WATCH Live CRICKET Select A Channel

23 May 2014

අමෙරිකානු හමුදාවට ලිංගික අතවර කරලා


ලිංගික පීඩාවන් ලොව කිසිදු ශිෂ්ට සමාජයක් විසින් අනුමත කරන්නක් නොවේ. යුද අපරාධ,මානව හිමිකම් උල්ලංඝණයවීම් ,ලිංගික අඬතෙට්ටම් ආදී ශිෂ්ටත්වයට එරෙහි ඕනෑම අපරාධයක් එක් අපරාධයකට වඩා උස් හෝ මිටි ලෙස සැලකිය හැකි නොවේ.
ලොව බොහෝ රටවල අපරාධ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය මේවන විට දැඩි අපහසුතාවට පත්ව ඇත්තේ එරට ආරක්ෂක අංශවලට එල්ලවී ඇති ලිංගික අපචාර චෝදනා සුළුකොට තැකිය නොහැකි තරමට වර්ධනය වී ඇති නිසාය.




                                                                        ස්වකීය ආරක්ෂක අංශවලට අදාළව ලිංගික පීඩාවන් පිළිබඳ කරුණු ඇතුළත් අලුත්ම වාර්තාව පෙන්ටගනය විසින් ඉකුත් බ්‍රහස්ප්‍රතින්දා ප්‍රකාශයට පත් කරන ලදී. එහි අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අංශයන්ට චෝදනා එල්ලවන ලිංගික පීඩා පිළිබඳ සිදුවීම් ගණනාවක් ඇතුළත්ය. සාමාන්‍යයෙන් ලිංගික අඬතෙට්ටම්වල ගොදුරු බවට පත්වන්නේ ස්ත්‍රීන් වුවද මෙවර වාර්තාවේ විශේෂත්වය වන්නේ පීඩාවට පත්වූවන් අතිබහුතරය පිරිමින් වීමයි. වාර්තාවට අදාළ ප්‍රාථමික දත්ත සපයාගෙන ඇත්තේ ඉකුත් දෙසැම්බරයේය.




 මේවන විට ප්‍රකාශයට පත් වාර්තාව උපුටා දක්වන අන්දමට ඉතා තීරණාත්මක ලෙස තමන්ට තනතුරෙන් ඉහළ නිලයන්ගෙන් ලිංගික අතවර සිදුව ඇති බව ආරක්ෂක අංශ සාමාජිකයින් පෙන්වාදී තිබේ. සාමාන්‍යයෙන් මෙම සමීක්ෂණය සිදුකරනු ලබන්නේ වසර දෙකකට වරක් වුවද කුමක් හෝ හේතුවක් මත එය 2012 න් ඉක්බිතිව 2013 වසරේදී සිදුකර ඇත.  ඒ අනුව 2013 වසරේ ලිංගික පීඩාවන් පිළිබඳ සිදුවීම් 26,000 ක් වාර්තාවී ඇති අතර එය 2012 වසරට වඩා සංඛ්‍යාත්මක වශයෙන් බෙහෙවින් විශාල බැව් පෙන්ටගනයේ අනාවරණයයි.විශේෂයෙන් සම්ප්‍රදායික ලිංග භේදය ඉක්මවා යමින් තිබීමද එහිදී වැඩි අවධානයකට ලක්ව තිබේ. 



සමීක්ෂණයෙන් හෙළිදරව්වී ඇති අන්දමට අමෙරිකානු ආරක්ෂක හමුදාවන්ගේ ලිංගික අතවර සිදුවීම්වලට ගොදුරුවූවෝ 6.8 %ක් ස්ත්‍රීන්ද,1.2 %ක් පිරිමින්ද සිටිති. එහෙත් සංඛ්‍යාත්මක ලෙස සලකා බලන විට ලොව සෑම ආරක්ෂක හමුදාවක සේම අමෙරිකාවේද ස්ත්‍රීන් හා පුරුෂයන් ලෙස ගත් කළ වැඩිම පිරිසක් පිරිමින්ය. මේ හේතුව නිසා සිදුවීම් සංඛ්‍යාත්මක ලෙස විමසා බලන විට ස්ත්‍රී පාර්ශවය 12,000 ක් ලිංගික පීඩාවන්ට ගොදුරුවන විට පිරිමින් 14,000 ක් ලිංගික අතවරවලට ලක්ව ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.පෙන්ටගනයේ ලිංගික අතවර වැළැක්වීමේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විධායක උපදේශක නේට් ගල්බ්‍රිත් පවසන්නේ ලිංගික පීඩා ස්ත්‍රීන්ට එරෙහි අපරාධ ලෙස බොහෝ දෙනෙකු වරදවා වටහාගෙන සිටින බවයි.


“මේක ළමිස්සියන් ගැන හිතමින් හිත් තෝන්තුවට පත්කර ගැනීමක් නෙවෙයි. විශේෂයෙන්ම ලිංගික ආකර්ශනය  පිළිබඳ තමන්ගේ තෝරාගැනීම මෙන්ම තමන්ට අගතියකට පත්වෙන්න සිදුවූ විට ඒ ගැන වාර්තා කිරීමටද ඇතැමුන් මැලිකමක් දක්වනවා. යුද හමුදා සොල්දාදුවන්,නාවික සෙබළුන් මෙන්ම ගුවන් භටයින් යුද බිමේ ඉහළ නිලයන්ට කරන සත්කාරයක් හැටියට මෙය සලකන බවකුත් පේනවා“නේට් ගල්බ්‍රිත් පවසයි.
50% න් පමණ ලිංගික අඬතෙට්ටම් වාර්තාවීම පිළිබඳ අදහස් දක්වමින් පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ජෝන් එෆ් කර්බි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘පුවත් සේවයට පවසා ඇත්තේ තත්ත්වය පිළිබඳ සැබෑ චිත්‍රයක් අත්දකින්නට ලැබීම සුබදායක බවයි.


“සත්‍ය වශයෙන්ම ඔබට මෙවැනි සිදුවීම්වල සංඛ්‍යාත්මක අගය බිංදුව ලෙස දකින්නට අවශ්‍යයවෙනවා විය හැකියි. එහෙත් මෙම තොරතුරු මගින් පෙනෙන්නේ පීඩාවට පත්වූවන් තත්ත්වය වර්ධනයවීම පිළිබඳ නොපැකිළිව කියා සිටින්නට තරම් තමන් කෙරෙහි විශ්වාසයෙන් යුතුව ඉදිරියට එන බවයි“කර්බි පෙන්වාදෙයි.
මීට පෙරාතුව ලිංගික පීඩාවන් පිළිබඳ වාර්තාවීම් අඩු මට්ටමක පැවතියේ ඒවා වගකිවයුත්තන්ට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් පීඩාවට පත්වූවන් තුළ පැවති අවිශ්වාසය නිසා බැව් ඇතැමුන්ගේ අදහසයි. එසේ නොමැතිව පීඩාවන් සිදුවූයේ අඩුවෙන් යන්න එයින් ගම්‍ය නොවන බව ඔවුන් තරයේ විශ්වාස කරයි.


විශේෂයෙන්ම අලුත්ම වාර්තාවේ කරුණු දැක්වෙන අන්දමට නමගිය ඉහළ මට්ටමේ නිලධාරීන් කිහිපදෙනෙකුටම එරෙහිව චෝදනා එල්ලවී තිබේ. මේ ආකාරයේ තොරතුරු මීට පෙරාතුව මාධ්‍ය මගින් හෝ හෙළිදරව් නොවූයේ එය ආරක්ෂක අංශයන්ගේ අභිමානය මෙන්ම චිත්ත ධෛර්යය බිඳවැටීමට ඉවහල්විය හැකියයි විශ්වාස කළ නිසා විය හැකිය. කෙසේ වෙතත් ‘මානව හිමිකම් පිළිබඳ අන්තර් අමෙරිකානු අධිකරණය‘ තුළ මෙම කරුණු විමර්ශනයට ලක්කිරීමට මේවන විට බලධාරීන් තීරණය කර තිබේ.

                                                          අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සෙනෙට් සභික ක්ලෙයාර් මැක්කැස්කිල් මෙම ලිංගික අතවර වැළැක්වීමට හා අභිමානවත් අමෙරිකානු සොල්දාදුවෙක් නිර්මාණය කිරීමේ අභිප්‍රායෙන් ගෙනෙන ලද පනත් කෙටුමපතකින්ද මෙම සිදුවීම්වලට අදාළව බොහෝ තොරතුරු ප්‍රකාශයට පත්වී ඇත.පෙන්ටගනයේ නවතම වාර්තාව තුළින්ද මෙම සිදුවීම් හෙළිදරව්වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීම සුබදායි සංඥාවක් බැව් ඇයගේ මතය වී තිබේ.


“සිදුවන අපරාධවල සෙවණැල්ලක් පතිතකරමින් සිදුවීම්වල සැබෑ වර්ධනයක් පෙන්වීමෙන් පැහැදිලි වන්නේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලක අවශ්‍යතාවයයි. එසේම අප සැලසුම් කරමින් සිටින එකී වැඩපිළිවෙලට තමන් කෙරෙහි විශ්වාසයෙන් යුතුව කරුණු දක්වමින් දායකවීමයි“ මැක්කැස්කිල් මහත්මිය අවධාරණය කරයි.


‘ආරක්ෂක සේවයේ මෙන්ම සිවිල් වැසියන්ද ඇතුළත්ව පීඩාවට පත්වූවන්ගෙන් බහුතරය එය වාර්තා කිරීමට නොපෙළඹෙන බව අපි දන්නවා.කාකි ඇඳුම් ඇඳගෙන සිටින නිර්භීත ගැහැණුන් හා පිරිමින් යුක්තිය ඉල්ලා බලපෑම් කිරීමට පෙළඹීසිටින බැව් මෙයින් පෙනෙනවා. ඒක හොඳ තත්ත්වයක්“ ඇය වැඩිදුරටත් කියා සිටියි.



ThinkProgress-ඇසුරිණි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK