WATCH Live CRICKET Select A Channel

23 July 2014

ශ්‍රී ලංකාවේ ආයතන වලින් මාතෘත්වය වෙනුවෙන් ලබා දෙන නිවාඩු

Maternity-Leave-in-Sri-Lanka-2
“සුබ පැතුම් අනෝමා!” කියමින් මගේ මිතුරු මිතුරියන් සතුටින් කෑ කෝ ගසන්නට පටන් ගත්තා. 

නමුත් මගේ ප්‍රධානියා ඇහුවේ “කවුද පාරිබෝගිකයන්ගේ ගිණුම් හසුරු වන්නේ ?” කියලයි. එතනින් පසු සියල්ල අවිනිශ්චිත උනා. රැකියාව කරන විට මගේ ප්‍රයත්නය දෙගුණ කරන්න උනා. සෑම විටම මට උදේට ඇතිවන අපහසුතාවයට මුහුණ දෙමින් රැකියාවේ නිරත වීමට සිදු උනා!”

මාතෘත්වය වෙනුවෙන් ලබා දෙන නිවාඩු යනු මොනවාද?
ශ්‍රී ලංකාවේ රැකියා වල නියුතු කාන්තාවන්ට ඔවුන් මාතෘත්වයට පත්වනවිට නැතහොත් බබාලා ලැබෙන විට දෙන පඩි සහිත නිවාඩුයි.
පියවරුන් ගැන කතා කිරීමේදී, ඔවුන් පියෙක් වීමේදී ලබා ගන්නා නිවාඩු ඉතා කෙටි වේ. කෙසේ නමුත්, මෙවැනි විශේෂ අවස්ථාවන්හිදී පියවරුන්ටත් යම් ප්‍රමාණයකට රැකියා ස්ථානයෙන් යම් සහනයක් ලබා ගත හැක. එම නිසා පියාටත් අම්මාගේ වැඩට යම් පමණක සහයක් සහ මානසික පිටුවහලක් ලබා දිය හැක.

මේ සඳහා නිවාඩු ඉල්ලිය හැක්කේ කෙසේද? කවදාද?
සමහර කාන්තාවන් ගර්භනී භාවය ලබා මාස 7 – 8 ක දීත්, සමහරුන් බබා ලැබෙන්නට යනතෙක් මෙම නිවාඩු ඉල්ලීමට කාලය ගනී. ඔබේ ප්‍රසව සහ නාරී විශේෂඥ වෛද්‍ය වරයාගෙන් ඔබට බබා ලැබෙන නියමිත කාලය අසා දැන ගන්න. එවිට ඔබට අවශ්‍ය නිවාඩු අනුමත කර ගැනීමට අවශ්‍යම කාලය නිගමනය කල හැක.
ඔබේ රැකියාවේ ඔබට ඇති වැඩ කොටස පිළිබඳව නිසි සැලැස්මක් සාදා ගන්න
ඔබේ රැකියා ස්ථානයේ ප්‍රධානියා සමඟ එකිනෙකාට සුදුසු පරිදි කතා කර ගෙන වැඩ සැලැස්මක් සාදා ගන්න. ඔබ නිවාඩු ගැනීමට මාසයකට හෝ සති දෙකකට ප්‍රථම ඔබට තාවකාලිකව සහයට කෙනෙක් ඉල්ලන්න. එවිට ඔබේ වැඩ කොටස නිසියාකාරව වෙනත් කෙනෙකුට කියා දීමටත්/බාර දීමටත්, තවමත් යම්කිසි ප්‍රශ්න ඇත්නම් ඒවා විසඳීමටත් ඔබට හැකියාව ඇත. ඔබේ වැඩ කොටස සම්බන්ධයෙන් සටහනක් සාදා, එහි කොපියක් ඔබේ ප්‍රධානියාට දෙන්න. එවිට ඔබ නැවත රැකියාවට එනවිට ඔබට එය ප්‍රයෝජනවත් වේවි.
ප්‍රධානියා කුමක් සිතාවිද?
මාතෘත්වය වෙනුවෙන් ලබා දෙන නිවාඩු වෙනුවෙන් දෙන වැටුප අමතර දෙයක් ලෙසත්, ව්‍යාපාරය විශාල අවදානමක ඇති බවත්, ඔබ නැවත රැකියාවට පැමිනෙයි ද, නැද්ද යන සැකයකුත් ඔබේ ප්‍රධානියාට මතු විය හැක.
මාතෘත්වය සඳහා ලබා දෙන නිවාඩු සම්බන්ධයෙන් ඇති නීතිමය කරුණු
මාතෘත්ව ප්‍රතිලාභ ආඥා පනතේ (MBO) සටහන් වන පරිදි, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල කාන්තාවන්ට අයත් නිවාඩු සංඛ්‍යාව පහත සඳහන් වේ:
  • සම්පුර්ණ වැටුප සහිතව දින 84
  • තවදින 84ක් වැටුපෙන් භාගයක් සහිතව
  • ඊට අමතරව තවදින 84ක් වැටුප් රහිතව

දරුවන් කී දෙනෙක්ද කියා සීමාවක් නැතිව මෙම නිවාඩු ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ සාප්පු සහ කාර්යාල සේවක ආඥා පනත අනුව මෙම නිවාඩු ඇත්තේ මෙලෙසයි :
• පලවෙනි ජීවමාන බබාලා දෙන්නට දින 84
• තෙවෙනි සහ ඊට පසු බබාලාට දින 42
වතු කම්කරුවන්ව ඔවුන්ට හැකි ඉක්මනින් වැඩට ඒමට උනන්දු කරවයි. එයට හේතුව ඔවුන්ගේ බබාලාව බලා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දී ඇති නිසයි.
මාතෘත්වය වෙනුවෙන් ලබා දී ඇති නිවාඩු වලින් ලැබෙන ප්‍රයෝජන
• ඔබේ බබාව වැඩෙන අයුරු බලා ගත හැක.
• ඔබේ බබා සමඟ සතුටු වෙමින්, ඔවුන් සමඟ බැඳීමකින් සහ ඔවුන්ට හොඳ දේවල් උගන්වමින් සිටිය හැක.
• බබාව බලා ගැනීමට වෙනත් කෙනෙකුට ගෙවිය යුතු මුදලෙන් නිදහස් විය හැක.
• ප්‍රධානීන් සමඟ සාකච්චා කරගෙන, දිගු කාලයක් වැටුප් සහිත නිවාඩු සතුටින් බුක්ති විඳිය හැක.
මාතෘත්වය වෙනුවෙන් දෙන නිවාඩු වලින් ලැබෙන අහිතකර බලපෑම්
• රැකියාව අහිමි වීමට ඉඩ ඇත.
• ප්‍රධානියාගේ සහ කාර්ය මණ්ඩලයේ තමන් පිළිබඳ ඇති ආකල්ප වෙනස් විය හැක.
• නැවත රැකියාවට යාමට තමන්ට කලකිරීමක් ඇති විය හැක.
• හුදකලා භාවයක් ඇති විය හැක.
නැවත රැකියාවට යාමේදී මවකට මෙසේ චිත්තවේගයක් ඇති වීම ස්වාභාවිකය. මගේ මාතෘත්ව නිවාඩු කාලයේදී මට ඇතිවූ හැගීම් මේවායි. නමුත්, මගේ දරුවා සමඟ කාලය ගත කිරීම ගැන මම කිසිවිටෙකත් කණගාටුවට පත් නොවුනෙමි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK