම ඉන් කීපයකි. ඔබ විශේෂ අවශ්‍යතා ඇති ළමයෙකු හදා වඩා ගැනීමට වෙහෙසෙනවානම්, එවැනි දරුවන් ඇති අනෙක් දෙමවුපියන් සහ එක්වීම ඉතා අනර්ඝ අදහසකි. එය ඔබට ශක්තියක් සහ ප්‍රබෝධයක් ලබා දෙනවා පමණක් නොව, ප්‍රයෝගික කරුණු සහ අවවාද ලබා දෙයි.
විශේෂ සැලකිලි හෙවත් විශේෂ අවශ්‍යතා ඇති ළමුන් හඳුනාගන්න. ඒ ගැන කරුණු පොත්පත් වලින් හෝ අන්තර්ජාලයෙන් හදාරන්න. ප්‍රවීනයන්ව හමුවී ඒ ගැන සාකච්චා කරන්න. ඔබේ දරුවාට ඉහත සඳහන් රෝගී තත්වයන් ඇති නිසා, ඔහුව හෝ ඇයව සමාජයට අවශ්‍ය කරන වටිනා සහ විශේෂ හැකියාවන් ඇති අයෙකු සේ ඉදිරිපත් කිරීමට බැරි කමක් නැත.
ඇල්බර්ට් අයින්ස්ටයින් නමැති මිල කල නොහැකි වටිනා විද්‍යාඥයා ඉගෙන ගැනීමේ දුෂ්කරතාවයකින් පෙළුණු කෙනෙකි. නමුත් ඔහු ලෝකයේ ඉහලින්ම පිළිගත් අසහාය විද්‍යාඥයෙකු කිරීම, මෙම අඩුපාඩුව බාධකයක් නොවුනි.
නියම මාර්ගෝපදේශකත්වය, නැගී සිටීමට ආධාර කිරීමෙන් සහ උනන්දු කිරීමෙන්, ශ්‍රී ලංකාවේමොන්ගෝල් භාවය ඇති ළමුන්ට හෝ වැඩීමේ අබාධ ඇති   විශ්වාසයෙන්, ප්‍රබෝධයෙන් සහ නිදහස් වැඩිහිටියන් වශයෙන් අනෙක් සියලු දෙනා සේ වැඩීමට හැකියාව ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ එයාලාව එම තත්වයෙන්ම පිළිගැනීමත්, සමාජයේ සිටින අන් අය සහ සමානව ඔවුන්ට ක්‍රියාකාරී වීමට ඉඩ සලසා දීමත්ය

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK