WATCH Live CRICKET Select A Channel

12 May 2014

12-05-2014 |ජේම්ස්‌ පැකර් ගුටිකෙළියේ විනාඩි 5 ක වීඩියෝව රුපියල් කෝටි 3 කට විකුණයි

දෙන්නගේ වලියේ ඇත්ත කතාව 

යුක්‌රේනයේ බෝම්බ පුපුරද්දී, ඇෆ්ගනිස්‌ථානයේ ඉස්‌ලාමීය අන්තවාදීන් මිනිසුන්ගේ ඛෙලි කපද්දී, සිරියාව ලේකයේ භයානකම යුද්ධ භූමි වලින් එකක්‌ බවට පත් වෙද්දී සහ ලිබියාව භෞතික සටන්වලින් විනාශයට පත් වෙද්දී ඒ සියල්ල පැත්තකට දැමූ බටහිර පුවත් සේවා පසුගිය සතියේ සිය සම්පූර්ණ අවධානය යොමු කළේ ලෝකප්‍රකට කෝටිපතියන් දෙදෙනකු වූ ජේම්ස්‌ පැකර් සහ ඩේවිඩ් ජින්ජල් යන දෙදෙනා ඔවුන් පදිංචිව සිටි ඔස්‌ටේ්‍රලියානු තට්‌ටු නිවාසයෙන් බිමට බැස මහ පාරේ පදික වේදිකාව දිගේ පෙරළෙමින් ගුටි කෙළගැනීමටය. ශ්‍රී ලංකාවේ කැසිනෝ හෝටලයක්‌ ආරම්භ කිරීමට ඉදිරිපත්ව සිටින ජේම්ස්‌ පැකර් යනු අද මෙරට ඉහළ මධ්‍යම පන්තියේ ගෘහස්‌ත නාට්‍යයක්‌ බවට පත්ව තිබේ. ඔවුන් දෙදෙනා කවර හේතුවක්‌ උදෙසා පොර කා ගත්තේද යන්න අදටත් රහසක්‌ වන නමුත් ඒ හේතුව මෙසේ විය හැකිය යන්න ගැන මත කිහිපයක්‌ හටගෙන තිබේ.

දැනට අවුරුදු 46 ක්‌ වයස්‌වන ජේම්ස්‌ ඩග්ලස්‌ පැකර් යනු ඔස්‌ටේ්‍රලියානු මාධ්‍ය ආයතන කිහිපයක අයිතිකරුවූ කෙරී පැකර් නමැත්තාගේ පුත්‍රයාය. මෙයට නව වසරකට පෙර කෙරී පැකර් මිය යන්නේ ඒ වන විට ඩොලර් බිලියන 6.5 ක්‌ව තිබූ සිය අතිමහත් ධනස්‌කන්ධය එකම පුතා වූ ජේම්ස්‌ටත් එකම දුව වූ ගේටල්ට පවරමිනි. Aක‍ඡ නමැති පත්තරකන්තෝරුවක්‌ද භසබැ භැඑඅදරන නමැති රූපවාහිනි ආයතනයෙක්‌ද මේ පවුලේ බූදලයට අයත්ය. කෙරී පැකර් 1977 දී සිය රූපවාහිනි ආයතනයේ ජනප්‍රියත්වය උදෙසා උදරකා ීැරසැි ක‍රසජනැඑ නමැති ක්‍රිකට්‌ තරගාවලියක්‌ ආරම්භ කර ලෝක ක්‍රිකට්‌ ව්‍යාපාරය කණපිට ගැසුවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ඩොලර් මිලියන ගණන් ගෙවමිනි. රස්‌සාවට ක්‍රිකට්‌ ගැසීමෙන් ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි යෑයි මතවාදයක්‌ එකල ඔස්‌ටේ්‍රලියාවේ පැතිර තිබිණ. එංගලන්තය, පාකිස්‌තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ කණ්‌ඩායම්වල ක්‍රීඩකයෝ කෙරී පැකර්ගේ තරගාවලියට ගිවිසුම් අත්සන් කළහ. එවකට එංගලන්ත ක්‍රිකට්‌ පිලේ නායක ටෝනි ග්‍රේග්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ නායක ක්‌ලයට්‌ ලොයිඩ්, ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ පිලේ නායක ග්‍රෙග් චැපල්, ඉම්රාන් ඛාන්, ඉයන් චැපල් යනාදීහු කෙරී පැකර්ගේ ක්‍රිකට්‌ තරගාවලියට එක්‌වූ අය වෙති.

පැකර්වරුන්ගේ වෙළෙඳ අධිරාජ්‍යය තුළ ඉතා වැදගත් වූ තවත් ආයතනයක්‌ වූයේ ක‍රදඅබ ඛසපසඑැා නමැති කැසිනෝ සමාගමය. 2002 දී ජේම්ස්‌ පැකර් එම සමාගමට අනුබද්ධව ක‍රදඅබ ඍැිදරඑි යනුවෙන් හෝටල් සමාගමක්‌ පටන් ගත්තේය. එයට අයත් හැම හෝටලයකම කැසිනෝවක්‌ විය. ඉතා කෙටි කලක්‌ තුළ පැකර් ඔස්‌ටේ්‍රලියාවේ ලොකුම කැසිනෝ හිමියා බවට පත් විය. වසර 2010 වන විට ක්‍රවුන් හෝටල් සමාගම ඩොලර් බිලියන 6 ක්‌ වටිනා දේපලක්‌ බවට පත් විය. ඔස්‌ටේ්‍රලියාව හැරුණු විට මැකාවූ නමැති දූපතෙහිත්, ඇමරිකාවෙහිත්, එංගලන්තයෙහිත් ක්‍රවුන් කැසිනෝ හෝටල් තිබේ. කොළඹ බේරේ වැව ආශ්‍රිතව, ඩොලර් දසලක්‌ෂ 450 ක වියදමින් ඉදිකර වසර 2017 දී විවෘත කිරීමට නියමිත ක්‍රවුන් ශ්‍රී ලංකා කැසිනෝවේ 45% ක කොටස්‌ කාරයා ජේම්ස්‌ පැකර්ය.



දෙවරක්‌ විවාහ වූ ඔහු ඒ බිරියන් දෙදෙනාම අත්හැර දමා මේ ළඟක සිට මිරැන්ඩා කර් නමැති මෝස්‌තර නිරූපිකාවට පෙම් කරන්නට පටන් ගෙන ඇති බව දැක ගැනීමට තිබේ. වයස අවුරුදු 31 ක්‌ වන මිරැන්ඩා, ලොව මිල අධිකතම කාන්තා යට ඇඳුම් නිපදවන ඪසජඑදරස්ි ීැජරුඑ සමාගමේ යට ඇඳුම් නිරූපණයෙහි යෙදන්නීය. එමතුද නොව ඇය එක්‌ දරු මවකි. මේ වන විට සිය පූර්ව විවාහ දෙකෙන් දරුවන් තිදෙනකුගේ පියා බවට පත්ව සිටින ජේම්ස්‌ පැකර්ගේ පෞද්ගලික ධනස්‌කන්ධය ඩොලර් බිලියන 7.7 කි. අද ඔහු ඔස්‌ටේ්‍රලියාව නමැති මහාද්වීපයේ දෙවන ලොකුම ධනවතාය.

පැකර්වරුන්ගේ භසබැ භැඑඅදරන නමැති රූපවාහිනි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ජේම්ස්‌ පැකර් සමග මහපාරේ ගුටි ඇනගත් ඩේවිඩ් ජින්ජල්ය. ඩොලර් මිලියන කෝටියක හෙවත් පැකර්ගේ ධනයෙන් හත්සියයෙන එකක්‌ වත්කම් ඇති ඔහු ඔස්‌ටේ්‍රලියානු රූපවාහිනි කර්මාන්තයේ පුරොගාමී විධායක බෘෘස්‌ ජින්ජල්ගේ පුත්‍රයාය. ජේම්ස්‌ පැකර්ට වඩා අවුරුද්දක්‌ වැඩිමහලු වන වේවිඩ් ඉතා සාමකාමී ගති පැවතුම් ඇති විවාහකයෙකි. ඔහුගේ පියා බෞද්ධයෙකි. භාවනාව ප්‍රගුණ කළ කෙනකි. මේ පරිසරය නිසා ඩේවිඩ් හැදී වැඩුනේ බුදුදහම උගත් ආසියාතික සංස්‌කෘතියේ ගතිලක්‌ෂණ සහිතවය. රූපවාහිනි නිවේදිකාවක හා පුවත්පත් කලාවේදිනියක වූ ඔස්‌්ටේ්‍රලියානු ජාතික ලයිලා මැතිනොක්‌ සමග 2004 දී විවාහ වූ ඔහු ආසියානු ක්‍රමයේ පවුල් ජීවිතය අනුව යමින් ජීවත් වෙයි. ඔහු එක්‌ දරු පියෙකි. ලයිලා ඔහු වෙනුවෙන් දෙවන දරුවා ප්‍රසූත කිරීමටද සුදානම්ය.

ජේම්ස්‌ පැකර් සහ ඩේවිඩ් ජින්ජල් යන දෙදෙනා ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ ක‍ර්බඉරදදන නමැති පාසලේ එකට උගත් අය වෙති. දෙදෙනාගේම වැඩිහිටියෝ මිතුරෝය. එය පවුල් අතර සම්බන්ධයකි. ජේම්ස්‌, සිය දෙවන පෙම්වතිය සමග විවාහ වන ඔහුගේ ඊැිඑප්බ වන්නේ ඩේවිඩ් ය. ජේම්ස්‌ එම දෙවන බිරියගෙන් දික්‌කසාද වන විට ඩේවිඩ් බලවත් සේ විරුද්ධ විය. ජේම්ස්‌ ඔහුගේ දෙවන බිරිය වන එරිකාගෙන් දික්‌කසාද වන්නේ හත් අවුරුද්දක යුග දිවියකින් පසුය.

ඩේවිඩ් එයට විරුද්ධ වෙමින් ජේම්ස්‌ සමග කතා කිරීම අත්හැරියේය. ඒ මීට මාස හයකට පෙරය. පසුගිය ඉරිදා සවස 2.00 ට පමණ ඩේවිඩ් ජින්ජල්ට දුරකතන ඇමතුමක්‌ ලැබුණේය. ඒ ජේම්ස්‌ පැකර්ගෙනි. ඒ වන විට තම තට්‌ටු නිවාසයේ සිටි ඩේවිඩ් පහළින් පිහිටි මහා මාර්ගයට පැමිණියේ දුරකතනය ඔස්‌සේ ජෙම්ස්‌ පැකර්ට බැන වදිමිනි. ඔහුගේ හිසට පහර දෙන බව කියමින් ඩේවිඩ් කෑගැසුවේය. එය සෙස්‌සන්ටද ඇසින. ඔහු තට්‌ටු නිවාසයේ පහළ මාලයට බැස පදික වේදිකාවට අඩිය තබන විට ඉදිරියට පැමිණියේ ජේම්ස්‌ පැකර්ය. ගුටි කෙළිය ආරම්භ කරමින් ඩේවිඩ් පළමු පහර එල්ල කළ බව දැක ගන්නට තිබේ. ඉන් පසු සිදුවූ දේ මේ ලිපිය සමග පලවන ඡායාරූපවලින් දැකගත හැකිය. සටන අවසන් වන විට ජේම්ස්‌ පැකර්ගේ වම් ඇස යට ඉදිමී තිබිණ. සටන් බිමේ තිබී දතක්‌ හමුවිය.

සටන සජීවී ලෙස වීඩියෝ කරන ලදී. එය කළේ බ්‍රෙන්ඩන් බියන් නමැති ඡායාරූප ශිල්පියාය. ඔහු පැපරාසියෙකි. ජේම්ස්‌ පැකර් සහ ඔහුගේ අභනව පෙම්වතිය වූ මිරැන්ඩා කර් පසුපස යමින් ඡායාරූප ගෙන ඒවා පත්තර කන්තෝරුවලට විකුණා මුදල් ඉපයූ ඔහු සටන ඇරඹන විවිටත් සිටියේ ජේම්ස්‌ පැකර් පෙනෙන දුරිනි. සටන පැවැති කාලය විනාඩි 5 කි. එහි වීඩියෝව බ්‍රෙන්ඩන් බියන් විසින් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්‌ෂයකට ඔස්‌ටේ්‍රලියාවේ භැඅි ක‍දරච්ර්එසදබ සමාගමට වික්‌කේය. මේ සමස්‌ත ක්‍රියාවලියේ ජයග්‍රාහකයා ඔහුය.

සටනින් පසු දින පැකර් සහ ඩේවිඩ් යළි එකට සිටිනු දක්‌නා ලදී. එහෙත් දෙදෙනාගේම තඩිස්‌සි වූ මුහුණු සුවවී තිබුණේ නැත.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK