WATCH Live CRICKET Select A Channel

12 May 2014

12-05-2014 |කාංචි රට හැර යයි


පවුලක්‌ වෙනුවෙන් කාන්තාවකට මොනවාද කරන්න බැරි. අන්තිමේ තමන් කරපු සියලු දේවල් අතහැර දාන්න වෙනවා. ඔන්න පසුගිය දවසක අපි කවුරුත් හොඳින් දන්න හඳුනන නිළියකටත් එහෙම දෙයක්‌ කරන්න සිද්ධ වුණා. ඇය නමින් කාංචනා මෙන්ඩිස්‌. ඇය සිය පවුල වෙනුවෙන් ටික දොහකට රට හැර යන්න තීරණය කරලා. ඒ ඇගේ දයාබර සැමියා ජීවත්වන එංගලන්තයට. මොකද දෙන්නා දෙපොළක ජීවත්වෙලා වැඩක්‌ නැති හින්දා තමයි කාංචනා සහ රොෂාන් මේ තීරණය අරගෙන තියෙන්නේ. හැබැයි ක්‍ෂේත්‍රයේ අය නම් වැඩිය මේ තීරණයට කැමැති නැතිලු. සමහරු නම් කැමැතියිලු. මොකද පවුල් ජීවිතේනේ අන්තිමට ඉතුරුවෙන්නේ. කවුරු මොනවා කිව්වත් වැඩක්‌ නැහැ. මෙහෙම තීරණයක්‌ ගත්තේ ඇයි කියලා කාංචනාගෙන් අහන එක තමයි නුවණට හුරු වැඩේ.

ඇයි කාංචනා හදිසියේම රට හැර යන්න හිතුවේ ?

මේක හදිසියේම ගත්තු තීරණයක්‌ නෙමෙයි. කාලයක්‌ තිස්‌සේ හොඳට හිතලා මතලා ගත්තු තීරණයක්‌. අනික හැමෝම දන්නවානේ මමයි රොෂානුයි දෙතැනක ජීවත්වෙන්නේ කියලා. මේ පාර දරුවන් දෙන්නා එක්‌කම මමත් රොෂාන් ඉන්න තැනට යනවා. 

කොච්චර කාලයකටද?


දැනට නම් අවුරුද්දකට විතර කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒක ඉස්‌සරහට බලමුකෝ. හැබැයි රොෂාන්ගේ නිවාඩුවට අපි ලංකාවට ඇවිත් යන්න එනවා. මොනවා වුණත් අපි එහේ ඉන්න කාලය තීරණය කරන්නේ රොෂාන්. මොකද බාබාලා දෙන්නවත් එහේ ඉස්‌කෝලේ දාන්න රොෂාන් තීරණය කරලා ඉවරයි. දැන් මගේ සෙනිත පුතාට අවුරුදු හතරක්‌ විතර වෙනවා. දුව කෙන්ෂා.


දැන් කවදාද එංගලන්තයට යන්නේ?

ලබන 17 වැනිදා. 

භාරගත්තු වැඩවලට එහෙම මොකද වෙන්නේ?

මම මුල ඉඳන් යන්න තීරණය කරලා තිබුණ හින්දා එහෙම වැඩභාරගත්තේ නැහැ. මොකද ඒක බොරු වැඩක්‌ වෙන හින්දා. අනික ඒ මිනිස්‌සුන්ටත් කරන අපරාධයක්‌නේ. මේ වෙනකොට නම් භාරගත්තු වැඩ සියල්ලම ඉවර කළා. ඒක හින්දා අන්තිම දවස්‌වල මම වැඩභාරගත්තේ නැහැ. 

හදාගත්තු පැල දාලා යන්න දුක නැතිද?

මගේ වෘත්තිය පැත්තෙන් නම් අපරාධයක්‌ කියලා හිතෙනවා. ඒ වගේම ලොකු කනගාටුවකුත් තියෙනවා. මොකද මට ලංකාවේ හොඳ පිළිගැනීමක්‌ තිබුණා. ඒ වගේම ලංකාවේ ඕනෑම තැනකට ගියහම අපිට මිනිස්‌සු හරියට සැලකුවා. හැබැයි ඉතිං එංගලන්තයේ මිනිස්‌සු මාව එහෙම අඳුරන්නේ නැහැ. මොනවා වුණත් පවුලක්‌ වෙනුවෙන් ගත්තු තීරණයක්‌ හින්දා දුක්‌වෙන්නේ නැහැ. මම යන්නේ මගේ සැමියා ළඟටනේ.

කාංචනාගේ රසික රසිකාවියන්ට අසාධාරණයක්‌ කරනවා කියලා හිතෙන්නේවත් නැතිද?

ඔව් සමහර මගේ රසික රසිකාවියන්ට එහෙම හිතෙන්න පුළුවන්. මේ වෙලාවේ මම ඔවුන්ව හරිම ආදරයෙන් මතක්‌කරන්න ඕනෑ. ප්‍රේක්‍ෂකයෝ නිසානේ මම දෙවතාවක්‌ම ජනතා සම්මානයට පාත්‍රවෙන්නේ. ඇත්තටම මගතොටේදී මට හොඳ වටිනාකමක්‌ මගේ ප්‍රේක්‍ෂකයෝ ලබාදුන්නා. මොනවා වුණත් ඔවුන්ට අසාධාරණයක්‌ වෙන්නේ නැහැ.

ඔයා කොහොමද එහෙම කියන්නේ ?

ඇයි මම කරපු නිර්මාණ තිඛෙනවා. ඒවා මම ලංකාවේ නොහිටියත් ඉදිරියේදී විකාශනය වේවි. අනික මම කලාව දාලා යන්නේ නැහැ. හොඳ වැඩක්‌ ලැබුණොත් නිවාඩුවට ආපු වෙලාවක හරි භාරගෙන කරනවා. මම වැඩිපුර දරුවන් දෙන්න එක්‌ක ජීවත්වෙන්න ඕනෑ හින්දමයි මෙගා වැඩවලටත් දායක නොවුණේ. ඊටත් වඩා මම මෙගාවල වැඩ කරන්න කැමැති නැහැ. මොකද ඒවගේ කරන්න දෙයක්‌ නැහැනේ. හොඳ වැඩක්‌ ලැබුණොත් අනිවාර්යයෙන්ම භාරගන්නවා. ඒක ස්‌ථිරයි.

ක්‍ෂේත්‍රයේ අය කතාකළේ නැතිද?

ගොඩක්‌ අය කතාබහ කළා. නදීෂා, සංගීත අක්‌කා කතා කරලා සුබපැතුවා. ඒ වගේම සනත් අයියත් කතා කළා. කතාකරපු සමහරු කිව්වේ පවුලක්‌ වෙනුවෙන් ගත්තු හොඳ තීරණයක්‌ කියලයි. තවත් සමහරු කිව්වා ඔයා යනඑක අපරාධයක්‌ කියලත්. හැබැයි මම එංගලන්තයට යන්නේ සන්තෝෂයෙන්. පවුලක්‌ වෙනුවෙන් මම ගත්තු හොඳ තීරණයක්‌ හින්දා. ජනප්‍රියත්වය කියන එක තාවකාලිකයිනේ. හැබැයි සැමියා ස්‌ථිරයි. මොනදේටත් වඩා මට වටින්නේ සැමියාවයි.

කාංචනා එංගලන්තයේ ගිහින් රැකියාවක්‌ එහෙම කරනවාද?

එහෙම අදහසක්‌ නැහැ. දුවයි පුතයි එක්‌ක කාලය ගතකරන්න වෙනවා. ඒක හින්දා රස්‌සාවල් කරන්න බැරිවේවි. 

මේ තීරණයට සැමියා මොකද කිව්වේ ?

රොෂානුයි මමයි කතාවෙලා තමයි මේ තීරණය ගත්තේ. ඒ තීරණය ගැන කිසිදු දුකක්‌ නැහැ. දැනටත් එයා කියන්නේ ඔයාට හොඳ වැඩක්‌ ලැබුණොත් ලංකාවට ගිහින් හරි ඒකට දායකවෙලා එන්න කියලයි. හොඳ වැඩක්‌ ලැබුණොත් මමත් කැමැතියි ලංකාවට ඇවිත් හරි දායකවෙලා ආපසු යන්න

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK