WATCH Live CRICKET Select A Channel

18 December 2014

ඉවසනු බැරි උකුණු කරදරේ

ඉවසනු බැරි උකුණු කරදරේ

උකුණන් නැති හිසකට අපි බොහොම කැමතියි. අපිරිසිදුකම නිසාම උකුණන් බෝ වෙන්නේ නැහැ. ලොව පුරා මිලියන 6-12 අතර පිරිසක්  උකුණු හිරිහැරයෙන් පීඩා විඳිනවා. මේ හිරිහැරය විඳින බොහෝම දෙනා කුඩා දරුවන්.  උකුණන් කියන්නේ ඉතාම කුඩා කෘමීන් විශේෂයක්. පරපෝෂිත විශේෂයක් වන මොවුන් හිස් කබලේ සමට කිට්ටුවෙන්ම ජීවත් වෙනවා. සමේ තිබෙන උෂ්ණත්වය උකුණන්ට ජීවත්වීමට බොහෝම හිතකරයි. උකුණන් ජීවත්වන්නේ මිනිස් ලේ උරා බොමින්. උකුණන් ආහාරයට ගන්නේ මදුරුවෙකු උරා බොන ලේ මාත‍්‍රාවට සමාන ප‍්‍රමාණයක්.
උකුණන් හිස කෙස් වල සිය ජීවත්වීම ආරම්භ වූ තැන සිට හිස කෙස්වල බිත්තර දැමීම ආරම්භ කරනවා. කෙස් වල ඇලී සිටින මේ බිත්තර ලේඩි ලෙසින් හඳුන්වනවා. මේ ලේඩි පිපිරී ඒවායින් අලූත් උකුණන් බිහිවෙනවා.
උකුණන්  ඕනෑම අයෙ කුගේ හිස තමන්ගේ වාසස්ථානය බවට පත් කරගන්නවා. ඔවුන් එක් අයෙකුගේ හිසේ පමණක් ජීවත්වන්න සතුටු නැහැ. ඉතාම වේගයෙන් වෙනත් අයගේ හිසකට මාරු වෙන්න උකුණන් කැමතියි. තොප්පි, පනා, බුරුසු, හිස් පළඳනා, කොට්ට උර, ඇඳ ඇතිරිලි හරහා උකුණන් තවත් අයගේ ඔලූවකට සංක‍්‍රමණය වෙනවා.
හිසේ උකුණන් වෙනුවෙන් වෛද්‍ය නිර්දේශ අනුව ඖෂධීය ෂැම්පු, ආලේපන හෝ දියර වර්ග භාවිතා කරන්න පුළුවන්. මේවා මගින් දින කීපයකින් උකුණන් වඳ වීමට පුළුවන්. එක් වතාවක් ඖෂධීය උකුණු වඳ කිරීමේ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ප‍්‍රයෝජනයක් නැහැ. බිත්තර පිපිරී නැවතත් උකුණන් ඇති වීමට තිබෙන ඉඩ ප‍්‍රස්ථාව ඉහළ නිසා දින 7 ක් හෝ 10 කින් යලිත් මෙම ප‍්‍රතිකාරයම කිරීම අවශ්‍යයි.
උකුණන් වඳ කිරීමේ ඖෂධ යොදාගෙන හිස සෝදා ගැනීමෙන් පසුව  කෙස් වියලන යන්ත‍්‍ර මගින් කෙස් වියලීම අනතුරුදායකයි. උකුණන් වඳ කරන ඖෂධ වල අඩංගු ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය වලින් කෙස් වියලීමේදී භාවිතා වෙන විද්‍යුත් බලයේ ක‍්‍රියාකාරී අවස්ථාව ඔබගේ ජීවිතයට තර්ජනයක් වීමට ඇති ඉඩකඩ ඉහළයි.
මිනිස් ඔලූවකින් දුරස්ථව උකුණෙකුට ජීවත්වීමේ ශක්තිය තිබෙන්නේ දවසක් හෝ දෙකක් විතරයි.
උකුණන් වඳ කිරීමේ ඖෂධ භාවිතා කිරීමෙන් පසුව සියළුම ද්‍රව්‍ය (පනා, බුරුසු, ඇඳ රෙදි කොට්ට උර) උතුරන වතුරින් තම්බා සෝදා ගන්න. ඉන් අනතුරුව සුළං නොවදින ලෙසට අසුරා දින 10 ක් පමණ තැබූ විට බිත්තර වලත් පිපිරීමේ ශක්තිය දුර්වල වෙනවා.

 උකුණු වත

උකුණන් ලෙස හැඳින්වෙන හිසට හිරිහැරයක් වූ මේ පරපෝෂිතයන් හඳුන්වන විද්‍යාත්මක නාමයpediculas humanis capitas යන්නයි. උන් කිසිඳු බැක්ටීරියානු හෝ වෛරස ආසාදනයක් සම්පේ‍්‍රෂණය කරන වාහකයෙකු නොවීම එක්තරා සැනසුමක් මුත් ‘උකුණු වදය’ ලෙහෙසි පහසු හිරිහැරයක් නම් නොවේ. වැඩුණු උකුණකු මි.මී. 4 ක් පමණ දිගය. උකුණා දින 40 ක් පමණ වෙසෙන අතර ගැහැනු උකුණකු දිනකට බිත්තර 10 ක් පමණ දමයි. මේ බිත්තර (ලේඩින්) හිස් කබල තුළ බදාමයක් ලෙස තැන්පත් වන සුළු නිසා ඒවාද ඉවත් කිරීම පහසු නොවේ. පැහැයෙන් උකුණන් අළු පැහැයට හුරු සුදු පැහැයක් දරයි.

උකුණන් සංහාරයට බෙහෙත්

උකුණු හිරිහැරයෙන් මිදීම සඳහා කාණ්ඩ හතරක බෙහෙත් වෙළඳපොළේ පවතී. මින් දෙකක් වෛද්‍ය ප‍්‍රලේඛණ මගින් පමණක් මිලදී ගත යුතු ඒවා වන අතර අනෙක් දෙක වෛද්‍ය යොමු කිරීමක් නැතිවම වූවද ලබාගත හැකි ඒවාය.
  1. Lindane (Gamma benzene -hexachloride) වෙද්‍ය ප‍්‍රලේඛණ රහිතව මිලදී ගැනීමට අවසර නැති  ඕර්ගැනෝ කාණ්ඩයේ ඖෂධ
  2. Malathion
  3. Pyrethrin ප‍්‍රලේඛණ රහිතව
  4. Permethrin මිලදීගත හැක.

උකුණු සංහාරයට බෙහෙත් භාවිතා කරන ක‍්‍රමය

ෂැම්පු ලෙස ඇති pyrethirin ද ආලේපන ලෙස ඇති permethrin ද වෛද්‍ය උපදෙස් රහිතව භාවිතා කිරීමට හැකි හෙයින් ඒ පිළිබඳව විස්තර දැක්වේ.
Chrysanthemums හා ragweed යන රසායන සඳහා ආසාත්මික නම් මේ කාණ්ඩ දෙකේම ඖෂධ නුසුදුසුය. එසේම මේ දියර අල්ලා ඇස් ස්පර්ශ නොකිරීමට තදින් සිතට ගත යුතුය.

pyrethirin ෂැම්පු භාවිතා කරන පිළිවෙල

ප‍්‍රමාණවත් ෂැම්පු හිසෙහි ගල්වා එය විනාඩි 10 ක කාලයක් පවතින්නට හරින්න. ඉන්පසු වතුර ස්වල්පයක් මුසුකර පෙන නැගෙන තුරු සම්බාහනය කරන්න. ඉන් පසු හොඳින් හිස සෝදන්න. සියුම් දැති ඇති පනාවකින් හිස පීරා මැරුණු උකුණන් ඉවත් කරන්න.
මෙම ප‍්‍රතිකාරය දින 7-10 අතර කාලයකින් පසු නැවත සිදුකරන්න.

pyrethirin ආලේපනය භාවිතා කරන පිළිවෙල

මුලින්ම ඔබ භාවිතා කරන ෂැම්පු හිස ගල්වා හොඳින් හිස සෝදා වියළා ගන්න. ඉන්පසු හොඳින් pyrethirin ආලේපනය සොලවා හිස පුරා එය ගල්වන්න. විනාඩි 10 ක කාලයක් තිබෙන්නට හරින්න. ඉන්පසු හිස ඉතා හොඳින් සෝදා වියළුණු පසු සිහින් පනාවකින් හිස පීරන්න. ඉන් පසුවද උකුණන් සිටී නම් දින 7 කින් මෙම ප‍්‍රතිකාරය නැවත කරන්න.[/box]

උකුණන් දුරින් –  දුරීභූත කරන සුව පිළිවෙත්

  • පවුලේ සාමාජිකයෙකුට උකුණන් සිටී නම් ඒ හඳුනාගෙන වහාම ප‍්‍රතිකාර අරඹන්න.
  • රෙදිපිළි සියල්ල රෙදි සෝදන යන්ත‍්‍රයේ දමා උණුසුම් වතුරෙන් සෝදන්න.වියලනයේ විනාඩි 20 ක් තිබෙන්නට හරින්න.
  • Dry clean කිරීමද සුදුසුය.
  • පනා හා බුරුසු අඩු තරමේ 1300ත්‍ උෂ්ණත්වයේ විනාඩි 10 ක් තිබෙන සේ සෝදා හරින්න.
  • විග් ආදිය තිබේ නම් ඒවාද හොඳින් ෂැම්පු කර සෝදන්න.
  • උකුණන්ට දින 2 කට වඩා බාහිරව විසිය නොහේ. උකුනු මර්ධන සැලසුම ආරම්භ කළ පසු කාමරයේ /නිවසේ ඇති උකුණන් වැටෙන සියළුම ද්‍රව්‍ය (සෙල්ලම්බඩු ආදිය..) බෑගයක දමා දින 14 ක් මුදා කරන්න.
  • කාමරය හොඳින් Vacuum clean කළ හැකි නම් අගනේය.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK