WATCH Live CRICKET Select A Channel

30 April 2014

30-04-2014 එකම පීල්ලෙදී කෝච්චි දෙක                 බෝම්බයක් පිපුරුණා වගේ ගැටුණා
කොළඹ සිට පලෙයි බලා ධාවනය කෙරෙන වෙනත් දිනවල සීමිත නැවතුම් වල පමණක් නතර කරන දැයට කිරුළ දුම්රිය බදාදා (30) සාමාන්‍ය නැවතුම්වලද නතර කළ බව පොල්ගහවෙල අප වාර්තාකරු පැවසීය.

විජේසිංහ මහතාද අනතුර වන අවස්ථාවේ රජරට දුම්රියේ සිටි අතර ඔහු මේ සිදුවීම අප වෙත මෙලෙසවාර්තා කළේය.
‘මම රජරට දුම්රියෙන් වව්නියා යමින් හිටියේ.පොතුහැරදී එකපාරටම බෝම්බයක් පිපිරුණා වගේ මහා හඬක් නංවාගෙන දුම්රිය කම්පනය වුණා.මඟීන් මහ හඬින් කෑ ගහන්නත් විලාප තියන්නත් වුණා.අමාරුවෙන් නැඟිටලා මම දුම්රියෙන් බැස්සා.ඉස්සරහට ගිහින් බලනකොට දුම්රිය දෙක එකට ගැටිලා තිබුණා.රියදුරන්ගේ ජීවිත බේරී ඇත්නම් ඒක ලොකු විශ්මයක්.කෑ ගසන මින්ස්සු අතර තුවාල කරුවනුත් හිටියා.අත දරුවනුත් හිටියා.හැටකට වැඩි පිරිසක් තුවාල වෙලා.ඒ අය රෝහල්වලට යවන්න මම හැකි විදිහට උදව් වුණා. 
යාල්දේවි දුම්රිය වේයංගොඩ දී කාර්මික දෝෂයක් නිසා නවතා තිබූ හෙයින් එහි සිටි මගීන්ද දැයට කිරුළ දුම්රියට නැග සිටි නිසා සාමාන්‍ය නැවතුම්වලද එය නතර කරන්නට ඇතැයි පැවසේ. මේ අතර වව්නියා සිට කොළඹ බලා දිවෙන රජරට දුම්රිය පොතුහැර නවතා තිබිය දී එම මංතීරුවේම දැයට කිරුළ දුම්රිය පැමිණ තිබේ. මුහුණට මුහුණ එකිනෙක ගැටුණු දුම්රිය ඉදිරිපස දැඩි හානි සිදුව ඇති බවත් පැවසේ. මේවන විට සිදුවීමෙන් 72ක් රෝහල් ගතකොට තිබේ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK