WATCH Live CRICKET Select A Channel

18 December 2014

අපේ රටේ පළතුරු ගැන අප දන්නා කියන දේ

අපේ රටේ පළතුරු ගැන අප දන්නා කියන දේ_0අද වන විට වර්තමාන ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 10 පමණ ප‍්‍රමාණයක් දෙවන ආකාරයේ දියවැඩියාවෙන් පෙළේ . අතීතයේදී දියවැඩියාව වයෝවෘද්ධ පුද්ගලයින්ගේ රෝගී තත්ත්වයක් ලෙස සැළකුවද අද වන විට තරුණල බාලල මහලූල කිසිදු භේදයකින් තොරව දියවැඩියාව වර්ධනය වීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ.
ප‍්‍රවේණිය, ජීවන රටාව, අනුභව කරන ආහාර හා ශරීර ක‍්‍රියාශීලත්වයේ වෙනස්කම් මෙන්ම මව්කුසේදී ඇතිවන වෙනස්වීම් හා මානසික ආතතිය දියවැඩියාව සඳහා හේතු වේ. මෙයින් ජීවන විලාසයේ සිදුවන වෙනස්වීම් බහුල වශයෙන් අද දක්නට ලැබෙන දියවැඩියාව ප‍්‍රවණතාවය හා බැඳ
දියවැඩියා රෝගීන්ගේ ආහාර රටාව ගැන මිත්‍යා මත
දියවැඩියා රෝගීන්ගේ ආහාර රටාව ගැන සැළකූ විට බොහෝ විට දක්නට ලැබෙනුයේ එයින් ඉතාමත් අඩු ඉඩක් එළවළු හා පළතුරුවලට ලබා දෙන ආකාරයයි. ඊට ආසන්නම හේතු ලෙස දියවැඩියා
රෝගීන් පවසන්නේ ඔවුන්ට ඇතැම් එළවළු වර්ග හා පළතුරු වර්ග ආහාරයට නොගන්නා ලෙස උපදෙස් ලැබීමයි. එම නිසා අද මෙම ලිපියෙන් දියවැඩියා රෝගීන් හා පොදුවේ ගත් කල අප සියළු දෙනාම අතර පවතින මිත්‍යා මත කීපයක් පිළිබඳව සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමු.
පළමුවෙන්ම පළතුරු ගැන සලකා බලමුx දියවැඩියා රෝගීන්ගේ ආහාර රටාවට පළතුරු එක් කර ගැනීමේ බාධාවක් නොමැත. එහෙත් තමන් ආහාරයට ගන්නා ප‍්‍රමාණය හා විවිධත්වයෙන් යුතු පළතුරු ආහාරයට ගැනීම ඉතාම වැදගත් වේ. පළතුරුවල වැඩිපුරම අඩංගු වන්නේ සුක්රෝස් හා ෆෘක්ටෝස් යන සීනි කාණ්ඩයි. මෙම සීනි වර්ග දෙකම (ශරීරයේ) රුධිරයේ සීනි මට්ටම වැඩි කිරීම සඳහා අනියම් ආකාරයෙන් දායක වේ. එහෙත් පළතුරුවල ඇති ද්‍රාව්‍ය කෙඳි මඟින් ශරීරයට මෙම සීනි වර්ග උරාගැනීම අඩු කරයි.
මීට අමතරව පළතුරුවල ඇති ද්‍රව්‍ය කෙඳි මඟින් රුධිරයේ සීනි මට්ටම නියමිත ආකාරයෙන් පවත්වා ගැනීමට උදව් වේ. රුධිර කොලස්ටරෝල් මට්ටම පාලනය කිරීමටත් එමඟින් උපකාරී වේ. අද්‍රාව්‍ය කෙඳි ආහාරයට පිරුණු ගතියක් එක් කරන අතර මල පිට කිරීමේ පහසුවක් ඇති කරයිx ප‍්‍රතික්සිකාරක (antioridants) යනු ශරීරයේ ඇති විය හැකි රෝග රාශියකට හේතු කාරක වන මුක්ත ඛණ්ඩක (free radicals) ඔක්සිකාරක මැඩ පැවැත්වීමේ ශක්තිය ඇති සංයෝග වේ. එවා මඟින් දියවැඩියාව හා ඒ ආශ‍්‍රිත සංකූලතා මඟ හරවා ගැනීමේ ශක්තියක් ඇත. දියවැඩියාව නිසා ඇතිවන හෘද රෝග වලින් දියවැඩියා රෝගීන් ආරක්ෂා කිරීමේ හැකියාවක්ද ප‍්‍රතිඔක්සිකාරක වලට තිබේ.
තවද පළතුරු මඟින් ශරීරයට අවශ්‍ය වන විටමින් වර්ගද අපට ලබා දේx විටමින් සී, විටමින් ඒ, හා ඊ බහුලව පළතුරු වර්ග වල දැක ගත හැක පළතුරු මඟින් පොටෑසියම් කැල්සියම් හා මැග්නීසියම් වැනි අත්‍යවශ්‍ය ඛණිජ ලවණද ලබා දේ.පළතුරුවල පිහිටා ඇති ස්වභාවික පොටෑසියම් මඟින් වකුගඩු රෝගීන්ගේ ශරීරයේ ඛනිජ ලවණ සමතුලිතතාවයද ආරක්ෂා කර දෙයි.
දියවැඩියා රෝගීන්ට සුදුසු පළතුරු
පළතුරු තෝරා ගැනීමේදී පැණි රස බවින් අඩු මධ්‍යස්ථ තත්ත්වයට පමණ ඉදුණු පළතුරු තෝරා ගැනීම දියවැඩියා රෝගීන්ට වඩාත් ප‍්‍රයෝජනවත් වේ. ගස් ලබුල අඹල කෙසෙල් වැනි පළතුරු තෝරා ගැනීමේදී බාගෙට ඉදුණු පළතුරු ආහාරයට ගත හැක. මෙහිදී වඩා වැදගත් වන්නේ ප‍්‍රමාණයයි. අඹ ගෙඩියකින් 1/2ක් පමණල කෙසෙල් ගෙඩියක්, ගස්ලබු ගෙඩියකින් 1/6 හෝ 1/4 පමණ ප‍්‍රමාණයක්
දියවැඩියා රෝගියෙකුට සෑහේ, නමුත් පේර, දොඩම්, වෙරළු, අලිගැටපේර, නෙල්ලි, සිදරං වැනි පළතුරු ගැනීමේදී සම්පූර්ණ ගෙඩියක් හේ ගෙඩි කීපයක් ආහාරයට ගැනීමෙන් රුධිර සීනි මට්ටමට කිසිදු බලපෑමක් ඇති නොකෙරේ. විවිධත්වයෙන් හා විවිධ රසයෙන් යුතු පළතුරු ආහාරයට ගැනීම රුධිර සීනි මට්ටම නියතව පවත්වා ගැනීමට යෝග්‍ය වේ.
අපේ රටේ පළතුරු වල ග්ලයිසිමික් අගය
පළතුරුවල Glycaemic lndex./Gl අගය මධ්‍යම පරාසයේ පිහිටයිx එයින් අදහස් වන්නේ පළතුරු ග‍්‍රෑම්100 ක් ප‍්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් කොපමණ ප‍්‍රමාණයකින් රුධිර සීනි මට්ටම ඉහළ යන්නේද යන්නයිx නවතම පරීක්ෂණ වලට අනුව ශ‍්‍රී ලංකාවේ අප බහුලව ආහාරයට ගන්නා පළතුරු වල Glycaemic අගය අඩු අගයන් වල සිට මධ්‍යස්ථ අගයන් දක්වා විහිදේx එම නිසා පැණිරස ඇති පළතුරු සීමිත ප‍්‍රමාණයක් හා පැණිරස ඇති පළතුරු වැඩිපුර ආහාරයට ගැනීම වඩා යෝග්‍ය වේ. ද්‍රාව්‍ය කෙඳි බහුල පළතුරු අතර ඇපල් කෙසෙල් ගෙඩි හා අලිගැටපේර වේ. අනෙක් පළතුරු වල වැඩිපුර අද්‍රාව්‍ය කෙඳි පවතී.
ස්වාභාවික පළතුරුම ගන්න
තවද වියලි පළතුරු වර්ග දියවැඩියා රෝගීන්ට සුදුසු නොවේ. රට ඉඳි වියලි මිදි වැනි දේ ආහාරයට ගැනීමෙන් හැකිතාක් වළක්වා ගැනීම වැදගත් වන්නේ ඒවායෙන් රුධිර සීනි මට්ටම වැඩි කිරීමට දායකත්වය වැඩි බැවිනි. එමෙන්ම පළතුරු යුෂ පානයට වඩා ස්වාභාවික පළතුරු ලෙසම ප‍්‍රයෝජනයට ගැනීම යෝග්‍ය වේ. මක් නිසාද යත් කෙඳි කොටස යුෂයට පැමිණෙන්නේ නැති බැවිනි.
සුදුසු එළවළු
එළවළු අතරින් වට්ටක්කා, බතල, කොස්, දෙල්, අර්තාපල් වැනි දේ ආහාරයට නොගන්නා ලෙස පොදු මතයක් තිබේ. අර්තාපල් මඟින් සීනි ප‍්‍රමාණය වැඩි කිරීමට දායකත්වයක් ලබා දෙන නිසා අර්තාපල් භාවිතය අඩු කිරීම සුදුසු වේ. නමුත් වට්ටක්කා, බතල, කොස්, දෙල් වැනි පිෂ්ඨමය ආහාර ගැනීමේදී ඔබගේ පිඟානේ ඇති බත් ප‍්‍රමාණයෙන් 1/4ක් ප‍්‍රමාණයක් අඩුකර ඒ වෙනුවට එම එළවළු වර්ග එක්කර ගැනීමෙන් සමබරතාවය ලඟා කරගත හැක. නමුත් එම ආහාර වර්ග වැඩි ප‍්‍රමාණයක් බත් එම ප‍්‍රමාණය සමඟම ගැනීමෙන් එය රුධිර සීනි මට්ටම ඉහළ යෑමට ඉඩ පාදනු ඇත. සෑමවිටම මතකයේ තබා ගත යුතු වැදගත් කරණක් වන්නේ විවිධත්වයෙන් යුතු එළවළු වර්ග තුනක් වත් එක් වේලකට එක් කර ගැනීමයි. එවිට සමතුලිතතාවය ලබා දේ, රුධිර සීනි මට්ටමද පාලනය කෙරේ.

ගස්ලබු              –           1/4 (මධ්‍යම ප‍්‍රමාණයේ ගෙඩියකින්)
කෙසෙල්                      –           01
අලිගැටපේර      –           01
අඹ                   –           1/2
දිවුල්                –           1/2
ඇපල්/දොඩම්   –           1/2 හෝ 1
නෙල්ලි වෙරළු –           03/04

එළවළු හා පළතුරු මඟින් ඔබේ කුසගින්න ඉක්මණින් පුරවා දමන ගතියක් ලබා දේ, ආහාරයට පිරුණු බවක් එක් කරයි. විවිධ වර්ණ හා රස මඟින් ආහාරයට ප‍්‍රසන්නතාවයක් එක් කරයි. එම නිසා පාලනයක් සහිතව එළවළු හා පළතුරු විඳීමේ හැකියාවක් දියවැඩියා රෝගීන්ටද ඇතx නමුත් තමුන්ගේ ආහාරයේ ප‍්‍රමාණය පිලිබඳ සිත් හී තබා ගැනීම වඩා වැදගත් වේ.

හර්ෂී ගුණවර්ධන පෝෂණය පිළිබඳ කථිකාචාරිණී  ව්‍යවහාරික පෝෂණ අධ්‍යයනාංශය ශ‍්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය මාකඳුර-ගෝනවිල

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK