WATCH Live CRICKET Select A Channel

18 December 2014

ජීවිතයේ සාමය නැති කරන තරහ

ජීවිතයේ සාමය නැති කරන තරහ_0තරහව යනු පුද්ගලයන්ගේ ජීවිත අඳුරට ගෙන යන චිත්ත වේගයකි. විවාහ ජීවිතය තුළ තරහව විවිධාකාරයෙන් මතු විය හැකිය. එය කුමන ආකාරයෙන් මතු වුණත් එමගින් පවුල් ජීවිතයට හිතකර නොවන බලපෑම් ඇති වීමට පුළුවන. එසේ නම් අපි තරහව පවුල් ජීවිතයට බලපාන අන්දම ගැන මෙතැන් පටන් අප සොයා බලමු.
තරහ ඇති වන ආකාර
එක් එක් පුද්ගලයා තුළ තරහ ඇති වන ආකාර කිහිපයක් හඳුනා ගැනීමට පුළුවන.
තරහින් වැළකී සිටීමට උත්සාහ කිරීම
මේ අය තරහ ඇති කර නොගන්නා අතර අනෙක් අයට තරහ යනවාටද කැමැති නැත. නමුත් ඔවුන් තුළ කෝපය ඇති වේ. නමුත් කෝපය පිට කළොත් කුමක් සිදු වෙයිද කියන බිය සිතේ පැවැතීම නිසා කෝපය හිත තුළ තද කරගෙන සිටීමට උත්සාහ දරනු ඇත. කෝපය පිට නොකරන නිසා පවුලේ ප‍්‍රශ්න ඇති නොවන මුත් මේ අය හැම විටම කෝපය සිර කරගෙන සිටීම නිසා දැඩි පීඩනයකට පත් වෙති.
‘‘තරහ ගන්නෙ නෑ’’ යනුවෙන් දැඩිව සිතා සිටින නිසා මොවුන්ට තදින් යමක් කියන්නට අවශ්‍ය වූ විට එය කියා ගැනීම ද අපහසුය. එ් තරහ ඇති කර ගැනීමට තිබෙන බය නිසාය. එහිදී සිදු වන්නේත් තරහ සිතේ තද කරගෙන හිඳීම නිසා ලොකු පීඩනයක් දැනීමය.
තරහව සඟවා ගෙන හිඳීම
මෙහිදී තරහ එන මුත් එය අනෙකාට පෙන්වන්නේ නැත. එ් නිසා වෙනත් වෙනත් ආකාරවලින් එම තරහ උඩට මතු වනු ඇත.
නිදසුනක් ලෙස සැමියාට කුමක් හෝ ගෙදරට අවශ්‍ය දෙයක් හැන්දෑවට එන විට රැුගෙන එන්නැයි කී විට ඔහුට එය අමතක වුණේ යැයි සිතමු. මෙහිදී බිරිඳ තුළ ඇති වන කෝපය ඇය සඟවා ගෙන සිටිනු ඇත. නමුත් එය නොරිස්සුම් ස්වභාවයක් ලෙස විවිධ අවස්ථාවලදී ඉස්මතු විය හැකිය.
සැකය පදනම් කරගෙන මතුවන තරහ
සැමියා කඩවසම් නම් ඔහු වෙනත් කාන්තාවන් වෙත නොයන බවට විශ්වාසය තිබුණත් කවුරුන් හෝ කාන්තාවකගේ උගුලට හසු වේවි යන සැකය නිසා නිතර බියෙන් සිටින භාර්යාවෝ හිඳිති. මේ නිසා නිතරම ඔහු ගැන සෙවිල්ලෙන් සිටින්නටත්, ඔහු පිළිබඳ කල්පනාවෙන් පසුවන්නටත් පෙළඹෙනු ඇත. එ් අනුව ඔහු කවුරුන් හෝ කාන්තාවක් දෙස බැලූවත්, කාන්තාවක් ගැන කිව්වත් එ් ගැන සිතමින් නිතර කෝපයෙන් පසුවීම මෙවැනි භාර්යාවන්ගේ ස්වභාවයයි.
මේ කාන්තාවන් සිතන්නේ තමන්ගේ සිතේ පවතින සැකය සැබෑවක්ම ලෙසය. එ් අනුව ”එයා දැන් මට පොඞ්ඩක්වත් ආදරේ නෑ” යන සිතුවිල්ල සිතට දැඩිව බලපෑම මත ඔවුන් තුළ අනාරක්ෂිත හැඟීමක් ඇතිවේ. මෙවැනි කාන්තාවන්ට තමා වටා සිටින අනෙක් හැම දෙනා ගැනමත් සැකය. තමාට අනෙක් අය මොනවා හෝ නරකක් නපුරක් කරාවි යන සැකයද මෙබඳු කාන්තාවන් තුළ බොහෝ විට බලපැවැත්විය හැකිය.
ක්ෂණික කෝපය
ඉතා සුළු දේටත් තරහ ගැනීම මේ අයගේ ස්වභාවයයි. තරහ සිතේ ඇති කරගෙන දින ගණන් වුව කතා නොකර සිටීමට මේ අයට පුළුවන. එකවරම තදබල ආවේගයක් සිතේ වර්ධනය වී එය එ් මොහොතේම මුදා හරිනු ඇත. බඩුමුට්ටු පොළවේ ගැසීම වැනි දෑ කරන්නේ මේ අයයි. ආවේගය පිටවූ ගමන් තරහ අඩු වේ. නමුත් තරහ අඩු වන විට නැවත හදන්නට බැරි තරමේ විශාල හානි සිදුවී හමාරය.
ලැජ්ජාව නිසා ඇතිවන තරහ
සුළු වරදක් අඩුපාඩුවක් පෙන්වා දුන්නත් තමාට විශාල ලජ්ජාවක් කළ බවට මේ අය සිතති. එය තමාගේ ආත්ම ගරුත්වයට වූ හානියක්, තමාව නොසළකා හැරීමක් ලෙස ඔවුනට දැනේ. සුළු අඩුපාඩුවක් කිව්වත් මහමෙරක් තරමට සිතමින් තමාට විශාල අවඥවක් කළ බවට චෝදනා කරමින් සිතේ කෝපයක් ඇති කරගෙන අනිකාට රිදවීම කරනු ඇත. විශේෂයෙන්ම ඔවුන් තමාට කළ දේම කරමින් පළි ගැනීමට කැමැතිය.
සුළු දෙයක් වුවත් හිතේ තද කරගෙන පුපුරමින් හිඳින්නේ ද මෙවැනි අයයි. සිතේ නිතරම කොන්තිය පිරී පවතියි. මොවුන් අධි සංවේදී පුද්ගලයන් ලෙස ද හඳුන්වා දීමට පුළුවන.
උපදෙස් : මනෝ විද්‍යා උපදේශක සුරංග අමරකෝන්

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK