WATCH Live CRICKET Select A Channel

20 May 2014

ෆේස්බුක් දැන් සිංහලෙන්

ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන Facebook හි මුහුණත භාවිතා කිරීම සඳහා සිංහල භාෂාවද නිල භාෂාවක් ලෙස එක්කොටගෙන ඇත. ඒ අනුව මේවනවිට ෆේස්බුක් පරිහරණය කරන ඔබටද සිංහල භාෂාව මගින් ෆේස්බුක් හැසිරවිය හැක.


ෆේස්බුක් සඳහා සිංහල භාෂාව ලබාදෙන මෙන් පළමුව සිදුකල ඉල්ලීමට වැඩි ජන්ද ප්‍රමාණයක් ලැබුණු පසු Facebook Translations කණ්ඩායම විසින් ෆේස්බුක් මුහුණත සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට අවස්ථාව ලබාදී ඇත.

ෆේස්බුක් සතුව සිංහල පරිවර්තනය කිරීම සඳහා කණ්ඩායමක් නොමැති හෙයින් ශ්‍රී ලංකාවේ ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ ෆේස්බුක් පරිශීලිකයන් පිරිසක් විසින් සිංහල පරිවර්තනය සිදුකොට ඇත. ඒ අනුව ඔවුන් විසින් යෙදුම් 20,000 කට ආසන්න ප්‍රමාණයක් පරිවර්තනය කොට ඇතිඅතර එම පරිවර්තන සඳහා ෆේස්බුක් පරිශීලකයන් කැමැත්ත පළකිරීමත් ඉන්පසුව ෆේස්බුක් පරිවර්තන කණ්ඩායම විසින් අනුමත කිරීමත් සිදුකර ඇත.

ෆේස්බුක් වෙත සිංහල එක්කිරීම සඳහා සෙටින්ග්ස් මෙනුවට ගොස් General සෙටින්ග්ස් වෙතගොස් භාෂාව සිංහල භාෂාව ලෙස තේරීමෙන් සිදුකල හැක. 

මෙම දැවැන්ත කාර්ය සඳහා මුල්වී ඇත්තේ පසිඳු කාවින්ද නම් තරුණයෙකි. ඔහුත් සමග මෙයට දායකවූ පිරිස බලන්න පහතින්. 
fb
5 4 3 2 1

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK