
හදිසියේ ඔබ දරුණු ලෙස කැපීමකට ලක් වුවහොත් එවන් විටෙක ඔබ කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව යම් දෙගිඩියාවක් ඇති බවට සැකයක් නම් නැත. නමුත් එවන් හදිසියකදී අප නිශ්චිත වශයෙන් සිදු කළ යුතු කාර්යයන් මොනවාද යන්න පිළිබඳව දැන සිටීම අතිශය වැදගත්.
මෙවන් අවස්ථාවකදී කළ යුතු දේ ස්වරූප දෙකක් යටතේ පැහැදිලි කළ හැකියි. එයින් පළමු වැන්න වනුයේ පිහියක් වැනි තියුණු ආයුධයකින් යම් කැපුමක් සිදුවීමයි.
මෙහිදී කළ යුතු වන්නේ
* ඒ කැපුම මත පීඩන ගෝස් පොට්ටනියක් තබා වෙළුම් පටියක් ආධාරයෙන් මැනවින් වෙළා හැකි ඉක්මනින් රෝහල කරා රැගෙන ඒමයි.
* නමුත් මෙහි දෙවැනි අවස්ථාවට අනුව එනම් ඇඟ ඇතුලේ නැත්නම් ඒ ආයුධය ශරීරය හරහා ඇනී තිබේ නම් එවන් අවස්ථාවක, පළමුපියවර ලෙස එය නැවත ගලවා ඉවත් නොකළ යුතුයි.
* රෝල් කරන ලද රෙදි පොට්ටනි දෙකක් ආයුධය ශරීරය හරහා ගිය ස්ථාන දෙක වටා තබා එම ආයුධය නොසෙල්වෙන ලෙස ඒ වටා වෙළුම් පටිවලින් වෙළන්න.
* ඊට හේතුව වනුයේ රෝගියා චලනය වන විට ශරීරය හරහා ඇති ආයුධය මගින් තවත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි විය හැකි බැවිනි.
* එමෙන්ම කෑමට හෝ බීම සඳහා කිසිවක් ලබා නොදිය යුතුයි. මක් නිසාදයත් ශල්‍යකර්මයක් කිරීමට සිදුවුවහොත් එහිදී ඇතිවන තත්ත්වය නිසාවෙනි.
* යම් ලෙසකින් රෝගියා කම්පනයට පත්වී සිහි නැතිව ගියහොත් මෙහිදී කෘත්‍රිම ස්වසන වාර 2 ක්ද පපු තෙරපුම් වාර 30 ක්ද ලබා දිය හැකියි. නමුත් මේ ක්‍රියාවලිය වඩා පරිස්සමින් සිදු කළ යුතුයි. රෝගියාට කරදරයක් නොවන පරිදි.
* මේ පියවර අවසානයේ හැකි ඉක්මනින් රෝගියාව හදිසි අනතුරු ඒකකය වෙත රැගෙන යාම කළ යුතුයි.