WATCH Live CRICKET Select A Channel

11 June 2014

ජගත් ඇද්ද කොක්ක මොකක්ද?

1

ජගත් මනුවර්ණ කියන්නේ අලුත් පරම්පරාවේ දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගියදා පැවති ‘රයිගම් ටෙලීස්‘සම්මාන උළෙලින් පසුව එකී ජූරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය පැට්‍රික් රත්නායක එක්ක කොක්කක් දා ගත්තු බවට මේ දවස්වල ආරංචියක් පැතිර යනවා.
තමන් ‘බොරළුපාර‘ ටෙලිනාට්‍ය වෙනුවෙන් නිර්දේශවී සිටි හොඳම නළුවා සම්මානය නොලැබීම හේතුවෙන් ඔහු පැට්‍රික් රත්නායකට බැණවැදුණු බවට පුවත් පළවී තිබුණා.
පුවත්පත්වලට ඉල්ලා සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් හෝ සම්මාන පස්සේ හඹායන්නෙකු නොවන ජගත්ගෙන් ඇත්ත නැත්ත දැනගන්නට අපට ඕන වුණා.

“මං කවදාවත් සම්මාන පස්සෙ දුවපු කෙනෙක් නෙවෙයි. සම්මාන නොලැබුණු හින්දා බැන්නා කියන කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. කොහොමත් එක්තරා පුවත්පතක් කාලයක් තිස්සේ මගෙන් ගේම ඉල්ලනවා. මොකද ඒ පුවත්පත මගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලුවට මං දෙන්න ගියේ නෑ ඒකයි. පැට්‍රික් රත්නායක මහත්මයත් එක්ක කතා බහක පැටළුණු එක ඇත්ත. සම්මාන උළෙලෙන් පස්සේ පැවති සාදයේදී මං පැට්‍රික් රත්නායක මහත්මාගෙන් ඇහුවේ රංගනය ගැන තීන්දු කරන්න මේ විනිශ්චය මණ්ඩලයේ රංගනය ගැන හැදෑරුව අය ඉන්නෙ කවුද කියලයි. මොකද රංගනය කියන විෂය ක්ෂේත්‍රය සෑහෙන්න පුළුල්. ඒගැන ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන, පර්යේෂණ,ප්‍රවණතා, සෑහෙන්න තියෙනවා. ලංකාවේ පොරවල් කියන අයට මේවා ගැන මෙලෝ හසරක දැනීමක් නෑ. රංගනය ගැන න්‍යායික හෝ ප්‍රායෝගික අල්පමාත්‍රයක හෝ දැනුමක් අවබෝධයක් ඇති කවුරුවත් මේ විනිශ්චය මණ්ඩලයේ හිටියේ නෑ. මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මං ඇහුවේ මේ රටේ දක්ෂ කලාකරුවන් පොදුවේ මුහුණදෙන ප්‍රශ්නයක් ගැන.“ ජගත් කියා සිටියා.



සම්මාන උළෙලක සම්මාන ලබාදීම සම්බන්ධයෙන් විවිධ අයට විවිධ ප්‍රශ්න හෝ මතිමතාන්තර තියෙන්න පුළුවන්. නමට ඉදිරියෙන් ආචාර්ය මහාචාර්ය පදවි පට්ටම් තිබූ පමණින් ඕනෑම අයෙකු ඕනම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙස සැලකීම අතිබහුතරයකගේ පුරුද්දක්. ඒත් සැබෑ ගැටළුවක් පිළිබඳ සැබෑ ප්‍රශ්නයක් ඇසීමට රංගන ශිල්පියෙකුට පමණක් නොව ඕනම කෙනෙකුට අයිතියක් තියෙන බව අපගේ හැඟීමයි.


2
1

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK