WATCH Live CRICKET Select A Channel

12 May 2014

සල්ලි මවනා වරම දන්නා පිරිමි ගණිකා තැරුව්කරුවා

 කොළඹට තදාසන්න නුගේගොඩ නගරය එවැනි නගර සමඟ සසඳන විටදී එක් උප ප්‍රධාන නරගයක් ලෙස හඳුන්වා දිය හැකියි. නුගේගොඩ මුල්කර ගනිමින් අන් නගර කරා සෘජු ප්‍රවාහන ක්‍රමයක් සහ වෙළෙඳ අවශ්‍යතා මුල් කර ගනිමින් විධිමත් වෙළෙඳ ජාලයක් මේ වන විටද ස්ථාපිත වී හමාරයි. වෙළෙඳ නගරයක් ලෙස භෞතිස්ම වූ කලාපයක එයටම අන්‍ය වූ ලක්‍ෂණ බොහෝමයකි.
ඒවා කාලාන්තරයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ සාධනීය හෝ නිශේධනීය ලක්‍ෂණ වීමට ඇති හැකියාව බොහෝයි.

අද වන විට ජීවිතයේ බොහෝ කරුණු කාරණා මිනිසුන්ගෙන් වියැකී යන තත්ත්වයක් මත ඒවා නැවත ජීවිතය සම බද්ධ කර ගැනීමට මිනිසුන් වෙහෙසෙන්නේ අල්පයක් තරම් වූ සැලෝලයිඩ් උපක්‍රම භාවිත කරමින්. නුගේගොඩ, මහරගම, පිළියන්දල, කොට්ටාව වැනි නගරවල බිහිවී තිඛෙ රූපලාවණ්‍යාගාර සංස්කෘතිය එක අතකින් කඩා වැටෙන ජීවිතවලට කුමන හෝ අරුතක් ලබාගෙන මට්ටමක් අත් පත් කර ගෙන ඇතැයි කීම පිළිගත හැකි කරුණක්.
සංස්කෘතික ජීවිතයකට අවැසි ර්‍ණශරීරය පවත්වාගෙන” යෑම යන්න මස් පිඬු ඉලිප්පෙන මට්ටමක් රෝස පැහැති සමක් ලබා ගැනීම යන්න ප්‍රබල උපක්‍රමයක් බවටත් පත්ව ඇත්තේ මේ නිසා යැයි පැවැසිය හැකියි. මෙවැනි සමාජයකද මිනිසෙක් හට සුවඳ විළවුන් ජීවිතයට අවැසි යන්න පිළිගත හැකි  තර්කයක්. එවැනි තර්ක මත පදනම් වී සිදුවන මෙවැනි දෑ පිළිබඳ ර්‍ණසිතීම” සැකසී ඇත්තේ කෙසේදැයි යන්න තෝරා බේරා ගත යුත්තක්. අප කතානායකයා ඔබට හඳුන්වා දියහැකි වන්නේ පිරිමි ගණිකා තැරුව්කරුවෙක් ලෙස. අප ඔහු පිළිබඳ ඔබට පවසනවාට වඩා ඔබට ඔහුගෙන් ඇසීමට ඇති යමක් ඇසීමට අප තීරණය කළේ මෙවැනි විෂයකදී අනුගමනය කිරීමට ඇති හොඳම පිළිවෙත එය නිසයි.

ගණිකාව කියන්නේ අද වෙද්දි ප්‍රබල සාධකයක් නෙමෙයි. ලිංගික ප්‍රේමය කියන එක රැකියාවක් නෙමෙයි. ආයතන මට්ටමින් නැත්නම් සමාජ මට්ටමින් ගත්තොත් විවිධ විවිධ හැඩතල ඔස්සේ ලිංගික ශ්‍රමය යෙදවෙනවා. නැත්නම් බලහත්කාරයෙන් යොදා ගන්නවා. ඒ වගේ තැනකදී කවුද` මේ පිරිමි ගණිකාව කියන්නේ. මොකද මේක අපි තාම එළිපිට කතා කරපු විෂයක් නෙමෙයි.

ගණිකාව කියන එකේ තේරුම ඔබ දන්නවා නම්, මම කියන්නේ ඒක මුළු සමාජයම තේරුම් අරගෙන තියෙන විදිය නෙමෙයි. අවශ්‍යතාවයක් මුදල් හදල් සමඟ පෑහීමේදී තමයි ර්‍ණගණිකාවර්‍ණ කියන වචනය භාවිතයට එන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනා ඒක ර්‍ණමාකට් එකක්”. මාකට් එකකදී දෙන්නෙක් ඉන්නවා. අවශ්‍යතාව ඇති කෙනා සහ එයට සැපයුම් ලබා දෙන්නා. යම් අවශ්‍යතාවක් සමාජය ඉදිරියේ තියෙනවා නම් එයට  සැපයුමක් තිබිය යුතුයි.
එහෙම නැතුව අපිට ඒ අවශ්‍යතාව බැහැර කිරීමට නොහැකියි. අද උද්ගත වෙලා තියෙන්නේ එවැනි තත්ත්වයක්. මිනිසුන් තමුන්ගේ් දහවල් ජීවිතයේදි අවශ්‍යතාව බැහැර කරනවා. නමුත් රාත්‍රියේදි එය ලබාගන්න උත්සාහ දරනවා. දැන් මේ අන්ත දෙක අතර තමයි ගණිකාව, බ්‍රෝකර්, මැඩම්, අක්කා, විසම ලිංගිකයා (ඒ සඳහා ඔහු භාවිත කළේ වෙනත් නමකි.) සම ලිංගිකයා වගේ මේ මාකට් එක පවත්වාගෙන යන අය නිර්මාණය වෙන්නේ. එහෙම නැතුව වෙන කිසිම දෙයක් මෙතන නැහැ. මිනිස්සු තමන්ගේ සෞඛ්‍යය, එදිනෙදා හුරු පුරුදු වගේ ඒවා ගැන උප ප්‍රධාන විදියට මෙතනදී හිතන්න ඕනෑ. ඒවා වෙනයි. හැබැයි මෙතනදී මූලික වෙන්නේ මෙවැනි ඉල්ලුමක් ඇති වීමට හේතුව සහ එයට අවශ්‍ය සැපයුම අපි ලබාදෙන විදිය. ඒවා පෞද්ගලික මට්ටමින් ඇති වෙලා අද වන විට සමාජමය කරුණු කාරණා දක්වා දුර දිග ගිය ඒවා.

දැන් ඔබ මගෙන් අහයි කවුද මේ පිරිමි ගණිකාව කියන්නේ කියලා. උත්තරය හරිම සරලයි. අර පෙර කිව්ව හැම තැනටම ර්‍ණපිරිමි” කියන නම ආදේශ කරන්න.
එතකොට ඔයාට යම් රූපයක් මැවෙනවානේ, අපි තව කතා කරනවා නම් ඒ කතා කරන කාරණා අර කිව්ව රූපය සමඟ එකතු කරන්න. අන්න එයා තමයි පිරිමි ගණිකාව. සමහර විට සමාජමය විදියට ගැහැනු සමච්චලයට ලක් කරමින් විශාල ගැහැනු පිරිසක්ම පාවිච්චි කරන පුද්ගලයෙක්ම වුණත් පිරිමි ගණිකාව කියන යෙදුම ගැළපෙනවා. මොකද එයාගේ අවශ්‍යතාව ලිංගිකත්වය මත විතරක් නෙමෙයි එතනදි පදනම් වෙලා තියෙන්නේ. මිල මුදල් ලාභ ප්‍රයෝජන එතනදී මූලික වෙලා ඇති. එතකොට ඔවුන් ගණිකාවක්.

සමාජයේ ප්‍රධාන වෙලා තියෙන්නේ ස්ත්‍රී ගණිකාව. ගණිකාවක් කිව්වම අපි දන්නේ එයාව. එතකොට කොහොමද පිරිමි ගණිකාව අපි අඳුනා ගන්නේ. මොකක්ද එයාව තේරුම් බේරුම් කර ගන්න තියෙන විදිය.

අපි අපේ කතාව බොහොම සරලව කරමු. දැන් මම සැලුන් එකක අයිතිකාරයෙක්. ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක්. එක ව්‍යාපාරයකින් ජීවත් වෙන්න බැරි නිසා තව ව්‍යාපාරයක් කරනවා කියලා හිතමු. මම කරන දෙවැනි ව්‍යාපාරය පිරිමි ගණිකාවෝ සපයන එක කියලා හිතමු. එතකොට අපි සපයන්නේ යම් ගෑනු කෙනෙක්ට පිරිමියෙක්. අපි ගණිකාව කියලා දන්නේ පිරිමියාට සපයන ගෑනු කෙනාවනේ. දැන් තත්ත්වය වෙනස්. පිරිමි ගණිකාව අපි තේරුම් ගන්නේ එතනින්. එයත් සාමාන්‍යය කෙනෙක් වගේ ජීවත් වෙන පුද්ගලයෙක්. නමුත් යම් සුවිශේෂී අවශ්‍යතාවක් හැඩ ගස්සන්න එයාව පාවිච්චි වෙනවා.

ඔබ අතරමැදියෙක්නේ. කොහොමද ඒක පටන් ගත්තේ.

ඒකට කලියෙන් මම දෙයක් කියන්නම්. අද වෙද්දි මම මේක තේරුම් බේරුම් කර ගෙන කරගෙන යන රැකියාවක්. ඒ කියන්නේ සැලුන් එක. සැලුන් එකේ ගොඩක් වැඩ කරන පිරිමි අය උපතේදි මොන යම් හේතුවක් නිසා නැත්නම් සමාජයේ ජීවත් වෙද්දි මොන යම් හේතුවක් නිසා ලිංගික වශයෙන් අබල දුබල වුණ අය. ස්ත්‍රියකගේ තියෙන හැඩහුරුව අදුනා ගන්න එයාලට හොඳ ඉවක් තියෙනවා.

ඒකයි ඒ අය මේ වගේ තැන්වල මෙහෙම රස්සාවක් කරන්නේ. ඒ වුණත් ඒ අයගේ වැඩි ළැදියාව තියෙන්නේ පිරිමි අය එක්ක. මොකද ඒ අය ගෑනු අයව සාමානයන් විදියට අඳුනගෙන පිරිමි අයව අඳුන ගන්නේ අසමාන අය විදියට. එතකොට ගැහැනු පාර්ශ්වය වෙනමයි පිරිමි පාර්ශ්වය වෙනමයි කියලා දෙකොටසක් ඉන්නවා. ගැහැනු පාර්ශ්වය නියෝජනය කරන පිරිමියා තමයි ගැහැනු කෙනෙක්ගේ ඉල්ලීම අනුව ඒ ගෑනු කෙනා කැමැති පිරිමියාව හොයලා දෙන්නේ. මේක දීර්ඝ කාලීනව සිද්ධ වුණා. මම මේක අඳුන ගත්තා. ඊට පස්සේ තමයි පිළිවෙළක් ඇතිව මේක කරන්න ගත්තේ. ඒ කියන්නේ මම දැන් 
අතරමැදියෙක්. තාම මාව අඳුන්වන්න නමක් සමාජය දීලා නැහැ. සමහර විට මට නමක් වැටෙන එකක් නැහැ.

පිළිවෙළක් ඇතිව මේක කරන්න ගත්තා කියලා කිව්වේ. මොකක්ද ඒ පිළිවෙළ මට ඒක තේරුම් ගන්න අමාරුයි.

දැන් කාලේ ඕනෑ දේකට පිළිවෙළක් එකතු වෙන්නේ සල්ලිවලින්. මම සල්ලි අරගෙන කරන්න ගත්තම තමයි හැමෝම පිළිවෙළට වැඩ කරන්න ගත්තේ. එතකන් මේක නිකන් අච්චාරු හැළියක්.

ඔයාට තේරෙනවා ඇති. ඒත් අපිට තේරෙනවා අඩුයි. මොකද අපි මේ ගැන දන්න දේ අඩු නිසා. මට පොඩි කතාවත් එක්ක මේ ගැන කියන්න. එතකොට තේරුම් ගන්න ලේසියි.

මෙහෙමයි. ආ.... හරි මම ඒක ඒ විදියට කරන්නම්. මම ඔයාට පොඩි කතා දෙකක් කියන්නම්. අද ජනප්‍රිය වෙලා ඉන්න පුද්ගලයෙක් ගැන එක කතාවක්. අනික එහෙම ජනප්‍රිය නැති ඒත් මේ මාකට් එක ඇතුළේ ඉන්න කෙනෙක් ගැන. ජනප්‍රිය කෙනා ගැන කතාව මෙහෙමයි. එයා රංගන ශිල්පියෙක්. එයා ගාව, එයාගේ රූපලාවණ්‍යය කටයුතු කරන්නේ අදටත් මම ගාව වැඩ කරපු ළමයෙක්. පිරිමි හැඩරුවක් තිබුණට පෙනුම සම්පූර්ණ පිරිමි වුණාට එයා ඇත්තටම ද්වි ලිංගිකයෙක්. ඒ කියන්නේ පිරිමියෙක් වුණාට එයාට තියෙන්නේ ගෑනු හිතක්. අදහස් වුණත් එහෙමයි. මේ කෙනා මම ගාව වැඩ කරද්දි ගොඩක් ජනප්‍රිය වුණා. වැඩට වුණත් දක්‍ෂයා. කිසිම තැනකින් වැඩ ඉගෙනගෙන තිබුණේ නෑ. මෙතනට ඇවිත් තමයි ඉගෙන ගත්තේ.
හරි ඉක්මනට වැඩ ඇල්ලුවා. ඒක හිතා ගන්න බැරි දෙයක්. සමහර විට පිහිටීම, අත් ගුණේ වගේ කියලා අපි හදුන්වන්නේ ඒ අයව වෙන්ඩ ඇති. කොහොම හරි මෙයා ගැන ආරංචි වෙලා ගොඩක් අය අපේ ෂොප් එකට ආවා. ගෑනු අයගේ කොස්මටික් කියන්නේ මවලා දුන්නා වගේ. ඒ තරම්ම ලස්සනයි. අපි ගොඩක් ජනප්‍රිය වුණා. මම සම්පූර්ණ සැලෝන් එක අලුත් කළා. මෙයා වැඩ දන්නවා වුණාට ඒ ගැන ර්‍ණසෙටිෆිකෙට්” නෑනේ. ඒ හින්දා මම එයාව සිංගප්පූර් යැව්වා. එහේ හෙයා ඇන්ඩ් බියුටි ඇකඩමි එකකට. ඉගෙන ගන්න ලංකාවට ආවා. මම කළේ තැන හොයලා දීලා වීසා අරගෙන මම ඇපියර් වුණ එක විතරයි. එයා පාර්ට් ටයිම් වැඩ කරලා තමයි ඉගෙන ගන්න සල්ලි හොයාගෙන තියෙන්නේ. ලංකාවට ඇවිත් මම එක්ක වැඩ කරයි කියලා මම ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ.
මේ ෆීල්ඩ්” එකෙත් කැපිලි කෝටියයි. වැඩ කාරයෙක් හිටියොත් මොනවා හරි කරලා උස්සන්න තමයි තව කෙනෙක් ට්‍රයි කරන්නේ. අර ළමයටත් එහෙමයි. ඒත් එයා ගියේ නෑ. එයාට ටැටූ ගැන ඉගෙන ගන්න ඕනෑ වුණා. මම ආයේ පාරක් කොරියා යවලා මාස තුනක කෝස් එකක් කරන්න ඉඩ දුන්නා. ලංකාවට එද්දි අංග සම්පූර්ණ ර්‍ණටැටු” මැෂින් සෙන්සර් සෙට් එකක් අරගෙන තමයි එයා ආවේ. අපි වැඩ පටන් ගත්තම ලොකු සෙනගක් ආවා. ඒ අතරේ ලොකු ජනප්‍රිය නමක් තියෙන කෙනෙක් හිටියා. මේ මනුස්සයා ඇත්තටම අර ජනප්‍රිය කෙනාට ආදරය කරන්න ගත්තා. ඒක මට තේරුම් ගන්න පුළුවන් දෙයක්. පස්සේ මේ මනුස්සයා දවසේ වැඩි හරියක් අර ජනප්‍රිය කෙනාගේ වැඩ තමයි කළේ. ඒත් මෙයාට වැඩවලට ර්‍ණකෝල්ස්” එනවා. කලම්බු සෙවන් ලොකු ෆැමිලිවලින්. මේක දැනගෙන අර ජනප්‍රිය කෙනා තමුන්ගේ ජනප්‍රියකමයි මෙයාවයි පාවිච්චි කරලා අර විදිහට කෝල් කරන අයව ඇල්ලුවා.
නොයකුත් වරප්‍රසාදවලට කොළඹ ගෑනු අයව ඒවාට ඕනෑ වුණා. ජනප්‍රිය කෙනාට සල්ලි ඕනෑ. ඔන්න දැන් පොඩි පොඩි පාටි. නයිට් ක්ලබ්, ස්විමින් පාටි, (එය එතරම් සමාජයට නිරාවරණය නොවුණ සාදයකි) වලට එයා යන්න ගත්තා. කොළඹ හයි ක්ලාස් සංස්කෘතිය ඔය කොළඹ කියලා අඳුනගත්ත දේට වඩා ගොඩක් වෙනස්. තමන් වැඳුම් පිදුම් කරන එළියේ සමාජයට බොහොම සිල්වත් කියලා පෙන්නන චරිත වන්දනාමාන කරන ගෑනු අය එක්ක පවුල් ජීවිත ගත කරනවා. මම කියන්නේ ආගමකට සම්බන්ධ අය ගැන නෙමෙයි. ඉතින් අපේ මනුස්සයාව පාවිච්චි කරලා අර ජනප්‍රිය කෙනා ඒ සමාජයේ සුරතලෙක් වුණා.
අද වෙද්දි ඒ කෙනාට දවසකට පනස්දාහ ගෙවන ගෑනු අය ඉන්නවා. සමහර දාට අපොයිමන්ට් දෙකයි. එහෙම මෙයාව ගන්න ගෑනු අයගේ ෆැමිලි අවුල්, ගොඩක් අයට මොකක් හරි මෙන්ටලි අවුලක්. හැබැයි පුච්චලා දාන්න සල්ලි තියෙනවා. අද වෙද්දි අර ජනප්‍රිය කෙනාගේ ස්ථීර රැකියාව ගණිකා වෘත්තීය. අපේ මනුස්සයා ඒක දකින්නේ ඒක එයා ලබපු ජයග්‍රහණයක් විදියට. ඒක ඒ මනුස්සයාගේ මෙන්ටලි අවුලක්. ඉතින් දැන් දෙන්නම තමයි රස්සාවට යන්නේ. ෂොපින්වලට යන්නේ. සිංගප්පූරු, චෙන්නායි, මෝල්ඩිවුස් වගේ තැන්වලට ඒ දෙන්න නිතර යනවා.
මොකද මොනව වුණත් ලංකාවේ එළිපිට මේ දේවල් කරන්න අකැමැති අය පිටරට යන්න කැමැතියි. දැන් එහෙම වැඩේ වෙන එකට අර ජනප්‍රිය කෙනා අපේ මනුස්සයාව දෙන්නට කැමැතියි. හැබැයි ජනප්‍රිය කෙනා අපේ මනුස්සයට ළඟදිම ළඟදී අතහැරලා දානවා. තමන්ගේ ස්වාමිපුරුෂයට සලකනවා වගේ තමයි අපේ කෙනා ජනප්‍රිය කෙනාට සලකන්නේ. කෑමවලට වෙනම මෙනු එකක්. රෑ දහය වෙද්දි නිදාගන්න ඕනෑ. උදේට එක්සසයිසස්. ඒ විදියට .... වෙන්න ජනප්‍රිය කෙනා කැමැතියි. දැන් වෙද්දි ඒ ජනප්‍රිය කෙනා තවත් ජනප්‍රිය කෙනෙක් එක්ක තමයි ඇත්තටම ජීවත් වෙන්නේ. ඒක වුණත් අපේ කෙනාට ලොකු දෙයක්. මම දන්නවා අපේ කෙනා පාවිච්චි වෙනවා කියලා. ඒත් එයා ඉන්න හීීන ලෝකේ කඩලා දාන්න හොඳ නෑ.

අනිත් කතාව මොකක්ද?

ඒකත් මේ වගේම තමයි. මෙතන හැම කතාවකම තියෙන්නේ පොඩි වෙනසක්. තව ළමයෙක් ආව වැඩ ඉගෙන ගන්න. එයා ඇවිත් මාස තුනක් විතර අපි ගාව හිටියේ. ඒ කාලෙට වැඩ හොඳට ඉගෙන ගත්තා. මෙතනට එන ගෑනු අයට එයාව ඕනෑ වුණා. ඒකේ පුරුද්ද අර ජනප්‍රිය කෙනා එක්ක ඉන්න මනුස්සයා ඇති කරපු එකක්. පස්සේ එයා තව යාළුවෝ දෙතුන් දෙනෙක්ව අරගෙන ආවා. වැඩ පුරුදු වෙන්න. පස්සේ පස්සේ මට කෝල් ආවා.
පාටි එකකට කලියෙන් දෙන්නෙක් එවනවද? හෙයාර් ඩිසයිනින් වලට, මේකප්වලට කියලා. මම දන්නවා වෙන දේ. ඉතින් ගාණ කතා කරලා මම එහෙම කරනවා. ෆුල් ගෝල්ඩ් මේකප් එක මෙතන හාරදාහක් වෙද්දි ඉන්ඩිවිජුවල් කරන වැඩේට අපි දහයක් ගන්නවා. ට්‍රාන්ස්පෝට් එක්ක. දහයේ පහක් වැඩේ කරන ළමයට. අනික සැලෝන් එකට. එහෙම තමයි වැඩේ වෙන්නේ. පෙලක් අය වෙඩින් එක තියන හොටෙල් එකක රූම්ස් බුක් කරලා අපේ අය ගෙන්නවා ගන්නවා. ඒ විදයට තමයි පිරිමි ගණිකා සේවය සිද්ධ වෙන්නේ. මේ මොඩල් එකට ලංකාවේ තාම නමක් නෑ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK