WATCH Live CRICKET Select A Channel

30 April 2014

30-04-14 කැසිනෝ රජා ලංකාව අතහරී.

කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ඉදිකිරීමට යෝජිත 'ක්‍රවුන්' කැසිනෝ ව්‍යාපෘතිය අත්හැර දමන්නට ඕස්ට්‍රේලියා කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් තීරණය කර ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය ඊයේ (29දා) අනාවරණය කෙළේය. ඕස්ට්‍රේලියා ගුවන් විදුලිය ඊයේ වාර්තා කළ ආකාරයට ඔහු සිය කැසිනෝ ව්‍යාපාර සහිත හෝටල් ව්‍යාපෘති මැකාවෝ හා ජපානය වෙත ගෙන යෑමට තීරණය කර තිබේ.පැකර්ගේ මේ තීරණයට හේතු වී ඇත්තේ තම කැසිනෝ හා හෝටල් ව්‍යාපෘතියට විරුද්ධව පැන නැඟි විරෝධතා හා ශ්‍රී ලංකා රජය කැසිනෝ සූදුව පවත්වා ගෙන යෑම සඳහා නීතිමය අවසර ලබාදෙන බවට එක එල්ලේ නොපැවැසීම බව පැවැසේ.

ඕස්ට්‍රේලියා ගුවන් විදුලිය පවසන්නේ ජේම්ස් පැකර්ට අමතරව කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ආරම්භ කිරීමට යෝජිතව තිබූ කැසිනෝ සූදු සහිත සෙසු හෝටල් ව්‍යාපෘතිද නවතා දමා ඇති බවයි.
ඕස්ට්‍රේලියා ජේ‍යෂ්ඨ පර්යේෂණ විශ්ලේෂකයකු වන බ්‍රයන් හැන් මේ පිළිබඳ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපෘතිය අතහැරීමෙන් ආසියාවේ කැසිනෝ ව්‍යාප්ත කිරීමේ ජේම්ස් පැකර්ගේ ව්‍යාපෘතියට බාධාවක් එල්ල නොවන බවයි.

ඔහු පවසන්නේ ඕස්ට්‍රේලියා කැසිනෝ අධිරාජයා තම ව්‍යාපාරය මැකාවෝ හා ජපානයේ ටෝකියෝ වෙත ගෙන යෑමට බලාපොරොත්තු වන බවයි.
ටෝකියෝ ව්‍යාපෘතිය සඳහා අවසර ලැබුණහොත් එය ඇමෙරිකන් ඩොලර් බිලියන 05ක් වටිනා ව්‍යාපෘතියක් වන බවත්, පසුව ඇමෙරිකාව වෙත සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට ජේම්ස් පැකර් සැලැසුම් කර ඇති බවත් පවසන බ්‍රයන් හැන් ආසියාවේ කැසිනෝ ව්‍යාපාර ව්‍යාප්ත කිරීම පැකර්ගේ දිගුකාලීන උපක්‍රමයක් බවද සඳහන් කර ඇත.

පසුගිය සතියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට අදාළ ගැසට් පත්‍රයට අනුව පැකර් විසින් කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ආරම්භ කිරීමට නියමිතව සිටි කාමර 500ක අධිසුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතිය සහිත කැසිනෝ සූදු ව්‍යාපෘතියට ඇ.ඩො. බිලියන 3ක බදුසහන ලබාදීමට නියමිතව තිබිණි.
ජේම්ස් පැකර්ගේ කැසිනෝ සහිත හෝටල් ව්‍යාපෘතිය සඳහා අවසර ලබා දීමට සංශෝධනය කරන ලද ගැසට් පත්‍රයේ 'කැසිනෝ' වෙනුවට 'ආනුෂංගික' පහසුකම් ලෙස දක්වා තිබිණි. පැකර් ශ්‍රී ලංකාවේ සිදුකරන්නට සිටි ව්‍යාපෘතියේ වටිනාකම ඇ.ඩො. මිලියන 350කි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK