WATCH Live CRICKET Select A Channel

23 July 2014

ඔබේ දරුවාගේ හිස පරිස්සම් කරගන්න

headlice1-(1)“අම්මා මගේ ඔළුව කසනවා. මට නම් තවත් ගෙදර වැඩ කරන්න බෑ”,  කියල කවී එයාගේ අත් දෙකෙන්ම ඔළුව කසන ගමන් එයාගේ අම්මට කිව්වා.
හිසේ ඉන්න උකුණන් – මෙය ලංකාවේ බොහෝ පාසල් ළමුන්ට තිබෙන පොදු ප්‍රශ්නයක්. 
මෙයට නියම ලෙසම ප්‍රතිකාර 
නොකලහොත් එය ඔබේ දරුවාගේ ඉගෙනීමට සහ එදිනෙදා ක්‍රියාකාරකම්වලට බලපාන බව ඔබට නිකමටවත් හිතුනාද?

උකුණන් යනු?
උකුණන් යනු අනුන්ගෙන් පෝෂණයවන කුඩා සතෙකි. ඌ ජිවත් වන්නේ මනුෂ්‍ය හිසේ කෙස් සහිත සමේය. උකුණන්ගේ ජිවිතයේ කාල චක්‍රය තුන් ආකාරයකට බෙදී ඇත. එනම්, ලෙඩියා (බිත්තරය), කෝෂ අවස්ථාව(කුඩා උකුණා), සහ උකුණා යන්නෙනි.
උකුණා බෝවන්නේ කෙසේද?
උකුණන් මිනිසාගෙන් මිනිසාට නොයෙකුත් ක්‍රම මගින් ඉතා ඉක්මනින් බෝවෙයි.
  • උකුණන් සිටින කෙනෙකුගේ කෙස්වලින් කෙලින්ම බෝවෙයි.
  • ඇඳුම්වලින් සහ/හෝ අනෙකුත් පුද්ගලික දේවල්වලින් (තොප්පි, තුවා, පනා සහ කොන්ඩා බුරුසු වෙනි දේ, උකුණන් ඇති අයගේ දේවල් බාවිතා කිරීමෙන් )
  • උකුණන් ඇති අය භාවිතා කරන ඇඳේ, කොට්ටයේ හෝ කවිච්චියේ නිදාගැනීමෙන්.
මෙම උවදුරට හසුවන්නේ කවුද?
ලංකාවේ පාසල් ළමුන් ඉතා ඉක්මනින් මෙම උවදුරට හසුවේ. වැඩි වශයෙන් මෙම උවදුරට හසුවී ඇත්තේ අවුරුදු 5-10 අතර ළමුන් හා හිසට ගෑවෙනසේ සෙල්ලම් කරමින් හෝ වෙනත් ක්‍රියාකාරකම් කරමින් සිටින අයයි. ගැහැණු ළමුන්ගේ හිසේ උකුණන් පිරිමි ළමුන්ට වඩා ඉක්මනින් බෝවේ. පිරිමි ළමුන්ගේ හිසේ උකුණන් අරන් දැමීම ගැහැනු ළමුන්ට වැඩ පහසුය. ඒ පිරිමි ළමුන්ගේ කොණ්ඩය කොට නිසාය. දෙමව්පියන්ගේ ජීවිතවල ඇති කාර්යබහුලතාවය ළමුන්ගේ හිස්වල උකුණන් බෝවීමේ ප්‍රවණතාවයට තවත් හේතුවකි. දෙමාපියන් ළමුන්ගේ හිසවල උකුණන් සිටිනවාදැයි සොයා බලන්නේ ළමුන් හිස කැසීම පිළිබඳව දිගටම පැමිණිලි කරනවිටය.
උකුණන් සඳහා ගෙදරදීම කලහැකි පිළියම් සහ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග :
  • ඔබේ දරුවාගේ හිසේ උකුණන් නොමැති වුවත් අඩුම තරමින් සතියකට වරක්වත් දරුවාගේ හිස පරීක්ෂා කර බලන්න.
  • ඔබේ දරුවාගේ හිස උදේ සවස උකුණු පනාවකින් පීරන්න.
  • ඔබේ දරුවාගේ කෙස් සහ සම අතර හොදින් බල ලේඩින් සූරා දමන්න.
  • අන්තිම ලෙඩියා ඉවත්වනතුරුම දිගටම ප්‍රතිකාර කරන්න. ඒ මන්දයත් එක් උකුණෙක් සිටියත්, ඉතාම ටික දිනකින් ඔවුන්ට ප්‍රමාණයෙන් වැඩිවීමට පුළුවන.
  • හැමවිටම ඔබේ දරුවා දිනපතා නානවාදැයි සොයා බලන්න.
  • ඔබේ දරුවාගේ ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් පුද්ගලික භාණ්ඩ වෙන වෙනම තබාගැනීමට සහ එහි ඇති අවශ්‍යතාවය දරුවාට පැහැදිලි කරදෙන්න.

ඔබේ දරුවාගේ හිසේ උකුණන් බොහෝ ඇත්නම්, හිස පීරීම සහ අතින් අරන් දැමීමෙන් පමණක් එය විසදාගත නොහැක. එම අවස්ථාවේදී ගතයුතු නොයෙකුත් අත් බෙහෙත් ලංකාවේ ඇත. මෙයට විනාකිරි, කොහොඹ තෙල්, ඔලිව් තෙල් සහ තේ ගස්වලින් ගන්න තෙල් වර්ගයක් සහ කරාබු නැටි ඇතුලත්වේ.
අවවාදයයි.
ලංකාවේ ගෙදර සාදන ඇත බෙහෙත් දරුවාගේ ශරීරයට නොගලපෙන්නේදැයි (විෂ වේදැයි ) සැක හැර දැනගන්න. ඔබ එම බෙහෙත් දරුවාගේ හිසේ තැවරීමට පෙර දරුවාගේ කණ පිටුපස තවරා විනාඩි 15ක් පමණ තබන්න. දරුවාට ඉන් කිසිම වෙනසක් නොවුයේනම් පමණක් එම බෙහෙත භාවිතා කරන්න.
ඔබ ඔබේ දරුවාගේ ක්‍රියාකාරිත්වය කුඩා සතෙකුට වලක්වන්නට ඉඩ දෙනවාද? ඒ නිසා උකුණන් නැති හිසක් සඳහා ඔබේ දූත මෙහෙවර අදම පටන්ගන්න. එය ඔහුට හෝ ඇයටත් පවුලේ අනෙක් සාමාජිකයන්ටත් ඉතාමත් සහනයක් ගෙන දෙවි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK