WATCH Live CRICKET Select A Channel

12 May 2014

12-05-2014 |අටේ කෙල්ලට හැටේ අංකල් ලිංගික හිරිහැර කරයි

බාල වයස්කාර පාසල් දැරියක තම නිවස තුළට ගෙන ගොස් ඇයට බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 62 හැවිරිදි වතු පාලකවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - විජය කටුපත ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක වතු පාලකවරයෙකි. 

සිද්ධියට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 08 ක්වන පාසල් සිසුවියක වන අතර ඇය තම මව ,පියා සහ සහෝදරයා සමග සැකකරුගේ පාලනය යටතේ පවතින වත්තක කම්කරු නිවසක පදිංචිව සිට ඇත. 

පසුගිය 09 වැනිදා ඇය පාසල් ගොස් නිවසට පැමිණ සෙල්ලම් කරමින් සිටින විට පැමිණ ඇති සැකකරු ඇය තමන්ගේ නිවසට කැඳවා ගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙළිවී ඇති බව පොලීසිය කියයි. තම බාප්පා විසින් මෙම අපරාධය කළ බව යම් අයෙකු විමසා සිටියහොත් පවසන ලෙස සැකකරු දැරියට පවසා තිබේ. 

නමුත් දැරිය තමන් මුහුණ දුන් අත් දැකීම සම්බන්ධයේ වූ තොරතුරු තම මව්පියන්ට පවසා ඇත. ඒ අනුව සිද්ධිය හලාවත පොලීසියට වාර්තා වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

මේවන විට අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලට අතුළත් කර ඇති අතර සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK