WATCH Live CRICKET Select A Channel

12 May 2014

දැන ගියොත් බුක් ෆේස් නොදැන ගියොත් බර කේස්

හිරිමල් තාරුණ්‍යය කියන්නෙ ජීවිතේ වසන්ත කාලය කියලයි සමහරු හඳුන්වන්නෙ. සිනාවෙන්, කෙළිදෙළෙන්, දුව පැන නටන්න හැම කාලෙකදිම එක වගේ බැහැ.

නමුත් අනාගත ජීවිතේ සියලු සාර්ථක අසාර්ථකභාවයන් තීරණය කරන්නත් තාරුණ්‍යයට පුළුවන් කියන එක හැම දෙනකුටම අමතක වී ගිය කාරණයක් බවට පත්වෙලා. තරුණ වයසෙදි අනාගතේ ගැන හිත හිත කාලෙ කා දමන්න ඕන නෑ. තරුණ පිරිමි ළමයින් වගේම තරුණ ගැහැනු ළමයිනුත් දැන් හිතන්නෙ එහෙම. ජීවිතයේ පරමාර්ථය සතුට නම් ඒ වෙනුවෙන් තරුණ තරුණියන් කරන කියන දේවල් විවේචනය කිරීම කොයි තරම් සාධාරණද කියා තීරණයක් ගන්න අමාරුයි. මොකද හැම කෙනාගෙම ජීවිතයේ තාරුණ්‍යය එක්තරා කඩඉමක් නිසා.

ඒ ඒ කෙනා තරුණ කාලෙදි ජීවිතය ගෙවන විදිහ එක සමානම නැහැ. නමුත් විශාල අසමානකමුත් ඒ අතරේ නැහැ.


සොනාලි කියන්නෙත් එහෙම චරිතයක්. ජීවිතේ බරක් පතලක් නොහිතන කෙල්ලෙක්. තරුණ වයසට එළඹුණා විතරයි. පාසල් කාලය කියන්නෙ සොනාලිගේ ජීවිතේ දුකක කොනක්වත් ගෑවුණ යුගයක් කියා කියන්න අමාරුයි. සොනාලි හැදුණෙ අම්මා තාත්තා එක්ක නෙමේ. බාප්පා, පුංචි අම්මා එක්ක. වගකීමක් නැතිව ජීවිතේ අයාලේ යන පියකු සමඟ පුංචි සොනාලිව තියන්න සොනාලිගේ අම්මවත්, අනිත් නෑයනුත් කැමැති වුණේ නෑ.

පරම්පරාවට ලැබුණු පළමුවැනි දරුවගේ වගකීම සියලු ඥාතීන්ටත් තදින් දැනී තිබුණා. මේ සියලු අයගේ හැඟීම් දැනීම් අතරේ තමයි, සොනාලිගේ පුංචි අම්මා සොනාලිව දරුකමට ඉල්ලන්නෙ. දීර්ඝ සාකච්ඡා ආරම්භ වෙන්නත් කලින්ම ගැටලුව විසඳුණා. සොනාලිගේ පුංචි අම්මා අෑට අම්මා වුණා. බාප්පා, පියා වුණා. ජීවිතේ දුකක්, කරදරයක් නැතිව සොනාලිට ජීවත් වීමේ වාසනාව ලැබුණෙ එහෙමයි. තමන් හැදෙන්නෙ මව, පියා ළඟ නොවන බව සොනාලි දැනගෙන සිටියත් ඇයට ඒ පිළිබඳව අඩුවක් දැනුණෙ නෑ.

ජීවිතේ පළමුවැන්නා අම්මා, තාත්තා නොව පුංචි, බාප්පා ලෙසයි සොනාලි නිතර සිතුවේ. සොනාලිගේ බාප්පා කාරුණික මිනිසෙක්. ඒ වගේම වගකීම් සහගතයි. තම නෑනණ්ඩියගේ දියණිය සතුටින් සිටිනවා වගේම ඉදිරියට යන අංග සම්පූර්ණ යුවතියක් කිරීමට ඔහු අපමණ වෙහෙසුණා. සොනාලිව නර්තනය හැදෑරීමට යොමු කළේත් ඇගේ බාප්පාමයි.
සොනාලි කුඩා කාලයේ සිටම ලියන්න කියන්න, නටන්න, කතාවට වගේම පොත පතේ වැඩවලට දක්‍ෂ දරුවෙක්. අෑ ඉගෙන ගත්තේ කන්‍යාරාමයක.


ඉඳහිට පාසල් මවුපිය රැස්වීමකට ඇගේ මව සහභාගි වුණත්, ඇගේ බාරකාරිය පුංචි අම්මා බව පාසලේ අය දැන සිටියා. උසස් පෙළ පන්තියට එනතුරුත් සොනාලිට පෙම්වතෙක් හිටියෙත් නැහැ. නමුත් ආදරයට වැට බඳින්න බැරි වෙලාවක සොනාලිගේ ඥාති සොයුරකු සමඟ සොනාලි ආදරයෙන් බැඳුණා.


ආදරේ ගොඩක් සුන්දරයි. එහෙම සිතූ සොනාලි ආදරේ ගැන පොත්වල ලියන්න ගත්තා. පොත් පත් කියවන්න හුරුවෙලා සිටි සොනාලිට ආදරේ ආගන්තුක එකක් වුණේ නැහැ. පරිවර්තන සාහිත්‍ය, කවි පොත් සහ චිත්‍රපට රස විඳින්න සොනාලි පුරුදු වුණේ සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉඳිද්දියි. ඒ හැමෙකක්ම නැතත් බොහෝ නිර්මාණයන් තුළ සොනාලිට ආදරය හමුවුණා. අෑ ඒ ආදර කතාවලට සංවේදී වුණත් බාප්පගේ පොත් රාක්කයේ සැඟවී තිබුණ "පාන් සහ වයින්", "කොලරා කලේ ආලේ" වැනි ආදර අන්දර මේ මහපොළොවේ නැති බවයි සොනාලි හිතන් හිටියෙ.

නමුත් අෑ ආදර කතාවලට ඇලුම් කළා. ප්‍රථම ප්‍රේමයේ සෙවණැලි තම හදවතට වැටෙද්දි සොනාලි සිතුවේ තමන් අත්දුටු ප්‍රබන්ධ සාහිත්‍යය සත්‍යයක් බව. අෑ සූදානම් වුණේ තමන්ට හමු වූ ප්‍රේමය දිනපතා පොත්වල සටහන් කිරීමට, ආදර ලිපි ලිවීම සොනාලිට සතුටුදායකම අත්දැකීමක් වුණා. එය එතරම් දුර නොගොස් දුක්ඛදායක ලිපියකින් සොනාලිට අවසන් කිරීමට සිදු වුණේ පුංචි අම්මා සහ බාප්පා ඇගේ ප්‍රථම ප්‍රේමයට විරුද්ධ වූ නිසයි. නමුත් ඔවුන්ගේ කාරුණික තරවටු කිරීම් හමුවේ පසුතැවිල්ලකින් තොරව ජීවිතයට මුහුණ දීමට සොනාලිට හැකි වුණා.


"ජීවත් වෙන්න ඹ්ධමඥ චටටචඪප එකක් ඕනෙම නෑ." ඇය එහෙම හිතුවා.

සොනාලි සාර්ථකව උසස් පෙළට මුහුණ දුන්නා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යෑමට හැකියාව තිබියදීත් අෑ එහි ගියේ නෑ. බාප්පා, පුංචි අම්මාගෙනුත් එයට බල කිරීමක් වුණේ නෑ. උසස් පෙළ නිමවීමත් සමඟ සොනාලිට තෑගි ලෙස ලැබුණේ පරිගණකයක් සමඟ ථධඡඪතඥ නඩධදඥ එකක්.


පාසලේ මිතුරු සබඳතාවන්ගෙන් පසුව සොනාලිට ලැබුණ හොඳම යාළුවා තමයි පරිගණකය. සොනාලි කන්‍යාරාමයකට ගියාට ඇයට හිටියේ ගැහැනු යහළුවන් විතරක්ම නෙමේ. බාප්පගේ අනු දැනුම මත සොනාලිට පිරිමි යාළුවොත් ගොඩක් හිටියා. ඒ නිසාම සොනාලිට මිනිසුන් හඳුනා ගැනීම සම්බන්ධව තිබුණේ හොඳ ඉවක්. මිනිසුන් කතා කරන අයුරු, සිනහවෙන අයුරු සහ හැසිරෙන අයුරු ගැන හොඳ අධ්‍යයනයක් සහිතව ආශ්‍රයට සුදුසු මිනිසුන් තෝරා ගැනීමට හොඳ නුවණක් සොනාලිට තිබුණේ.


"මගේ කරට නඟින්න කාටවත් බෑ." සොනාලි එහෙම කීවේ අභිමානයෙන්.

පරිගණකයට අන්තර්ජාල සබඳතා ලැබීමත් සමඟ සොනාලි තම ලිවීමේ හැකියාවන් ප්‍රකාශ කිරීමට බ්ලොග් වෙබ් අඩවියක් (ඕතධඨ) ආරම්භ කළා. අෑ ලියූ කවි, කෙටි කතා, පර්යේෂණයන් අන්තර්ජාලයට මුදා හැරීමට ඇයට තිබුණේ නොමඳ ආසාවක්. මේ සියල්ල අතරේ සොනාලි ටචජඥඡධධඬ ගිණුමක් ආරම්භ කර තිබුණා. රන්මිණී සොනාලි ජයසේන. අෑ ඇගේ සැබෑ නමින්ම ටචජඥඡධධඬ ගිණුම ආරම්භ කර තිබුණා. වසර 2ක් පුරාවට ටචජඥඡධධඬහි නිත්‍ය සාමාජිකාවක්ව සිටියත්, අෑ වෙත එන මිතුරු ඉල්ලීම් (ජ්පඪඥදඤ පඥඳභඥඵබඵ) සොනාලි තෝරා ගත්තෙ හරි පරිස්සමෙන්. අෑ ටචජඥඡධධඬ ගියෙත් කලාතුරකින්. දිනක් ටචජඥඡධධඬ ගිය මොහොතක අෑ වෙත පැමිණ තිබුණ මිතුරු ඉල්ලීමක් අෑ ස්ථීර කළා. ඇයට ඒ සමඟ ලැබුණ පණිවුඩයක් නිසාවෙනුයි අෑ එම ඉල්ලීම ස්ථීර කිරීමට පෙලඹුණේ.


"දිවි කතරේ සෝ සුසුම් මැද

කුණාටුවේ සැඩ බවක කෙළවර

අහම්බෙන් හමු වූ පුංචි රෝස මල

වඩින්නට අවසරද හිත මිතුරු සුළඟට.....?"

එම පණිවුඩය බොළඳ බව දැනුණ මුත් සොනාලි මිත්‍රත්වය ස්ථීර කළේ අෑ ඔහුව දන්නා නිසාවෙන්. ඔහු ලාලින්ද ගජනායක. වෘත්තියෙන් නවකතා රචකයෙක්. සොනාලිට ඔහුව මතක තිබුණෙ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය උළෙලක් නරඹන්න ගිය අතර අහම්බෙන්. ඒ දින කීපය බොහොම සතුටුදායක බව සොනාලිට මතක තිබුණා.


සොනාලි නාට්‍ය උළෙලේ දින හතේම නාට්‍ය නරඹන්න හිටියේ ආසාවෙන්. පාසලේ මිතුරියන් සමඟ මුල් දින තුනේ නාට්‍ය නැරැඹීමෙන් ලත් ආස්වාදයෙන් සොනාලි හතරවන දිනයේත් නාට්‍ය නැරැඹීමට ගියා. හතරවන දිනයේ මඳක් වේලාසන රඟහලට ගිය සොනාලිට ඉන්න වුණේ තනියම. යෙහෙළියන් එනතුරු කල් බලමින් සිටි සොනාලි ළඟින් ආගන්තුකයෙක් වාඩි වුණා. ඔවුන් එකිනෙකා හා සිනාසුණා. ආගන්තුකයා සොනාලි සමඟ කතා කළේ නැහැ. යහළුවන් පැමිණි පසු සොනාලිටත් ඔහු ගැන උනන්දුවක් තිබුණෙ නෑ.


"හායි"

ඊළඟ දිනයේදී ආගන්තුක තරුණයා එසේ කියා සොනාලි ළඟින් වාඩි වුණා. සොනාලිට අමුත්තක් දැනුණේ නැහැ. අදත් ඔහු සමඟ කතා කළා.

සාමාන්‍යයෙන් වේදිකා නාට්‍ය නරඹන්න එන්නෙ ප්‍රකෘතියෙන් ඔබ්බට යමක් සිතන මතන අය බව සොනාලි දැන සිටියා. ලාලින්ද හා සොනාලි ඉතිරි දින දෙකේත් හිතවත්ව ‍ෙදාඩමලු වෙමින් නාට්‍ය නැරැඹුවා. අවසන් දිනයේදී ලාලින්ද සොනාලිගේ දුරකතන අංකය ඉල්ලුවත් එය නොදී සිටීමට අෑ ඔහු පිළිබඳව සැකමුසු වූවා. එම හමුවීමෙන් වසර එකහමාරකට පමණ පසුවයි සොනාලිට ලාලින්ද හමුවන්නේ. ඒ මූණු පොතෙන්, නැතිනම් ටචජඥඡධධඬ එකෙන්.


"ඔයා කෑවද?"

"අද මොනාද ලිව්ව කවි"

"ඉබඥන භන ටඪතථ එක බැලුවද?"

මූණු පොතෙන් ඔහු දිගට හරහට සොනාලිගෙන් ප්‍රශ්න කළා. සොනාලි ලාලින්දගේ කෙටි ප්‍රශ්නවලට කෙටි උත්තර බැන්දා. ඔවුන් දෙදෙනාගේ කතා බහ අතරේ සාහිත්‍ය පොත්, චිත්‍රපට වැනි දෑ මහ ගොඩක් තිබුණා. සොනාලි ඔහුට ඇලුම් කළේ ඔහු මල් කතන්දර ලියන ලේඛකයකු නිසා නොවේ.

එකී බොළඳ භාෂාව යට තිබූ සාහිත්‍යමය දැක්ම නිසාවෙනුයි. ඔහු රටේ ප්‍රසිද්ධ අයකු වුවත් ප්‍රසිද්ධ අය බොහොමයකගේ මිතුරෙක් වුණත් සොනාලිට එය වගක් තිබුණේ නෑ. කවිවලට ඇලුම් කළ සොනාලි මහගමසේකර ගැන ‍ෙදාඩමලු වුණා. සේකරගේ කවිවලින් ලියන්න යමක් සෙවීමට ලාලින්ද පෙලඹවූවා. ලාලින්දගේ පොත් කියවන්න සොනාලිට උනන්දුවක් තිබුණේ නැති වුණත්, ලාලින්ද තමන්ගේ පොත් තැපෑලෙන් එවීමට කැමැත්ත පළ කළා.


දිනෙන් දින දියණියගේ සිදුවන වෙනස්කම් පුංචි අම්මාට හොඳින් වැටහෙමින් තිබුණා. පොත් කීපයක් තැපෑලෙන් පැමිණියේ ඇයිද කියා විමසූ විට සොනාලි කීවේ "සාහිත්‍ය සංගමයක පොත් පුංචී...." කියායි. දියණියට ඇත්තේ ප්‍රේම සම්බන්ධයක් නොවන බව පුංචි අම්මා වටහා ගත්තේ සොනාලිගේ දුරකතන පරීක්‍ෂා කිරීමෙනි. මන්ද සැක සහිත දුරකතන ඇමතුමක් හෝ පණිවුඩයක් දුරකතනයේ නොතිබිණි.

ප්‍රේම සම්බන්ධයක් තිබේ නම් එයට බාධා කිරීමට අදහසක් සොනාලිගේ පුංචි අම්මාට හෝ බාප්පාට නොතිබුණේ දැන් අෑ මූලික අධ්‍යාපනය නිම කළ වැඩිහිටි යුවතියක නිසාය. නමුත් මව පියා තරම්ම වගකීමක් තමන්ටද ඇති නිසාවෙන් ඔවුහු දියණිය කෙරෙහි උනන්දු වූහ.


සොනාලිටද ලාලින්ද පිළිබඳව ඇලුම්කමක් මිස ආදර සම්බන්ධයක් ආරම්භ කිරීමේ වුවමනාවක් නොතිබිණි. අෑ ලාලින්දගේ බාහිර පෙනුම දත්තේ ලාලින්ද තරුණයකු ලෙස ඇන්දද තමන්ට වඩා බොහෝ වයස පෙනුමැති අයකු ලෙසය. සුන්දර යුවතියක වූ තමන්ට ගැළපෙන්නේ කුමන ආකාරයේ කෙනකුදැයි සොනාලි හොඳින් දැන සිටියාය. නමුත් ලාලින්දගේ සමාගමය අත්හැරීමට සොනාලි මැළි වූයේ ඔහු බොහෝ දයාබර අයකු නිසාය. ටචජඥඡධධඬ චැට් කිරීම ඇය ලාලින්දට පමණක් සීමා කළේ ඔහු සමඟ තරම් වෙනත් අයකු සමඟ ෆේස් බුක් ‍ෙදාඩමලුව අර්ථාන්විත නොවන නිසාය.


ලාලින්ද : මේ ලෝකෙ තියෙන්නෙ යෑම් සහ ඒම් පමණයි.

සොනාලි : ඒක කිව්වෙ සරච්චන්ද්‍ර

ලාලින්ද : ඔව්. මටත් වෙලාවක යන්න වෙයි.

සොනාලි : හ්ම්.... කොතැනක හරි නවතින්න වෙයි.

නැවතීමමය ජීවිතය....

එහෙම කිව්වෙ සේකර....

ලාලින්ද : ඔයා නවතින්න.

මම යන්නම්....

සොනාලි : හා....

සොනාලි එහෙම කිව්වේ නැවතත් හැරී යන්න තරම් ගමනක් තමන්ට නොමැති නිසා. නමුත් සාහිත්‍ය මාසේ පොත් ප්‍රදර්ශනය සොනාලිගේ ජීවිතය වෙනස් කළා. සාහිත්‍ය පොත් ප්‍රදර්ශනය නරඹන්න සොනාලිට ලාලින්ද ආරාධනා කළේ මේ අතරේ. සොනාලි එයට එක එල්ලේ "හා" නොකීවාය. එසේ වූයේ තමන්ට වඩා වයසින් බොහෝ වැඩි තරුණයකු සමඟ ගමන් යෑමේ ලැජ්ජාශීලීකම නිසාය. නමුත් අවසානයේ යහළුවන් සමඟ පොත් ප්‍රදර්ශනය නරඹන බව කියා ඇය ගියේ ලාලින්ද සමඟය.


"පුතේ, මේ අවුරුද්දෙත් බාප්පා එයි ඔයා එක්ක යන්න." පුංචි අම්මා සොනාලිට කීවාය.

"හැමදාම බාප්පට කරදර කරලා බෑනෙ. මං අද යාළුවෝ එක්ක යන්නම් පුංචි" සොනාලිගේ ප්‍රතිචාරය එය විය.

පුංචි අම්මාට දියණිය විශ්වාසය. අෑ නිවෙසේ ආදරය මැද හැදුණාට ජීවිතය ගැන යථාවබෝධය ඇති බුද්ධිමත් යුවතියකි. නොතේරුම් වයසේදී ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාව පවා වැඩිහිටි අවවාද මැද නවතා දැමීමට තරම් අෑ කීකරු වූවාය. අම්මා, තාත්තාට මෙන් තමාටත්, සැමියාටත් ආදරය කරන දියණිය සැක කිරීමට පුංචි අම්මාගේ සිත ඉඩ නොදුන්නේ එහෙයිනි.

සොනාලි පොත් ප්‍රදර්ශනයට ගියේ පැකිළෙමින් වුවත් වසර කිහිපයකට පසු හමුවූ සොඳුරු හිතවතා හමුවීමට උනන්දුවක් අෑ තුළ නළියමින් තිබිණි. මෙතෙක් කල් ලාලින්ද හා හුවමාරු කර නොගත් දුරකතන අංකය සොනාලි ඔහුට දුන්නේ හමුවීමේ පහසුව පිණිසය.


ලාලින්ද අෑත සිට තමා වෙත පැමිණෙන විට සොනාලිගේ සිත මඳක් සැලුණේ ඔහුගේ පෙනුම නිසාය. ඔහුගෙන් කොලුකමක් පෙනුණේ නම් ඒ ඔහුගේ ඇඳුමෙන් පමණි. නමුත් ලාලින්ද පැමිණ තමන්ගේ සුරත අල්ලාගත් විට සොනාලිගේ හදවත ඇයද නොදත් හැඟීමකින් පිරී ගොස් ඇයද ඔහුගේ සුරතේ පැටලුණාය. මුළු දිනයම සොනාලි සිටියේ ලාලින්දගේ සුරතේ එල්ලීය. ඔහුගේ ඉරියව් ඇතැම් විට සොනාලි තුළ නොරුස්සනා හැඟීමක් ඇති කළද අෑ හිත හදාගන්නට ඇත්තේ මිනිසකුගේ සිතිවිලි මිසක බාහිර රූපය ලස්සන විය යුතු නැතැයි සිතාය. පොත් ප්‍රදර්ශනයෙන් පසුව සොනාලි ජීවත් වූයේ ආදරයෙන් මත්වීය. දුරකතනයෙන් කතා කරමින් දවස ගෙවීම සොනාලිට අලුත් අත්දැකීමක් විය.

තමන්ට වඩා වසර හතක් වැඩිමල් ලාලින්දට සොනාලි ආදරය කරන බව ලාලින්දගේ මිතුරෝ පවා දැන සිටියහ. ලාලින්දගේ ටචජඥඡධධඬ මිතුරෝද සොනාලි සමඟ චැට් කළහ.
ලාලින්දගේ මිතුරකුගේ පොත් එළිදැක්වීමකදී වරක් සොනාලිව තම මිතුරන්ට හඳුන්වා දුන්නේ "මේ මගේ ඨඪපත ටපඪඥදඤ" කියාය. සොනාලි ලාලින්දව විශ්වාස කළේ එසේය. ටික දවසක් හිඳ පුංචිටත්, බාප්පාටත් ඔහු ගැන කීමට තීරණය කර සිටියාය.


දිනක් දවාලක තරුණ කාන්තාවක් හදිසියේ සොනාලිගේ නිවෙසට පැමිණියේ සොනාලි ලාලින්ද සමඟ චැට් කරමින් සිටියදීමය. පුංචි උස් හ¾ඩින් කතා කරනු ඇසී සොනාලි කතාබහ නවතා එළියට ගියාය. සිදුවීම් පෙළ ගැසුණේ මෙසේය.


පැමිණ සිටියේ ලාලින්දගේ බිරියයි. ඔහු සොනාලිට පොත් එවූ ලිපිනය සොයාගෙන ලාලින්දගේ බිරිය සොනාලිගේ නිවෙසට පැමිණ සිටියාය. ඇය පැමිණ තිබුණේ සියලු තොරතුරු තහවුරු කරගෙනය. ලාලින්දගේ ඇතැම් මිතුරන් සොනාලි පිළිබඳව තොරතුරු අනාවරණය කර තිබිණි. සියල්ල පවසා බිරියකගේ අයිතිය තහවුරු කොට ගර්ජනා කරමින් ලාලින්දගේ බිරිය පිටව ගියාය.

සොනාලි, කිසිත් නොදන්නිය අසරණ වූයේ නිවැසියන් ඉදිරියේ තම ප්‍රේමය හෙළිවීම නිසා නොව හදිසියේ තමන් රැවටුණු බව දැනගත් කම්පනයෙනි. ඇයට කම්පා වන්නට ඉඩක් නොලැබුණේ බාප්පා පැමිණි පසුත්, ඊට පෙර පුංචි අම්මාගෙනුත් ලැබුණ තරවටුව නිසාවෙනි. සොනාලිගේ පරිගණකය කාමරයෙන් සාලයට පැමිණියේය. ජංගම දුරකතනය බාප්පාගේ අත්අඩංගුවට පත් විය. පැයකට දෙකකට පසු හඬමින් සිටි සොනාලි ළඟට පුංචි අම්මා කිට්ටු වූවාය.


"ඇයි පුතේ මෙහෙම දෙයක් කළේ? ඔයාට මොනාද අඩු වුණේ?" පුංචි අම්මා විමසද්දී සොනාලි හොඳටෝම හැඬුවාය.

"මම කියන්න හිටියේ පුංචි. එයා කිව්වා දැන්ම කියන්න එපා කියලා. මම දන්නෑ එයා ථචපපර කරලා කියලා. තාම මාස 2යි චටටචඪප එකට" සොනාලි දිගටම කියද්දී පුංචි අම්මා තවත් පැනයක් නැඟුවාය.

"ඔයාලා කොහෙ කොහෙද ගියේ?"

"දවස් දෙකක් පාක් ගියා පුංචි. එයා කිව්වා පහුවෙලා එකම තැනට යන්නෙ නැතිව තවත් තැන්වලට යමු කියලා. ඒත් යන්න බැරි වුණා." සොනාලි දිගටම ඉකි ගැසුවාය....

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK