WATCH Live CRICKET Select A Channel

18 December 2014

පෙර පාසල් දරුවාට නිසි පෝෂණය


පෙර පාසල් දරුවාට නිසි පෝෂණය_0
නිරෝගිමත් දරු පරපුරක් යනු රටකට අමිල දායාදයකි. 2006/07 ජන ව්‍යාප්තිය හා සෞඛ්‍ය සමීක්ෂණයට අනුව අපේ රටේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 15% කෙටි කාලීන මන්දපෝෂණ තත්ත්වයෙන් (Wasting)පෙළෙන අතර 17%ක් දීර්ඝ කාලීන මන්දපෝෂණය නිසා ඇතිවන මිටිතාවයෙන් (Stunting) පෙළේ. තවද එම දරුවන්ගෙන් 21% තමන්ගේ වයසට සරිලන බරට වඩා අඩු බර තත්ත්වයකින් (Underweight) පෙළෙති. විටමින් හා ඛනිජ ලවණ ඌණතාද ඔවුන් අතර බහුලව ඇති අතර යකඩ සහ විටමින් ඒ ඌණතා ද ඒ අතර ප‍්‍රමුඛස්ථානයක් ගනියි.
මන්දපෝෂණයට අමතරව අධිපෝෂණයද ඔවුන් අතර හිස ඔසවමින් සිටිති. මෙවන් පෝෂණ ගැටඵ නිසා ළමුන්ගේ ප‍්‍රතිශක්තිකරණය අඩුවීමෙන් ශ්වසන රෝග සහ පාචනය වැනි රෝගවලට ළමුන් පහසුවෙන් ගොදුරු වන අතර අවු. පහට අඩු ළමා මරණ සංඛ්‍යාවද ජීව දරු උපත් දහසකට 21ක් ලෙස වාර්තා වී ඇත.

නිතර වෙනස්වන සුළු ආහාර රුචිකත්වයක් ඇති දගකාර අවධිය
පෝෂණ ගැටළු හා ඒ ආශ‍්‍රිත සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමට ළමුන්ට නිවැරදි ආහාර නිසි ප‍්‍රමාණයෙන් ලබාදිය යුතු වේ. ළමා ජීවිත වල මුල් අවධිය මෙන්ම පෙර පාසල් අවධියේදීත් නිසි පෝෂණය වැදගත් වේ. ඔවුන් ස්වාධීනව සිතීමට සහ ප‍්‍රශ්න අසමින් ඉගෙන ගැනීමට පටන් ගනියි.
ඔවුන්ට කුඩා ආමාශයක් සහ නිතර වෙනස්වන සුළු ආහාර රුචිකත්වයක් ඇත. එමෙන්ම මෙම කාලයේදී ඔවුන් තනියම ආහාර ගැනීමට හුරුවන බැවින් විවිධ ආහාර පිළිබඳව වැඩි උනන්දුවක් දක්වයි. එම නිසා දෙමාපියන් සහ වැඩිහිටියන් ලෙස ඔබට ඔබේ දරුවා තුල යහපත් ආහාර පුරුදු ඇතිකිරීමට සුදුසුම කාලය පෙර පාසල් අවධියයි.
සමබල ආහාර වේල ඔබේ දරුවාගේ නිසි කායික, මානසික වර්ධනයට බෙහෙවින් උපකාරී වේග නිසි ආහාර තෝරා ගැනීමට මගපෙන්වීමටත් ක‍්‍රියාශීලී ජීවන රටාවකට දරුවා යොමු කිරීමටත් ඔබට හැකියාව ඇත.

දවසේ දරුවාගේ ආහාර වේල මෙහෙම පිළියෙල කරමු
දෙමාපියන් පෙරපාසල් වියේ සිටින ඔබේ දරුවාට දිනපතා ආහාර විවිධත්වයක් සහිතව ලබා දෙන්න. දිනකට ඔබේ දරුවා ආහාරයට ගත යුතු ආහාර කාණ්ඩ හා ආහාර ප‍්‍රමාණ පිළිබඳ විස්තර පහත වගුවෙන් ඔබට ලබාගත හැකිය.

අවුරුදු 2-5ත් අතර දරුවන් සඳහා ලබාදිය යුතු දෛනික ආහාර ඛණිජ සහ ප‍්‍රමාණ
 පෙර පාසල් දරුවාට නිසි පෝෂණය_00

 ඉහත සඳහන් කර ඇති ආහාර ප‍්‍රමාණවල් වලට අනුව ආහාර ලබාදීමෙන් පමණට වඩා විශාල ආහාර ප‍්‍රමාණය දරුවාට ලබාදීමෙන් වැළකිය හැකිය.


ශක්තිය සහ ප්‍රෝටීන සාර ආහාර ගැන සැළකිළිමත් වෙන්න
ශක්තිය සහ ප්‍රෝටීන වල අවශ්‍යතාවය දරුවාගේ වයසත් සමග වැඩි වේ. එම නිසා දරුවාට ප‍්‍රධාන ආහාර වේල් තුනක් හෝ හතරක් සමග සුළු ආහාර වේල් දෙකක් දිනපතා ලබා දෙන්න. ආහාර වේල්වලට ප‍්‍රමාණවත් පරිදි ධාන්‍ය සහ පිටි සහිත ආහාර එකතු කිරීමෙන් ඔහුට ඇයට අවශ්‍ය ශක්තිය ලබාගත හැකිය. මස් මාඵ බිත්තර සහ රනිල බෝග වන කව්පි, කඩල, මුංඇට, පරිප්පු සහ සෝයා වැනි ආහාර වලින් ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවයන් සපුරා ගත හැකිය.

වැඩිපුර කැල්සියම් අවශ්‍ය යුගයක්
මෙම අවධියේදී දරුවාට වැඩිපුර කැල්සියම් අවශ්‍ය වේග කිරි හා කිරි ආශ‍්‍රිත නිෂ්පාදන කුඩා මාළු ආහාරයට ගැනීමෙන් දරුවාගේ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් ලබාගත හැකි. එමෙන්ම තද කොළ පැහැති පළා වර්ග (කතුරුමුරුංගා/ මුකුණුවැන්න/ මුරුංගා කොළ) සහ දිවුල් වැනි පළතුරු වලද කැල්සියම් බහුලව අඩංගු වේ.

රනිල බෝග හා තද පැහැති පළා වර්ග මෙන්ම පළතුරුත්…
දිනපතා සත්ව ආහාර, රනිල බෝග හා තද පැහැති පළා වර්ග (තම්පලා/ සාරණ/ ගොටුකොළ/ මුකුණුවැන්න/ කතුරුමුරුංග) ලබාදීමෙන් ඔවුන්ගේ යකඩ අවශ්‍යතාවයද සපුරා ගත හැකි. ආහාර වේලකින් පසුව විටමින් සී අඩංගු පළතුරක් (නෙල්ලි/ පේර/කජු පුහුලන්/ කාමරංග/දොඩම්/දෙහි) ආහාරයට ගැනීමෙන් ආහාර වේලක අඩංගු යකඩ අවශෝෂණය වීම වැඩි වේ.

යහපත් පෙනීමක් හා ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය වෙනුවෙන් විටමින් ඒ
විටමින් ඒ ශරීරය තුළදී මනා දෘෂ්ඨියක් හා ඉහළ ප‍්‍රතිශක්තියක් ලබාදීම සෛල වර්ධනය කිරීම සහ නිරෝගී සමක් පවත්වාගැනීම සඳහා වැදගත් වේ. එමනිසා විටමින් ඒ බහුලව අඩංගු සත්ව ආහාර තද කොළ පැහැති පලා වර්ග එළවළු හා පළතුරු දරුවාට ලබා දෙන්න.පළතුරු හා එළවළු දරුවාට ලබාදීමෙන් ඔහුට ඇයට ප‍්‍රමාණවත් විටමින් ඛනිජ ලවණ ප‍්‍රතිඔක්සිකාරක සහ තන්තු ලබාදිය හැකිය.

සීනි එකතු කළ පාන් වර්ග සහ පළතුරු බීම අධෛර්ය කරන්න
සීනි එකතු කළ පාන් වර්ග සහ පළතුරු බීම දරුවාට ලබාදීම හැකි තාක් අඩු කරන්න. පළතුරු බීම වෙනුවට සැමවිටම ජලය පානය කිරීමට දරුවන් උනන්දු කරවන්නග මේ සඳහා දරුවා පෙර පාසලට යන විට ජලය සහිත බෝතලයක් ගෙනයාමට සලස්වන්න.

උදෑසන ආහාර වේලේ වැදගත්කම
ඔබේ දරුවාට ආහාර ලබාදීමේදී නියමිත වේලාවල ට ආහාර දීමට පුරුදු වන්නග ආහාර වේල් මගහැරීමෙන් වළකින්න. බොහෝ දරුවන් උදෑසන ආහාර වේල මගහැරීමට උත්සාහ කරති. උදෑසන ආහාර වේල නිසි ලෙස නිසි වේලාවට ලබාදීම දරුවාගේ මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාරී වන බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. එම නිසා පෙරපාසල් දරුවා පිටත්වීමට පෙර ඔහුගේ/ඇයගේ උදෑසන ආහාරවේල ලබාදීමට වග බලාගන්න.
දිනපතා ලබාදෙන සුළු කෑමවේල් පෝෂ්‍යදායී විය යුතු.ග එවැනි ආහාරවලට උදාහරණ තැම්බූ රනිල බෝග (කව්පි/ කඩල/මුං ඇට) නැවුම් පළතුරු එළවඵ එක් කල සැන්ඞ්විච් තැම්බූ එළවළු, එළවළු, සුප් යෝගට් සහ කිරි වේ.
තවද දරුවාට තමන්ගේ ආහාරය පිළිබඳ උනන්දුව වැඩි කිරීමත් දෙමාපියන් විසින් සිදුකළ යුතුය. මේ සඳහා ඔබ ආහාර පිළියෙල කිරීමේදී දරුවාට ඊට සම්බන්ධ කරගැනීම සුදුසු ය. දරුවාගේ අතට හැන්දක් භාජනයක් හෝ යම් එළවඵවක් පළතුරක් ලබාදීමෙන් ඔබට මෙය කල හැකිය. එවිට ඔහුට/ඇයට තමන් පිළියෙල කළ ආහාරය අනුභව කරන්නා සේ එම ආහාරය ගැනීමට යම් උනන්දුවක් ඇති වේ.
සැම විටම පවුලේ සියලූ සාමාජිකයන්ද සමග එකවර දරුවාට ආහාර ලබාදීම උචිත වේ.ආහාර තෝරා ඒවා ඔබේ දරුවාට ලබාදෙමින් යහපත් ආහාර පුරුදු දරුවා තුළ ඇතිකර නිරෝගිමත් මතුපරපුරක් රටට දායාද කිරීමට ද උරදෙන්න.
ශ‍්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අධ්‍යනාංශයේ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ කථිකාචාර්ය එම් එස් එෆ් ෂිරාසා විසිනි

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK