WATCH Live CRICKET Select A Channel

24 April 2014

මනීෂා ගේ ජීවිතය සිනමාවට නැඟෙයි මනීෂා කොයිරාල නම් වූ ජනප්‍රිය නිළිය සිනමා රසික පරපුරට අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය නැහැ. ඇය පසුගිය මාස ගණනාවක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටිය බවත් කවුරුත් දන්නවා. මේ වන විට 43 වැනි වියෙහි පසුවන මනීෂා තමන්ට වැලඳුණු පිළිකා රෝගයෙන් ගැලවීමට තරම් වාසනාවන්තියක වී සිටිනවා.


ඇය නැවතත් සුපුරුදු සිනමා රංගනයට එක්වීමට සූදානම්. අනූව දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි මේ සුරූපිනිය ගේ බලාපොරොත්තුව කලාත්මක අගයකින් යුතු චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කිරීමයි. මේ අතර මනීෂාගේ ජීවිත කතාව පදනම් කරගෙන බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මේ චිත්‍රපටය වෙනුවෙන් ලියූ තිර නාටකය මනීෂා කියවා ඇති බවත් ඒ සඳහා ඇගේ එකඟත්වය ලැබී ඇති බවත් පැවසෙනවා.
“අසනීප වෙන්න කලින්, මම මගේ ශරීර සෞඛ්‍යය ගැන එච්චර තැකීමක් කළේ නැහැ. ඒත් දැන් නම් මම ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. හැබැයි සමහර වෙලාවට මට බයකුත් දැනෙනවා ආයෙමත් පිළිකා රෝගය හැදේවිද කියලා. ඒ වුණත් මම දැන් දන්නවා එහෙම අසනීප වුණොත් කොහොමද ඒකට මූණ දෙන්නේ කියලා. කවුරුවත් හිතන්න නරකයි, පිළිකා රෝගය හැදුනාම තමන් මරණ දඬුවමට ලක්වුණාය කියලා. මම අසනීප වෙලා ඉන්න කාලෙදි දන්න කියන අයට ටෙලිෆෝන් කෝල් එකක්වත් දෙන්න බැරිවුණා. ඒත් ගුල්ෂාන් ග්‍රෝවර්, තාබු, ශත්රුගන් සිංහ වගේ හිතවත් අය මට කතා කළා. මේ හැමෝම මගේ පවුලේ අය එක්කත් කතාකරලා මගේ අසනීපය ගැන ගොඩක් විස්තර කතා කළා.” මනීෂා කෙටි සම්මුඛ සාකච්ඡාවකදී එලෙස කියා සිටියා.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK