WATCH Live CRICKET Select A Channel

29 April 2014

29-04-2014 කුමාර් සංගක්කාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ රහස් හෙළි කරයි (Video)  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර යර්ස් එෆ්.එම්. (YES FM ) නාලිකාව මගින් සංවිධානය කළ විශේෂ සජීව වැඩසටහනකට ඊයේ සහභාගි විය.
කුමාර් සංගක්කාරගේ ආදරණීය බිරිඳ යෙහාලි ද එම වැඩසටහනට සහභාගි විය.
එහිදී අදහස් දැක්වූ කුමාර් සංගක්කාර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර දිනයේ කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග කළ කී දෑ විස්තර කළේය.

වැඩසටහන අතරතුර මහේල ජයවර්ධන, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ඩැරන් සැමී දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීම විශේෂත්වයකි.

ඊට අමතරව ප්‍රේක්ෂකාගාරයේ සිටි පුද්ගලයින්ට සංගක්කාර සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමිවිය.

වැඩසටහන අවසානයේදී කුමාර් සංගක්කාරට සමරු තිළිණයක් ද පිරිනැමිණි.

එහිදී ක්‍රීඩා ලෝලියෙකු විසින් නිර්මාණය කරන ලද කුමාර් සංගක්කාරගේ සහ මහේල ජයවර්ධනගේ රුව ඇතුලත් චිත්‍රයක් ද සංගක්කාරට පිරි නැමීම විශේෂත්වයකි.
https://www.youtube.com/watch?v=NzuoawDbc2w&feature=player_embedded

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK