WATCH Live CRICKET Select A Channel

20 May 2014

ෆොටෝ එක ගහන්නේ අපේ කකුල් පෙන්නන්නම තමා (Photos)

ලිංගික අල්ලස් ගැන ලක්ෂිකා හෙළි කරයි 
ටෙලි නාට්‍යය හා චිත්‍රපට නිලි ලක්ෂිකා ජයවර්ධන පසුගිය කාලයේ මාධ්‍යය තුල ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුයේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙකුගෙන් ලිංගික අල්ලස් ලැබුණු බවට සිදු කල චෝදනාවක් හේතුවෙනි.
එම චෝදනා හා කොට ඇඳුම් ඇඳීමේ විලාසිතා අතර සම්බන්ධතාවය පිලිබඳ ඇය පුවත්පතකට දක්වා තිබු අදහස් පහතින් බලන්න.

ප්‍රසිද්ධ වුනේ පසුගිය දවස්වල අධ්‍යක්ෂවරයෙක් සමඟ ඇතිවුණු අරගලයද?

මම ප්‍රසිද්ධ වුණේ කොහොමද කියලා කියන්න දන්නේ නැහැ. සමාජය දකින විදිය විවිධයි. විවිධ හේතු තියෙන්න පුළුවන්. මම ඒ ගැන හිතන්නේ නැහැ. මම ඒ පුද්ගලයා ගැන ඇත්ත හෙළිදරව් කළේ ප්‍රසිද්ධ වෙන්න බලාගෙන නොවේ. තව කෙනකුට ඒ වගේ දෙයක් වෙන එක නතර කරන්න. ඒ ගැන කතා කළා කියලා සියයට සියයක්ම මම ප්‍රසිද්ධ වුණා කියලා හිතන්නේ නැහැ.

ඔබේ විලාසිතා අතර මුල් තැන හිමිවන්නේ අඩනිරුවත් විලාසිතාවලට නේද?

මම හිතන්නේ අඩ නිරුවත් කියන වචනය මෙතැනට ගැළපෙන්නේ නැහැ. පොඩ්ඩක් කකුල් පේන්න ඇන්දා කියලා අඩ නිරුවත් කියලා කියන්න බැහැ. කවදාවත් මම බිකිනි ෂූට් කරලා නැහැ. මට ඕන තරම් බිකිනි ෂූට්වලට ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මම කරලා නැහැ.

ෆොටෝ ෂූට්වලදී කොටට ඇන්දා කියලා මගේ පෙන්වන්න ඕනේ හැමදේම පෙන්වලා නැහැ. අනෙක ඒ තියන ෆොටෝස් බලන්න බැරිකමකුත් නැහැ. මනුස්සයෙක්ගේ ඇතුළාන්තය අඳින ඇඳුම්වලින් මනින්න බෑ. දිගට ඇඳුම් අඳින හැමෝගෙම ඇතුළාන්තය සංවර නැහැ. මම කොටට ඇන්දට යම් ලිමිට් එකක් තියාගෙනයි කරන්නේ.


මොකක්ද ඔයාගේ ලිමිට් එක?
මම බිකිනි අඳින්නේම නැහැ. Short wear කරලා තියෙනවා. කවදාවත් මම අඩ නිරුවතේ උපරිමයට යන්නේ නැහැ. මගේ Limit එක මේකයි කියලා කියන්නත් බෑ. ඒ දේ කරන්නේ පෞද්ගලිකව මගේ කැමැත්තට. ඒ ඒ වෙලාවට. ඒ ඒ සීමා තියෙනවා.


කොටට ඇඳලා මොනවද බලාපොරොත්තු වුණේ?

කොටට ඇඳන් ඉන්න එක මට පහසුයි. මම අඳින දේ බලලා අනෙක් අය ඔයා හරි ලස්සනයි කියලා කියනවට මම හරි ආසයි. මම රාජකාරි වැඩකට යද්දී කොටට අඳින්නේ නැහැ. අනෙක් එක එහෙම විශේෂ හේතුවක් නිසා නෙවේ මම කොටට අඳින්නේ.

ඒත් දකින දකින හැම තැනකදීම ඔබ ඉන්නේ කොටට ඇඳලා

ඔව් Photographers ලා ෆොටෝ එක ගහන්නේ අපේ කකුල් පෙන්නන්නම තමා. මම Photo Shoot වලට Short wear කළා. ඒ අතර Long wear පවා කළා. ඒත් බහුතරය කළේ Short wear වලින් තමයි. ඒකේ මම මහා ලොකු වරදක් දකින්නේ නැහැ.

ක්ෂේත්‍රය ඇතුළේ ඉදිරි ගමනක් යන්න අඩනිරුවත ප්‍රදර්ශනය කරන්නම ඕනේද?

මම එහෙම හිතන්නේ නැහැ. අනෙක කාටද අපි අපේ දේවල් පෙන්වන්න ඕනේ. දක්ෂතාවයයි, වාසනාවයි තියෙනවා නම් තැනකට එන එක කාටවත් වළක්වන්න බෑ. ඒකට අඩනිරුවත පෙන්නන්න ඕනේ නැහැ.


පහුගිය දවස්වල ඇතිවුණු ප්‍රශ්නවලට ඔයාගේ ඔය කොට ඇඳුම් ඇඳීමත් හේතුවෙන්න ඇති කියලා සමහරු චෝදනා කළා..?
මම ඔය කියන අධ්‍යක්ෂවරයා හමුවෙන්න ඔය ෆොටෝස්වල තියෙන විදියේ ඇඳුම් ඇඳන් ගියේ නැහැ. මම ෂූට් එකේදිවත් ඒ වගේ ඇඳුමක් ඇඳන් හිටියේ නැහැ. මාධ්‍යවල භාවිත කළ ෆොටෝස් හින්දා තමයි එහෙම කියනවා ඇත්තේ.ඒ විදියේ ප්‍රශ්නයක් ඇතිවුණේ ඒ අධ්‍යක්ෂවරයාගේ හැඟීම් පාලනය කරගැනීමේ නොහැකියාව නිසා.

lakshika-jayawardhana-nethfm (1) lakshika-jayawardhana-nethfm (2) lakshika-jayawardhana-nethfm (3) lakshika-jayawardhana-nethfm (4) lakshika-jayawardhana-nethfm (5) lakshika-jayawardhana-nethfm (6) lakshika-jayawardhana-nethfm (7) lakshika-jayawardhana-nethfm (8) lakshika-jayawardhana-nethfm (9) lakshika-jayawardhana-nethfm (10) lakshika-jayawardhana-nethfm (11)

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK