WATCH Live CRICKET Select A Channel

18 June 2014

දුරදිග සිතන්නට වෙලාවක්..



රුහුණුකුමාරි දුම්රිය මඳකුදු නොනැවතී, වේගවත්ව ධාවනය වෙයි. එහි ගමනාන්තය ළඟය. මගීහු එහා මෙහා වෙමින් සිය මිතුරන්ට සමුදෙමින් ගමනාන්තයට සූදානම් වූහ. ශීඝ්‍රගාමී දුම්රිය ඊළඟ නැවතුමේ නොනවත්වයි. නමුත් වංගුව හා බිංගෙය පසු කර යන මොහොතේ දුම්රියේ වේගය බාල වෙයි.

දිල්රුවන් වේලාව ගැන සැලකිලිමත් වූවේය. සේවා මුරය ආරම්භ වීමට පෙර, තවත් විනාඩි කීපයක් ඇතුළත සේවා ස්ථානයට යාමට නොහැකිය. ප්‍රමාදයේ පසුතැවීම් සටහන් වූ මුහුණු රැසක් අතරේ දිල්රුවන්ගේ සිතුවිලි අතරමංව තිබිණි. මචං..., අපට වෙලාවක් නෑ. මෙහෙන් බහිමු. මේ හුරුපුරුදු වචන ටික කවුරු කීවාදැයි දැන් දිල්රුවන්ට අමතකය.

නමුත් මේ වදන් තුළ තිබුණේ යම් කිසි පෙලඹවීමක් නොවේද? දුම්රිය බිංගෙය හා වංගුව පසුකරද්දී, යම් තරමකට වේගය බාල කරමින් සන්සුන් විලසක් පෑවේය. මගීහු දොරවල් අසල පිටතට එබෙමින් තරගයකට ඉලක්ක ගත වෙන්නාක් මෙන් දුම්රියෙන් පිටතට පැන ගැනීමට සූදානම් වූහ. දුම්රිය මගීන් හට මෙය හුරුපුරුදු දසුනකි. හැමදාමත් පාහේ මෙසේ සිදුවෙයි.

දිල්රුවන් යළිත් වෙලාව බැලුවේය. ඉක්මන් තීරණයක් ගත යුතුය. දුම්රිය හෙමි හෙමින් වුණද ඉදිරියට ඇදී යයි. පොදි කමින් තෙරපෙන මගීන් අතරේ ඔහුට දුරදිග සිතන්නට වෙලාවක් තිබුණේ නැත. ඔහුගේ සමබරතාව ගිලිහුණි.

ඒ... ඒයි... මචාං... හෝ... හෝ... හෝ... බියපත් කෑ ගැසුම් අෙඳීනාවක් බවට හැරවුණේ එසේය. තවත් මීටර කීපයක් ඉදිරියට ගොසින් දුම්රිය නිහඬ වුණි.

දිල්රුවන් එවන් වේදනාවක් අත්වින්දේ ජීවිතයේ පළමු වතාවට විය යුතුය.

දුම්රිය මැදිරි යටට විසිවී ගොසින් තිබුණු දෙපා කැබලි දිල්රුවන්ගේ සිරුරින් වෙන් වී තිබුණි. “මගේ කකුල් දෙක මං දැක්කා. ඒ වෙලාවෙ මට දැනුණේ කියාගන්න බැරි හැඟුමක්. ඒත් ටික වෙලාවකට පසසේ මට ඒ සත්‍යයට මුහුණු දෙන්න සිද්ධ වුණා.”

“තුවාලවල වේදනාව මට දැනෙන්නේ නැහැ. ඒත් මා ගාවට එන හැමෝටම මට කෑ ගහලා කියන්න හිතෙනවා, අනේ මගෙ කකුල් දෙක මට ගෙනැවිත් දෙන්න කියලා. ඒක කරන්න බැරි බව මං දන්නවා. ඒත් මට මාව සනස ගන්න විදියක් නැහැ.”

දිල්රුවන් මේ මොහොත වන විට ශල්‍ය කර්මයකට මුහුණදීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. ධාවනය වෙමින් තිබුණු ශීඝ්‍රගාමි දුම්රියකින් ඇද වැටුණු ඔහුගේ දෙපා දණහිස්වලට ද ඉහළින් කැපී වෙන්වී තිබූ අතර, කැපී ගිය සිරුරේ තුවාලවල විෂබීජ පැතිරයාම වැළැක්වීමට එම ශල්‍ය කර්මය සිදු කොට තිබේ.

මේ එක් උදාහරණයක් පමණක් යැයි සිතා මේ සිදුවීම අමතක කර දමන්නට එපා. තවමත් තාරුණ්‍යයෙන් සමු නොගත් දිල්රුවන්ගේ අනාගතයට දෙපා අහිමි වීම කෙබඳු අන්දමින් බලපානු ඇත්ද? ඔහුගේ පවුලේ අය මේ අමිහිරි අත්දැකීමට කෙසේ මුහුණ දෙනු ඇත්ද? දිල්රුවන් අපරීක්ෂාකාරී ලෙස දුම්රියෙන් බැසීමට උත්සාහ කළාද, නැතිනම් කළබලකාරී මගීන් අතරේ තෙරපී ඉවතට විසි වුණාදැයි නිශ්චිත නැත.

කෙසේ වෙතත්, එහි අමිහිරි ප්‍රතිඵලය තනිවම විඳගැනීමට දැන් දිල්රුවන්ට සිදුවී තිබේ. උදෑසන හා සවස කාර්යාල දුම්රියවල ගමන් ගන්නා මගීන් බොහෝ දෙනෙක් මේ අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දෙන බව අපි දනිමු.

කාර්යාලයේ ප්‍රමාදය ගැන ඔබ කල්පනා කළ යුත්තේ දුම්රියෙන් බැසීමට සූදානම් වන අවසන් මොහොතේ නොවේ. ඔබට ඉතිරිව ඇති අවසන් විනාඩි දහය හෝ පහක් නිමවෙන්නට පෙර කාර්යාලයට දුවයන්නට ඔබ දරන උත්සාහය හැමවිටම නිවැරැදි නොවන්නට පුළුවනි. ඒ ප්‍රමාදය ඔබට අහිමි කරන්නේ සුළු මුදල් ප්‍රමාණයක් විය හැකි නමුදු, මෙවැනි අනුවන හා හිතුවක්කාරී තීරණ නිසා ඔබේ මුළු දිවියම සදාකාලික ප්‍රමාදයකට හසු වන්නට හැකි බව දුම්රියේ ගමන් කරන ඔබ යළිත් සිහියට ගන්න.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK