WATCH Live CRICKET Select A Channel

18 December 2014

නිරෝගී ක‍්‍රියාශීලී සාර්ථක පාසල් දිවියකට පෝෂණීය අත්වැලක්

නිරෝගී ක‍්‍රියාශීලී සාර්ථක පාසල් දිවියකට පෝෂණීය අත්වැලක්_0පාසල යන වචනයත් සමගින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙනුයේ තම ජීවිතයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක මතක සටහන්ය. මන්ද යත්, පාසල් අවධිය යනු කුඩා ළදරුවකු වැඩිහිටියෙකු ලෙසට සමාජයට පිවිසීමට අවශ්‍ය දැනුම, ආකල්ප, කුසලතා යනාදී මේ සියල්ල ලබා ගන්නා කාල පරාසයයි.

පාසැල් වියේ වැදගත්කම
වයස අවුරුදු 5ක් සම්පූර්ණ වූ දරුවකු පාසල වෙත ඇතුල් වී පුරා වසර 13ක් පමණ කාලයක් පාසල තුළ ගත කොට පාසලෙන් ඉවත් වනුයේ වයස අවුරුදු 18-19ක් පමණ වන යෞවනයෙකු හෝ යෞවනියක වශයෙනි. ශාරීරිකව මෙන්ම මානසිකවද පරිවර්තනයකට ලක්වන මෙම කාල සීමාව තුළ නිවැරදි පෝෂණයක් ලැබීම සෞඛ්‍ය සම්පන්න, උගත් මානව සම්පතක් බිහි කරලීමට වැදගත් වෙයි.

පාසැල් වියේ ඇතිවන ශාරීරික වෙනස්කම්
වැඩිහිටි පුද්ගලයෙකු සඳහා අවශ්‍ය ලෙසට කුඩා දරුවකුගේ ශරීරය වර්ධනය හා විකසනය සිදු වනුයේ මෙම කාල පරාසය තුලදීය. මෙහිදී ශරීරයේ අස්ථි වර්ධනය, අස්ථි ඝණත්වය වැඩිවීම, ශරීරය උස යාම, ශරීර ඉන්ද්‍රියන් වර්ධනය වීම, පරිණත වීම, මාංශ පේශි වර්ධනය ආදිය නිසා ශරීරයේ බර වැඩි වීම සිදු වෙයි. පාසල් විය තුළදී දරුවන් ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවය යෞවන වන අවධියට පත්වීම තුළ ඔවුන්ගේ ශරීරයේ වෙන් වෙන් වශයෙන් කායික වර්ධනය සහ විකසනය සිදු වෙයි. මේ නිසා පාසල් දරුවකුගේ පෝෂණ අවශ්‍යතා නීර්ණය වනුයේ ඔවුන්ගේ ශරීර ප‍්‍රමාණය, ශරීර වර්ධන වේගය, ස්ත‍්‍රී පුරුෂ භාවය සහ ශාරීරික ක‍්‍රියාකාරකම් වැනි සාධක මතය.

පාසැල් වියේ සුවිශේෂී වන පෝෂණ අවශ්‍යතා
වයස අවුරුදු 5-10 අතර ළමුන් සඳහා ඔවුන්ගේ ශරීර වර්ධනයට සහ විකසනයට සහ ශාරීරික ක‍්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ශක්තිය මෙන්ම ශරීර ආරක්ෂාවට ක්ෂුද්‍ර පෝෂක විටමින හා ඛණිජ ලවණ ඉතා වැදගත්ය. වයස අවුරුදු 10-19 වයසේ පසුවන දරුවන් තුල සීඝ‍්‍ර වර්ධනයක් ඔවුන් වැඩිවියට පැමිණීමත් සමගම දැකිය හැකිය. එහිදී ප‍්‍රමාණවත් ලෙසට ශක්තිය ශරීර වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන සංඝටක අස්ථි වර්ධනය සහ ප‍්‍රමාණවත් අස්ථි ඝණත්වය ලබා ගැනීමට කැල්සියම් විටමින් ඞී සිරුරට අවශ්‍ය ශක්තිය නිදහස් කිරීම සඳහා විටමින් බී සංඝටක සහ ශරීර වර්ධනයට සාපේක්ෂව වැඩිවන රුධිර සංඝටක වල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙන්ම විශේෂයෙන් ගැහැනු දරුවන්ගේ ආර්ථව චක‍්‍රයෙහි ආරම්භයත් සමග යකඩ සහ ෆෝලේට් අවශ්‍යතාවය ඉහළ අගයක් ගනියි.

ප‍්‍රධාන සමබල ආහාර වේල් වලට අමතරව තවත් ආහාර අවශ්‍ය කාලයක්
මෙම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා පාසල් ළමුන්ට ප‍්‍රධාන සමබල ආහාර වේල් තුනට අමතරව පෝෂ්‍යදායී අමතර ආහාර වේල් 2ක් හෝ 3ක් ද ලබා දිය යුතු ය. ඔවුන්ගේ ආහාර වේල තුළ නොපාහින ලද ධාන්‍ය සහ ඒවායෙන් පිළියෙල කළ ආහාර විවිධ එළවළු (වර්ග 2-3 ක් වත්) දිනකට පළතුරු වර්ග 2ක්, මස්, මාළු, බිත්තර හෝ පියලි ඇට වර්ග කිරි හෝ කිරි ආශ‍්‍රිත ආහාර වේල් දිනකට 2ක් සමග කජු, රටකජු වැනි තෙල් සහිත බීජ වර්ග ආදිය ඇතුලත් විය යුතුය.
හැකි තරම් නිවසේ පිළියෙල කරන ලද සෞඛ්‍යාරක්ෂිත ආහාර විවිධත්වයෙන් යුතුව ලබා දීමත් අධික සීනි සහ තෙල් සහිත ආහාර ක්ෂණික ආහාර ආදිය සීමා කිරීම පසු කාලීනව අධික තරබාරු බව දියවැඩියාව ආදී බෝ නොවන රෝග වලින් ආරක්ෂාව සපයයි. එමෙන්ම පාසල් යන දරුවන් සඳහා පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක් සහ උදෑසන කෙටි ආහාර වේලක් ලබා දීම පාසල තුළදී යහපත් ශාරීරික සහ මානසික තත්ත්වයකින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට අවකාශය ලබා දෙයි.
ශ‍්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අධ්‍යනාංශයේ පෝෂණවේදී , පර්යේෂණ සහායිකා දිස්නා කුමාරි විසිනි

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK