WATCH Live CRICKET Select A Channel

23 May 2014

ධනවත්ම නළුවන් අතර ෂාරුක් ඛාන් අංක 2ට



ලොව ධනවත්ම නළුවන් අතර දෙවන ස්ථානයට පත්වීමට ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් සමත්ව සිටිනවා. ඒ වෙල්ත් එක්ස් නම් වූ ජාත්‍යන්තර සගරාවේ නවතම වර්ගීකරණයට අනුවයි. එම වර්ගීකරණයට අනුව ෂාරුක් ඛාන්ගේ වත්කම් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 600 ක්.
නිෂ්පාදකවරයෙකු, රූපවාහිනී වැඩසටහන් නිවේදකයෙකු, රංගන ශිල්පියෙකු සහ ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමේ හිමිකාරිත්වය දැරීම යන කරුණු ඒ සදහා පාදක කර ගැණුනා.

ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් අතර දෙවන ස්ථානයට පැමිණියේ සුපිරි හොලිවුඞ් නළුවන් වන ටොම් කෲස්, ජොනී ඩෙප්්, ටොම් හෑන්ග් යන නළුවන් අභිබවා යමින්වීම විශේෂත්වයක්. 48 වන වියේ පසුවන ෂාරුක් ඛාන් මේ වනවිට රගපා ඇති හින්දි චිත‍්‍රපට සංඛ්‍යාව 50 කට අධිකයි. ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ප‍්‍රහසන රංගනයේ රසික හදවත් දිනාගත් ජෙරි සෙන්ෆීල්ඞ්.

ඔහුගේ වත්කම් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 820 ක්. අමෙරිකානු ඩොලර් මිලියන 480 ක වත්කමක් හිමි ටොම් කෲස් එම ලැයිස්තුවේ 3 වන ස්ථානයට පත්ව තිබෙනවා. සිව් වන ස්ථානයේ පසුව ජොනී ඩෙප්ගේ වත්කම් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 450 ක්.


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK