WATCH Live CRICKET Select A Channel

01 December 2014

සිතිවිලි බලයෙන් පණිවිඩ යවයි

සිතිවිලි බලයෙන් පණිවිඩ යවයි
   
සැතපුම් දහස් ගණනක් ඈතින් සිටිය ද චිත්ත තරංග පමණක් භාවිතයෙන් අදහස් හුවමාරුකැර ගත හැකියැයි නවතම පර්යේෂණයකින් හෙළිවී ඇත. 

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයක සිටි ආචාර්ය මයිකල් බර්ග් මහතා සහ ඉන්දියාවේ කේරලයේ පර්යේෂණාගාරයක සිටි ස්පාඤ්ඤ ජාතික විද්‍යාඥයකු වූ ආචාර්ය ඇලියන්ද්‍රෝ රියේරා අතර මේ සන්නිවේදනය සිදුකැරිණි.

විද්‍යාඥයන් දෙදෙනාට කිසිදු සන්නිවේදන උපකරණයක් නොතිබූ අතර ඔවුන්ගේ ඇස් බැඳ දමා කන් වසා තිබිණි.

සැතපුම් 4600ක් ඈතින් පිහිටි මේ විද්‍යාගාර දෙකේ සිටි විද්‍යාඥයන් දෙදෙනා තමන සිතිවිලිවලින් අදහස් නිවැරදිව හුවමාරු කරගෙන තිබුණේ පුදුම සහගත ආකාරයෙන් බව ඒ පිළිබඳ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ කිසිදු විද්‍යුත් උපකරණයක් භාවිතයෙන් තොරව මොළයකින් මොළයකට පණිවිඩයක් යැවිය හැකි මේ ආකාරය තවදුරටත් පරීක්ෂාවට ලක්කළ යුතු බවයි. 

මනෝමය සන්නිවේදනය ගැන ආචාර්ය නලින් සිල්වා මහතා වැනි බෞද්ධයින් දොරමඬලාව වැනි වැඩසටහන් වලදී පවසද්දී මෑතක් වෙන තුරුම බටහිර මානසික විද්‍යාඥයෝ පැවසූයේ එය භින්නෝන්මාදය (Schizophrenia) නැමැති මානසික රෝගය බවයි. එහෙත් අවසානයේදී බටහිර විද්‍යාවට බුදු දහම ඉදිරියේ දණ ගැසීමට සිදුවිය.

සිතුවිලි හරහා සන්නිවේදනය කළ හැකි බව බටහිර විද්‍යාවෙන් යන්තමට වටහාගත්තත්, මීට අවුරුදු 2500 කට පෙර අපගේ බුදුපියාණන් වහන්සේ මුළු මහත් විශ්වයටම ධර්ම සන්නිවේදනය සිදුකළේ මේ ආකාරයට මනෝමය ක්‍රමයකටයි. ඒ මග ගිය අතීත සිංහල බෞද්ධයින් මනෝමය සන්නිවේදනයෙන් වැඩ ගත්හ. බටහිර විද්‍යාවේ ආක්‍රමණයට පසු අපගේ එම පාරම්පරික දැනුම අවසන් ගමන් ගිය අතර අපට ඉතිරි වූයේ පිළිකා කාරක ජංගම දුරකථනයි.

මූලාශ්‍රය: ලංකාදීප පුවත්පත | 2014 නොවැම්බර් මස 04

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK