WATCH Live CRICKET Select A Channel

23 July 2014

අලුතින් උපදින ඔබේ බිලිඳාට ඔබේ වටපිටාව සාදා ගන්න අයුරු

Preparing-A-Suitable-Environment-For-New-Born.Baby-2
රුවනි තමාගේ ඉදිරියට නෙරා තිබෙන උදරය ගැන ආදරයෙන් සිතමින්, බබාව තම දෝතින් ඔසවා ගැනීමට තව මාස දෙකයි තිබෙන්නේ කියල සිහින මවයි. නමුත් ඇය කලබලයි. 

මොකද ඇය දන්නේ නැහැ අගේ කුළුඳුල් බිලිඳා වෙනුවෙන් පරිසරය සැකසිය යුත්තේ කෙසේ ද? 

කොතනින් පටන් ගත යුතුද කියා. ඇගේ නිවස ඒ සඳහා ආරක්ෂිතද ?  
බිලිඳා මෙහි සිටීමට කැමති වේවිද? ඇයට අවශ්‍ය සියලු දේ මෙහි තිබේද?

බිලිඳාව රැක බලා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම
ශ්‍රී ලංකාවේ පළමු බබා බලාපොරොත්තු වෙන අම්මලාට බබා වෙනුවෙන් සුදානම් වීම මහත් ගැටළුවක් වේ. බොහෝ ආරෝග්‍ය ශාලා ඔබට අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවක් ලබා දීම සතුටෙන් කරාවි. නමුත් බිළිඳාගේ භෞතික සහ මානසික අවශ්‍යතා කවරේද?
බිලිඳාව  රැක බලා ගැනීමට අවශ්‍ය වටපිටාව :  නින්ද, ආහාර, සැප පහසුව සහ රැකවරණය
අනෙක් සමාජවල බබාලාට වෙනම කාමරයක් ලබා දීමට සැලසුම් කලත්, ශ්‍රී ලංකාවේ ගැබිණි මාතාවන් කැමති වන්නේ තම බිලිඳාව තමන්ගේ නිදන කාමරයේම තොටිල්ලක තබා ගැනීමටය.
බබාගේ  සැප පහසුව වෙනුවෙන් ඉතා ප්‍රසන්න, ශාන්ත පරිසරයක්  සහ ආරක්ෂාවෙන් යුතු වෙනම කාමරයක් හෝ තමාගේ නිදන කාමරය සකස් කිරීම ඉතා වැදගත් අංගයකි.
  • බබාට කිරිදීම සඳහා සැපපහසු පුටුවක් කාමරයේ මුල්ලක තබන්න.
  • බබාව නැලවීම සඳහා කාමරයේ කොටසක්, ලස්සන ප්‍රසන්න තිරරෙදිවලින් වටකරන්න.
  • කාමරය ශබ්දවලින් තොර විය යුතුයි.
  • බබාගේ තොටිල්ල ජනේලවලින් ඈත්ව, සිසිල් ස්ථානයක තැබිය යුතුයි.
  • තොටිල්ලේ තිර රෙදි ඇසට ප්‍රිය, තද පාට වලින් යුක්ත විය යුතුයි.
  • බබා නින්දෙන් ඇහැරුනවිට සංඥාකිරීමට සංඥාමාපකයක් කාමරයේ තබන්න.

ශ්‍රී ලංකාවේ බිලිඳාගේ රැකවරණය සහ ආරක්ෂාව
ඉපදුන වහාම බිලිඳුන් එතරම් ක්‍රියාකාරී නොවේ. නමුත් යාන්තම් ඇවිදීමට පටන් ගත් ළඳරුවා ඉතා ක්‍රියාකාරී වේ. බිලිඳා ඉපදීමට ප්‍රථම ඔබේ නිවස බබාලට අනතුරුදායක නොවෙන බව තහවුරු කර ගන්න. මේ පිළිබඳව විශේෂඥ උපදෙස් වැඩිදුරටත්, මම්ස්කෙයාර් ප්ලස් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
ශ්‍රී ලංකාවේ නිවෙස් බබාලාට අනතුරු දායක නොවෙන ලෙස පරීක්ෂා කිරීමෙන් බබාලාට නිවසේදී වන අනතුරු අවම කර ගත හැක.
  • බබාගේ තොටිල්ල ශක්තිමත්දැ’යි පරීක්ෂා කරන්න. තවද, බබා නැගිටීමට පටන් ගන්නා විට, එය පහත් කිරීමට හැකි විය යුතුයි.
  • වැඩිපුර කොට්ට තබන්න එපා. එය බිළිදාගේ මරණයට පවා හේතු විය හැකියි.
  • බබාව නෑවීමට ශක්තිමත් බේසමක් සහ ලිස්සනසුළු නොවෙන කලාලයක් තබන්න. මෙම කලාලය බබා ලිස්ස යාමෙන් වලක්වන එකක් වියයුතුයි.  මෙයට ඉතා සුදුසු කලාලයක් විද්‍යුත් සාප්පුවෙන්, එහි ඇති විශාල පරාසයකින් යුත් නොයෙකුත් මාදිලියේ කලාල වලින් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැක. තවද ඔබේ පහසුව පරිදි එය ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
  • බබාට අවශ්‍ය මෙවලම් සියල්ල, බබාගේ ඉනවටා ඔතොන වැස්ම(nappy) මාරුකරන ඇඳ හෝ මේසය මත තබාගන්න.  බබාව මෙම අවස්ථාවේදී, ඇඳ හෝ මේසය මත තනියම තබානොයන්න.

ගමන් බිමන් යෑම
ඔබ ගෙදරින් පිට ගමනක් යාමේදී, හදිස්සි අවස්ථාවකට මුහුණ දීම සඳහා ඔබේ දෑත නිදහසේ තබා ගැනීමට අවශ්‍ය නිසා, බබාව ගෙන යාමට ආධාරකයක් තබාගන්නඑය ඔබට මම්ස්කෙයාර් විද්‍යුත් සාප්පුවෙන් මිළ දී ගත හැක. තවද, එය ඔබේ මෝටර් රථය තුල බබාව ආරක්ෂා සහිතව තබා ගැනීමට ද උපකාරී වේ.
බබාගේ නීරෝගී බාවය රැක ගැනීම සඳහා පිළියෙළ වීමට අවශ්‍ය කරුණු
  • ළමා විශේෂඥ දොස්තර මහතා
ශ්‍රී ලංකාවේ කුළුඳුල් බබා ලැබීමට ඉන්නා මවුවරුන් යහළුවන්ගෙන් සහ නෑදෑයන්ගෙන් අසා බබාළාව හොඳට පරීක්ෂා කරන සහ බබාලා සමඟ ඉතා ළඟ සම්බන්ධකම් ඇති, තමන්ට අවශ්‍ය දේ  හොඳින් කතා කරන්න වෙලාව තියෙන, හොඳ ළමා වෛද්‍යවරයෙක් තෝරාගන්න.
  • බෙහෙත් එන්නත් කිරීම් 
ආරෝග්‍ය ශාලාවෙන් බබාව ගෙදර ගෙන යාමට පෙර බබාට බී.සී.ජී එන්නත විඳිනවා. බබාට විඳිය යුතු එන්නත් වර්ග සහ ඒවා බබාට ලබා දීමට අවශ්‍ය වයස, මාස කීයෙදීද ආදී වශයෙන් විස්තර සහිත කාඩ් පතක්ද ඔබට ලබා දෙනවා. තවද ඔබ බබාව මාසිකව ළමා විශේෂඥ දොස්තර මහතා වෙත ගෙනියන හැම වාරයකදීම, බබාගේ බර සහ උස පරීක්ෂා කළ යුතුයි.
බිලිඳා ඔබේ ගර්භාෂය තුල සැප පහසුවෙන් සිට පිටතට එන විට ඔහුට හෝ ඇයට අලුත් පරිසරයකට පුරුදු වීමට නිසි මඟ පෙන්වීමක් සහ ඔබ සමඟ ස්ථිර බැඳීමක් අවශ්‍ය කරනවා.  ශ්‍රී ලංකාවේ සියලු ගර්භනී මවුවරුන්ට සතුටුදායක සහ කාලයට ඔබින ලෙස නිසි පිළිවෙලට බබාට සුදුසු ලෙස පරිසරය සකසා ගැනීමට සුභ පැතුම්!

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK