WATCH Live CRICKET Select A Channel

18 June 2014

රූපවාහිනිය නරඹමින් ආහාර ගන්න එපා

පසුගිය සතියකදි සාකච්ඡා කළේ උගුරේ යමක් සිරවූ විට සිදුකරන ප්‍රථමාධාර පිළිබඳයි. උගුරේ යමක් සිරවීමේ එක් බරපතළ අවස්ථාවක් පිළිබඳ අද අපි දැන ගනිමු. බොහෝ විට නිවෙස්වලදී මේ අනතුරුදායක තත්ත්වයට මුහුණ දීමට බොහෝ අයට සිදුවනවා.

නිවසේ කුඩා දරුවන් හෝ වැඩිහිටියන් සිටින විට ඔවුන් ආහාර ගැනීමේදී ඔබ වඩාත් විමසිලිමත් විය යුතුයි. මක්නිසාදයත් ඔවුන්ට ආහාර හිරවීමට ඇති ඉඩකඩ බහුල වන නිසයි. මෙහි ඇති බරපතළම තත්ත්වය නම්, උගුර සම්පූර්ණයෙන් හිරවුවොත්, රෝගියාට හුස්ම ගැනීමට නොහැකි වී මරණය පවා උදාවීමට හැකියාව ඇතිවීමයි.

මේ නිසා අප ප්‍රථමයෙන් ම එබඳු තත්ත්වයන් වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. අනතුරට ප්‍රථමාධාර කරනවාට වඩා අනතුරු වළක්වා ගැනීම වටිනවා. මේ සඳහා අප අපේ චර්යාවන්හි යම් යම් වෙනස්කම් කර ගත යුතුයි.

කුඩා දරුවන් හා වැඩිහිටියන් පිළිබඳ අවධානය යොමු කළොත්, ඔවුන්ට ආහාර සැපීම සඳහා දත් නොතිබෙනවා විය හැකියි. ඒ නිසා ඔවුන් ආහාරයට ගන්නා දේ පිළිබඳ ඔබ වඩාත් විමසිලිමත් විය යුතුයි. සැපීමකින් තොරව ගිලීමට හැකිවන පරිදි ඔවුන්ට ආහාර සකස් කර දීම වැදගත්.

අද බොහෝ දෙනා ආහාර ගන්නේ රූපවාහිනිය නරඹමිනි. එසේත් නැත්නම් එකිනෙකා සුහද කතාබහ කරමින්. එය ඉතාමත්ම වැරැදි ක්‍රියාවකි. කතා කරමින් හෝ රූපවාහිනිය නරඹමින් ආහාර ගන්නා විට, ආහාර ස්වසන මාර්ගයේ යාමට (පිට උගුරේ යාමට) හැකියාව තිබෙනවා.

ඒ නිසා ඉතා භයානක ඉරණමකට මුහුණ දීමට ඇති ඉඩකඩ වැඩියි. මාළු, මස් වැනි ආහාර දීමේදී ඒවායේ කටු ඉවත් කර, පි‍්‍රය උපදවන ආකාරයට දිය යුතුයි. රස විඳිමින් ආහාර ගන්නා විට, එබඳු අනතුරුවීමට ඇති ඉඩ ඉතා අඩුයි.

කෙසේ වෙතත් යම් කෙනෙක්ගේ උගුර පූර්ණ වශයෙන් හිරවීමක් සිදුවුණොත්, රෝගියා නිල් පැහැ වී, සිහිසුන්වී වැටීමට පුළුවන්. එබඳු අවස්ථාවක වහාම රෝගියා පැත්තට හරවා උරහිසට පහර කීපයක් ගහගෙන ගහගෙන යන්න.

එවිට උගුරේ සිරවී ඇති දේ එළියට ඒමට හැකියාව ඇත. එසේ නොවී නම් වහාම රෝගියා හුස්ම ගන්නේදැයි බලන්න. රෝගියා හුස්ම නොගන්නේ නම්, ඉක්මනින් රෝගියාගේ මුඛයට ඔබේ මුඛය තබා, නාසය වසා හුස්ම වාර දෙකක් දෙන්න. පසුව පසු තෙරපුම් වාර 30 ක් දෙන්න. මෙය අඛණ්ඩව කරගෙන යා යුතුයි. බොහෝ විට විනාඩි දෙකක් පමණ යද්දී රෝගියා හුස්ම ගැනීම අරඹනවා.

නාඩි වැඩ කිරීමට පටන් ගනී. එසේ නොමැති නම් අඛණ්ඩව එම ක්‍රියාවලිය කරමින්, ළඟම ඇති පහසුකම් සහිත රෝහලකට රෝගියා රැගෙන යාමට කටයුතු කරන්න.

මෙය අවදානම් තත්ත්වයක් වන නිසා, ප්‍රතිජීවන ක්‍රියාවලිය කරමින් රෝගියා රෝහලට ගෙන යා හැකි ආකාරයේ වාහනයක් සපයා ගන්න. ත්‍රිරෝද රථ, යතුරුපැදි ආදියේ එවැනි රෝගියකු රෝහලට ගෙන යන්න හැකියාවක් නෑ.

රෝගියාගේ මුඛයට ඇඟිලි දමා උගුරේ සිරවූ දේ ඉවත් කිරීමට උත්සාහ කරන්න එපා. එමෙන්ම උගුරේ සිරවී ඇති දේ බල බලා සිටීමට කාලය වැයකරන්න එපා. රෝගියාව අපහසුතාවට පත් නොකරමින්, රෝහල් ගතකිරීමට වගබලා ගන්න.

ඇඟිලි දමා සිරවූ දේ ගැනීමට යාමේදී, ඇතැම් විට එය තව තවත් සිරවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. වෛද්‍යවරයාට සියලු තොරතුරු සපයන්න.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK