WATCH Live CRICKET Select A Channel

18 December 2014

ආබාධිත දරුවකු සිටින මවුපියවරුන් මුහුණ දෙන අභියෝග

ආබාධිත දරුවකු සිටින මවුපියවරුන් මුහුණ දෙන අභියෝග_0තමන්ගේ දරුවා ලෙඩින්… ආබාධිත තත්ත්වයෙන් පසුවීම කිසිදු දෙමාපියකුට වාවන්න පුළුවන් දෙයක් නොවෙයි. නමුත් අභාග්‍යයට එවැනි දරුවනුත් කලාතුරකින් හෝ මෙලොවට බිහි වෙනවා.
  • මෙහිදී ආබාධිත කියන්නෙ ශ‍්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත, අංගවිකල දරුවන් පමණක් නොවෙයි. මොළයේ වතුර පිරීම Hydrocephalus නම් තත්ත්වය ඇතුළු තවත් විවිධ හේතු නිසා උපතින්ම ඇති විය හැකි සෙරිබ‍්‍රල් පෝල්සි Cerebral Palsy නම් රෝග තත්ත්වය නිසා බුද්ධි මට්ටම අඩුවීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වීම Children With Special Needs මන්දමානසික වීම, ඔටිසම් Autism රෝගය පැවැතීම යන මේ හැම දෙයක්ම ආබාධිත තත්ත්වයන් ලෙස හඳුන්වන්න පුළුවන්.
මොවුනුත් සමත් දෙයක්… බොහෝ දක්ෂ වන දෙයක් ඇති බව හඳුනාගන්න
  • මෙහිදී සෙරිබ‍්‍රල් පෝල්සි රෝගය සහිත දරුවන්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ මන්දමානසික දරුවන්, බුද්ධි මට්ටමින් අඩු වන මුත් මෙහි දැක්වූ අනෙකුත් සියලූම ආබාධිත දරුවන් සාමාන්‍ය සහ සාමාන්‍ය දරුවන්ටත් වඩා උසස් බුද්ධි මට්ටමකින් High I.Q. Level යුතු අය විය හැකියි. උදාහරණයක් විදිහට ඔටිසම් රෝගය ඇති දරුවන්ගේ භාෂා වර්ධනයක් නෑ. ඔවුන් කතා කරන්නෙත් නෑ. අනෙක් අයගේ කිසිදු කි‍්‍රයාවක් හමුවේ කුමන ආකාරයකටවත් ප‍්‍රතිචාර දක්වන්නෙත් නෑ. නමුත් බොහෝ විට කුමක් හෝ එක දෙයක් අතින් ඉතා ඉහළ බුද්ධි මට්ටමකින් යුතු වීමට බොහෝ අවකාශ තිබෙනවා.
  • ඔටිසම් රෝග කාණ්ඩයටම අයත් ඇස්පර්ජර් රෝගය Asperger’s Syndrome ඇති දරුවන්ගේත් කුඩා කල භාෂා කුසලතාවය ඉතා අඩුයි. අනෙක් අය සමග සමාජ සම්බන්ධතා පැවැත්වීමක් නෑ. නමුත් ඔවුන්ගේ බුද්ධි මට්ටම එක් දෙයක් කෙරෙහී ඉතා ඉහළ තත්ත්වයකින් තිබිය හැකියි. ඇස්පර්ජර් රෝගයත් ආබාධිත තත්ත්වයක් ලෙස සළකන්න පුළුවන්.
ලෝක පූජිතයෝ
  • ඇල්බට් අයින්ස්ටයින්, අයිසෙක් නිව්ටන්, බිතෝවන් වැනි අය පවා ඇස්පර්ජර් රෝගීන් බව සනාථ වී තිබෙනවා. මේ තුන්දෙනාටම කුඩා කල සහජ කුසලතාවයක්වත්, ඉගෙනීම සඳහා කිසිදු දක්‍ෂතාවයක්වත් නොතිබූ අතර එ් නිසා ගුරුවරුන් ඔවුන් කුඩා කල පාසලෙන් නෙරපා හැර තිබෙනවා.
  • නමුත් ඔවුන් පසුව අලූත් සොයා ගැනීම් කර ලෝක පූජිත තත්ත්වයට පත්වුණා. ඔටිසම් සහ ඇස්පර්ජර් රෝගී දරුවන් ආබාධිත ගණයට අයත් වුවත් කුමක් හෝ දක්‍ෂතාවයක් ඔවුන් තුළ තිබෙනවා. එය තේරුම් ගෙන එ් අංශය ඔස්සේ ඔවුන් ඉහළට යැවීම තුළින් නොසිතන තරමේ දුරකට ඔවුනට යන්න පුළුවන්.
ඔබේ දරුවා මේ විදිහට දිරිගන්වන්න
  • කෙසේ වුවත් මේ කුමන ආකාරයේ ආබාධිත දරුවකු ලැබුණත්, මවුපියන්ට එය විශාල වේදනාවක්. ‘නමුත් මේ ළමයා වැඩක් නෑ… එයා සාමාන්‍ය පුරවැසියෙක් කරන්න බෑ’ කියලා පැත්තකට කිරීම නම් කිසිසේත්ම නොකළ යුතුයි. හේතුව ආබාධිත දරුවන් දැන් සාමාන්‍ය පුරවැසියන් ලෙස සමාජගත කිරීමට හැකියාවක් තිබීමයි. මේ තත්ත්වය දැන් අපේ රටේත් බොහෝ දුරට පවතිනවා.
දරුවා වෙනුවෙන් දෙමව්පියන් කළ යුතු දේ
  • නමුත් අපේ රටේ දුර බැහැර පළාත්වල වැසියන් මෙන්ම සමහර නාගරිකයනුත් මෙවැනි ආබාධිත දරුවකු ලැබීම අපලයක් විදිහට සළකනවා. එ් වගේම එබඳු දරුවන් පවුලේ කිසිම දේකට සම්බන්ධ කර නොගෙන ගෙයි මුල්ලට කර සෙසු අයගෙන් වසන් කර ජීවත් වන මවුපියවරුනුත් ඉන්නවා. මේ දරුවන්ගෙන් වැඩක් නෑ කියලා ඔවුන් හිතන්නේ. එ් දරුවන්ට කිසිවකු ඇසුරු කරන්න ඉඩක් දෙන්නෙවත්, පාසල් යවන්නෙ වත් නැති මවුපියවරුනුත් දුර්ලභ නෑ. නමුත් මේක ඉතාම වැරදි සහගත තත්ත්වයක්… ආදර්ශයක්.
දරුවාට පිළිගැනීම දෙන්න
  • බොහෝ විට දෙමාපියන් ආබාධිත දරුවකු ලැබුණු විට දැඩි මානසික ආතතියකට, දුකකට පත්වන බව ඇත්ත. නමුත් සෙසු දරුවන්ට සාපේක්‍ෂව මේ දරුවා අසාමාන්‍ය වීම හා විශේෂිත කෙනෙක් වීම මෙන්ම එවැනි දරුවකු ලැබීම ගැන දෙමාපියන් බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටින බව දරුවාට දැන ගන්නට හැරීම එම දරුවාගේ පෞරුෂ වර්ධනයට ඉතා අහිතකරයි. මේ නිසා එ් දරුවා අකීකරු, ප‍්‍රචණ්ඩ අයකු බවට පත්වීම හෝ සෙසු හැමදෙනාගෙන්ම කොන් වී මුළුගැන්වුණු අයකු බවට පත්වීම මෙන්ම තමන්ගේ වයසේ ප‍්‍රමාණයට නොසරිලන අඩු හැසිරීම් රටාවක් (එනම් අවුරුදු දහයක දරුවකු අවුරුදු තුන හතරක දරුවකු මෙන් හැසිරීම වැනි Regressive Behaviour පළකිරීම සිදුවිය හැකියි. එ් නිසා හැමවිටම තම ආබාධිත දරුවා සාමාන්‍ය හා සම්පූර්ණ දරුවකු ලෙසින් මවුපියන් මෙන්ම පවුලේ හැමදෙනාම පිළිගන්නා බව දරුවාට එ්ත්තු ගැන්විය යුතුයි.
  • ආබාධිත දරුවකුගේ පෞරුෂ වර්ධනයට ඉතා වැදගත් දෙයක් තමයි එ් දරුවාගේ සුළු හෝ කුසලතාවයක්, වර්ධන හැකියාවක් දකින විට හැම දෙනාම ඉදිරියේ දරුවාව අගය කිරීම. නිදසුනක් ලෙස ආබාධිත දරුවකු එ් ආබාධිත බව අභිබවා යමින් තමාට කළ නොහැකි වන විදිහේ සුළු දෙයක් කළත් ප‍්‍රශංසා කිරීම, තෑග්ගක් පිරිනැමීම වැනි දෙයක් දැක්විය හැකියි.
  • එමගින් දරුවා තුළ ආත්ම විශ්වාසයක් ඇතිවන අතර පෞරුෂ වර්ධනයට එය ඉතා යහපත් ලෙස බලපානවා. එ් දරුවා කිසිවක් කරකියා ගන්නට බැරි දරුවකු ලෙස එ්ත්තු ගැන්වීම තුළින් සිදුවන්නෙ දරුවා තවත් පසුගාමී වී මානසික, කායික හා පෞරුෂ වර්ධනය තව තවත් ආපස්සට යෑමයි.
ළමා රෝග වෛද්‍යවරයාට දරුවා පෙන්වන්න
  • තමන්ගේ දරුවා ආබාධිත බව මුලින්ම අවබෝධ කරගත් පසු කළ යුත්තේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට දරුවා පෙන්වීමයි. එවිට එ් තත්ත්වය වෛද්‍යවරයා හඳුනාගෙන එය තමාට අයත් නොවන දෙයක් බව වටහා ගත්තොත් මනෝ වෛද්‍යවරයකු වෙත හෝ රක්තවේද හා පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍යවරයකු Rheumatologist and Rehabilitation Specialistවෙත යොමු කරන ලෙස උපදෙස් දේවි. එහෙමත් නැත්නම් විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු Orthopaedic Surgeonවෙත යොමු කළ යුතු නම් එ් ගැන ඔබට දන්වාවී. මේ ආකාරයට සුදුසු වෛද්‍යවරයකු හමුවීමෙන් දරුවාගේ දුබලතාවය හඳුනාගෙන ප‍්‍රතිකාර මගින් එය අවම කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
භෞතචිකිත්සක ප‍්‍රතිකාර වල වැදගත්කම
  • මෙහිදී මනෝ වෛද්‍යවරුන් ඖෂධ ප‍්‍ර‍්‍රතිකාරවලට අමතරව දරුවාගේ හැසිරීවල වෙනස්කම් ඇති කිරීම සඳහා විශේෂිත චර්යාත්මක ප‍්‍රතිකාරද ලබා දෙනවා. විශේෂිත අවශ්‍යතා ඇති දරුවන් සඳහා විශේෂිත ඉගැන්වීම් ක‍්‍රම ළමා මනෝ විද්‍යාව යටතේ දැන් ගුරුවරුන් පුහුණු කරන විද්‍යා පීඨවලද බොහෝ විටම උගන්වනු ලබනවා. එ් වගේම එ්.එම්.අයි. මොන්ටිසෝරි පාඨමාලාවටත් මේ විෂය ඇතුළත්.
  • අපේ රටේ මහ රෝහල්වල මෙන්ම සමහර මූලික රෝහල්වලත් වෘත්තීය චිකිත්සකවරුන් Occupational Therapist සිටින බව බොහෝ දෙමාපියන් දන්නෙ නෑ. දැනගෙන හිටියත් එවැනි අය කරන්නේ මොනවාද කියලා නොදන්න අයත් සුලබයි. ආබාධිත දරුවන් ඖෂධවලින් තොරව චර්යාවන් හා ව්‍යායාම මගින් එම දරුවාගේ දුබලතාවය අවම කිරීමේ විශේෂිත පුහුණුවක් වෘත්තීය චිකිත්සකවරුන් ලබා තිබෙනවා. එ් අනුව ආබාධිත දරුවා තුළ ඇති හැකියාවන් හඳුනාගෙන එ් ඔස්සේ දරුවා හුරු කිරීම තුළින් අනාගතයේ දරුවාට එ් සම්බන්ධ වෘත්තීයක නියැලීමේ හැකියාව ඇති කරන්නට පුළුවන්. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ මනෝ වෛද්‍යවරයකු හරහා වෘත්තීය චිකිත්සකවරයකු වෙත යොමු විය හැකියි.
දරුවාගේ ප‍්‍රබලතා තිබෙනවා. ඒවාත් හඳුනාගන්න
  • අංගවිකල මෙන්ම ඔටිසම් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යන මේ ඕනෑම ආකාරයක ආබාධ සහිත දරුවන් වෙනුවෙන් වෘත්තීය චිකිත්සකවරයකුගේ සේවය ලබාගන්න පුළුවන්. එ් ඔස්සේ එම දරුවාට තමන්ගේ ආබාධය මැඩගෙන යහපත් අනාගතයක් සකස් කරගන්නට මාවතක් විවර කරගත හැකියි.
  • එ් නිසා එක පැත්තකින් දරුවා දුර්වල වුණාට තවත් බොහෝ පැතිවලින් විශේෂිත හැකියාවන් ඕනෑම දරුවකුට තියෙන්නෙ පුළුවන්. එ් හැකියාව තමන් හඳුනාගන්න බැරි නම් ඉහත කී පරිදි විශේෂිත පුහුණුවක් ඇති අයකු මගින් හෝ හඳුනාගෙන එය වැඩි දියුණු කිරීමට කටයුතු සැලසීම මවුපියන් වශයෙන් ඔබේ යුතුකමයි.
  • එසේ නැතිව ඔටිසම් වැනි රෝග තත්ත්ව නිසා ලියන්න, කියවන්න දුර්වල දරුවකුට ටොකු අනිමින් දරුවාගේ නැති හැකියාවන් ඇති කරන්න උත්සාහ කිරීමෙන් වන්නෙ දරුවාගේ තිබෙන කුසලතාවයන් පවා පිටතට එන්නට ක‍්‍රමයක් නැතිව තව තවත් මොට වී යාමයි.
    අන්තිමට දරුවාට අමුතුවෙන් දෙයක් ඉගෙන ගන්නට හැකියාවක් නොලැබෙන සේම තියෙන හැකියාවෙනුත් වැඩක් ගන්නට බැරි වී දරුවා තවත් අසරණ වීමයි සිද්ධ වෙන්නේ.
දරුවා සමාජගත කරන්න මගක් ඇත
  • මේ ආකාරයට ආබාධිත දරුවා නියම අයුරින් හැඩගැස්වීම තුළින් එවැනි දරුවකුට සාමාන්‍ය දරුවකුට වඩා ඉහළට යාමේ හැකියාව තිබෙනවා. එ් වගේම සාමාන්‍ය දරුවකුට වඩා ආබාධිත දරුවකුට දෙමාපියන්ගේ වැඩි අවධානයක් යොමු වන නිසා කුඩා කළ සිටම එම දරුවන් තුළ දෙමාපියන් සමග ලොකු බැඳීමක් ඇතිවෙනවා.
  • මේ අනුව දෙමාපියන් වයස්ගත වූ පසු සාමාන්‍ය දරුවන්ට වඩා ආබාධිත දරුවකුගෙ දෙමාපියන්ට සළකන්නට වැඩියෙන් යොමුවන බවද සනාථ වී තිබෙනවා. එ් අනුව ආබාධිත දරුවාට යා යුතු පාර ඹිපෙන්වා දීම ඔබේ වගකීමයි.
මේ දරුවා අසාමාන්‍ය වීම හා විශේෂිත කෙනෙක් වීම මෙන්ම එවැනි දරුවකු ලැබීම ගැන දෙමාපියන් බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටින බව දරුවාට දැන ගන්නට හැරීම එම දරුවාගේ පෞරුෂ වර්ධනයට ඉතා අහිතකරයි.
ආබාධිත දරුවන් ඖෂධවලින් තොරව චර්යාවන් හා ව්‍යායාම මගින් එම දරුවාගේ දුබලතාවය අවම කිරීමේ විශේෂිත පුහුණුවක් වෘත්තීය චිකිත්සකවරුන් ලබා තිබෙනවා. එ් අනුව ආබාධිත දරුවා තුළ ඇති හැකියාවන් හඳුනාගෙන එ් ඔස්සේ දරුවා හුරු කිරීම තුළින් අනාගතයේ දරුවාට එ් සම්බන්ධ වෘත්තීයක නියැලීමේ හැකියාව ඇති කරන්නට පුළුවන්.
උපදෙස් විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK