WATCH Live CRICKET Select A Channel

18 December 2014

එයා දැන් ලොකු ළමයෙක් දෙමව්පියනි ඔබේ දියණිය ගැන විමසිලිමත් වන්න.


එයා දැන් ලොකු ළමයෙක්  දෙමව්පියනි ඔබේ දියණිය ගැන විමසිලිමත් වන්_0මල්වරය යුවතියකගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයකි. දැරියක ලෙසින් කෙළිදෙලින් කාලය ගත කරන කළ ළමා කාලයේ අවසානය සනිටුහන් වී වගකීම් සහිත යුවතියක ලෙස ඇය එළි දැක්වෙනුයේ මල්වර වීමත් සමගය.
මෙම  සන්ධිස්ථානය පිළිබඳ විවිධ රටවල විවිධ ජාතීන් අතර විවිධාකාර චාරිත‍්‍ර, විශ්වාස, ඇදහිලි දක්නට ඇත. ඒවා ඒ ඒ සමාජ සංස්කෘතික කරුණූ හා බද්ධ වී පවතී. වැඩිවිය  පැමිණිම පිළිබඳ අයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේද ඉතා පුළුල්  විද්‍යාත්මක කරුණූ රාශියක් දක්වා ඇත. අවුරුදු 6000 කටත් එහා පැමිණි මෙම කරුණූ කාරණා අද සමාජයටද  වලංගු වන ලෙස දක්වා තිබීම ඉතාම විශ්මය ජනකය.
මල්වරයට නියමිත වයස
  • මල්වර සඳහා ආයුර්වේද ග‍්‍රන්ථ වල විවිධ නාම දක්වයි. රාජෝ දර්ශන, පුෂ්ප දර්ශන යන වචන මේ අතර වේ.
ප‍්‍රථම ඔසප්වීම
  • මල්වරය පුෂ්පයක් පිපීමට සම කරන ආචාර්යවරු ඒ සඳහා ස්වභාව ධර්මයෙන් උදාහරණ ගෙන හැර පෙන්වයි. මෙහිදී දියණියන් කුඩා පැළැයකට උපමා කරන අතර පැළෑටියක් නියමිත වර්ධනය එළැඹෙන තෙක් මල් හට නොගන්නා ලෙස දැරියකට නියමිත වයසකට එක තෙක් ‘‘පුෂ්ප දර්ශනය’’ හෙවත් මල්වරය සිදුනොවේ. මේ සඳහා ආයුර්වේදයේ සඳහන් වන වයස අවුරුදු 12 කි. කාශ්‍යප ආචාර්යවරයා මල්වරය සඳහා සාමාන්‍ය පිළිගැනෙන උපරිම වයස් සීමාව දක්වා ඇත්තෙ
  • වයස අවුරුදු 16ක්ය. තවත් ආචාර්යවරයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 12- 14 වයස් සීමාවේදී යුවතියක් වැඩිවිය පැමිණිය යුතු වයස ලෙස පිළිගනී. මල්වර වීම අවුරුදු 16කට වඩා ප‍්‍රමාද වේ නම් සොයා බැලිය යුතු කරුණක් ලෙස දක්වා ඇත.
වෙනත් වයස් සීමාවන් වලදී වැඩිවියට පැමණීම ගැටලූකාරි තත්ත්වයක්ද?
  • අවුරුදු 11ටත් වඩා අඩු වයසින් වැඩිවිය  පැමිණිම අද බහුලවම දක්නට ලැබෙන තත්ත්වයකි. එය ඉතා භයානක අවස්ථාවක් නොවේ. නමුත් දැරියක නිසි වයස එළැඹිමට ප‍්‍රථම මල්වර සිදුවීම තුළින් ඇයට ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොතිබීම ගැටලූ සහගත වීමට ඉඩ ඇත. පෞද්ගලිකව සනීපාරක්‍ෂාව රැුකගැනීම මෙහි ප‍්‍රධාන කාරණයයි. මෙය රෝගයක් හෝ අස්වාභාවික  තත්ත්වයක් නොවන බව වටහා දීමට මව විසින්  එවැනි දැරියන් දැනුවත් කළ යුතුය.

මල්වරය අවුරුදු 16 කටත් වඩා ප‍්‍රමාද වීම අස්වාභාවිකද?
  • ශරීර වර්ධනය, ජානමය සම්බන්ධතා, පෝෂණ, විවිධ රෝග තත්ත්වයන් නිසා ස්වාභාවිකවම මල්වරය ප‍්‍රමාද වේ. එහිදී දියණියන් වැඩිවිය පැමිණිම සම්බන්ධ අනෙකුත් ලක්‍ෂණ එනම් පියයුරු වල වැඞීම, කිහිළි ආදිය ආශ‍්‍රිත රෝම වර්ධනය පවතී නම් ගැටලූ සහගත තත්ත්වයක් විය නොහැකිය.

  • නමුත් ඉතා කලාතුරකින් උපතින්ම ගර්භාෂගත හා ඒ ආශ‍්‍රිතව ඩිම්බකෝෂ ආදියේ වර්ධනය නොවීම ආදි හේතු නිසාද මල්වරය ප‍්‍රමාද විය හැකිය. එබැවින් ප‍්‍රමාද වීමේදී වෛද්‍ය උපදෙස් පැතීම ඉතාම වැදගත් වේ.

මල්වර ප‍්‍රමාද වීමට ප‍්‍රතිකාර තිබේද?
  • මෙහිදී 95%ක්ම ප‍්‍රමාදයට හේතුව පෝෂණය හා හෝමෝන ක‍්‍රියාකාරීත්වයේ අඩුපාඩු හා රෝග තත්ත්වයන් නම් නිවැරදිව වටහාගෙන නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් ඉතා පහසුවෙන් තත්ත්වය සමනය කළ හැකිය. එදිනෙදා ගත යුතු ආහාරපාන මෙන්ම වැළකිය යුතු ආහාරපානද ඒ මගින් හෝමෝන මට්ටම ක‍්‍රමානුකූලව කරන අන්දම ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ පැහැදිළිව දක්වා ඇත.

වැඩිවිය පැමිණිම ආශ‍්‍රිතව සිදු කරන සිරිත් විරිත් වල විද්‍යාත්මක පදනම කුමක්ද?
  • මෙහිදී එක් එක් පළාත් වලට ආවේණික වූ සිරිත් විරිත් පවතී. එම චාරිත‍්‍ර වල සුළු සුළු වෙනස්කම් පවතී. නමුත් පොදු කරුණූ ලෙස, දැරිය ආගන්තුකයන්ගෙන් වෙන්කර තැබීම, සුභ වේලාවක ස්නානය, තැගි බෝග, අලූත් ඇªම් පැළªම් ලබාදීම ආදිය පොදු චාරිත‍්‍රයක් ලෙස සැළකේ. මෙබදු විශේෂත්වයක් මෙම අවස්ථාවේදී ලබා දීමෙන් වැඩිවිය පැමිණිම පිළිබඳව අදහසක් ඇය තුළ තහවුරු වේ. මෙයින් පසු මතු ඉදිරි ජීවිතය සියලූ ක‍්‍රියාකාරකම් වගකිම් සහගත නෑ හිතවතුන්ගෙන් ලැබෙන අවවාද ඇයගේ මානසික පරිවර්තනය සඳහා ම`ග පෙන්වයි. එමෙන්ම අධික තෙල් ආදිය නොයෙ¥ ආහාරද ඔසප් ආරම්භයත් සම`ග වන සුළු අපහසුතා දුරු කිරීමට උදව් වේ.

වැඩිවිය පැමිණිමට ආසන්න දියණියකට දිය යුතු ආහාරපාන මොනවාද?
  • ඇය ශරීරයෙන් පිරිපුන් ගතියක් පෙන්නුම් කරන්නේ නම් අධික ලෙස කිරි, මස් භාවිතය අඩු කළ යුතුය. අධික ප්‍රෝටීනමය ආහාර නිසා වැඩිවිය පැමිණීම අඩු වයසින් සිදුකළ හැකිය. විශේෂයෙන්ම මස් සඳහාම ඇති කරන කුකුළන්ගේ මස් දියණියන්ගේ හෝමෝන ඝ‍්‍රාවයට බලපෑම් ඇති කළ හැකි බව සොයාගෙන ඇත.

  • සාමාන්‍ය  සිරුරක් නම් දිනපතා හොඳ පෝෂණයක්, සමබල ආහාර වේලක් ලබාදීම සිදුකළ යුතුය. උදෑසනම කොළකැඳ හෝ එළකිරි පානය සුදුසුය. හාතවාරිය, ඉරමුසු, ගොටුකොළ ආදියේ කැඳ මේ කාලයට විශේෂිතය. පාන් හා පිටි ආහාර වෙනුවට මුංඇට, කඩල, කව්පි හා උª යොදා පිළියෙල කළ ආහාර ලබාදෙන්න. ඇයගේ උසට සරිලන බර පවත්වා ගැනීම සඳහා නිසි පෝෂණය ලබාදීම මෙහිදී වැදගත් වන බව මතක තබා ගන්න.

උපදෙස් – වෛද්‍ය  කෞමදී කරුණාගොඩ ප‍්‍රසූත හා ස්ත‍්‍රි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ජෙෂ්ඨ කථිකාචාර්ය, අධ්‍යයන අංශ ප‍්‍රධාන, දේශිය වෛද්‍ය විද්‍යා ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය, රාජගිරිය
සටහන – අනුරාධා දිලිනි ඉලන්කෝන්

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK