WATCH Live CRICKET Select A Channel

30 July 2014

ඇමරිකන් හොරුන් මයුරගේ සිහිනය සැබෑ කරයි

ඇමරිකන් හොරුන් මයුරගේ සිහිනය සැබෑ කරයි
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ UFC (Ultimate Fighting Championship) නැමති මෙම සමාගමේ සභාපති, ධනා වයිට් මයුර සොරුන්ට පහර දුන් ආකාරය වර්ණනා කරමින් කතා කර තිබෙන බවයි.
“ඔහු සටන් කළ ආකාරයට මම කැමතියි. ආදරෙයි. මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කලාව යනු ලොව පුරාම අවධානය දිනාගත් අළුත් සටන් කලාවක්.“ යනුවෙන් මයුරගේ විශ්මිත ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ධනා වයිට් පවසා තිබේ.
UFC (Ultimate Fighting Championship) සමාගම ඇමරිකාව පදනම් කරගත්තක් වන අතර එය විසින් ලොව පුරා ආත්මාරක්ෂක සටන් කලා ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කරයි.
ශ්‍රී ලංකාවේ මිශ්‍ර ආත්මාරක්ෂක සටන් ශූරයෙකු වූ මයුර අදහස් දක්වමින් පවසා තිබෙන්නේ සොරුන් ළඟ පිහි හෝ තුවක්කු තිබුණාදැයි තමන් තැකීමක් නොකළ බවයි.
මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කලාවෙන් බොහෝ දුර යාමේ අධිෂ්ඨානය ඇතිව තමා ඇමරිකාවට පැමිණි බව මයුර මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ මෙසේයි.
“මට UFC සමග එක්වීමට අවශ්‍යයයි. ඒක මගේ සිහිනයක්. මම ඇමරිකාවට ආවේ එවැනි බලාපොරොත්තුවක් ඇතිවයි.“

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK