WATCH Live CRICKET Select A Channel

23 July 2014

ජීවිත කාලය පුරාවටම ඔබේ දරුවාට හරි මඟ පෙන්වන්න

sunday-schools-2
අම්මා තරිඳුව ඇඳෙන් නැගිට්ටවන්න උත්සහ ගනිද්දී  “අය්යෝ ඉරිදටත් මට උදේ නැගිටින්න ඕනනේ.

 ඇත්තටම අද ඉරිදා ඉස්කෝලේ යන්නම ඕනෙද ?” අසමින්, කුඩා තරිඳු මැසිවිලි කියන්නට පටන් ගත්තා.

ඔබ කී සැරයක් ඔබේ දරුවන්ට ඉරිදා පාසැල් යාමේ අවශ්‍යතාවය කියා දීමට උත්සහ කර ඇද්ද ?

ඉරිදා පාසැල යනු කුමක්ද ?
ඉරිදා පාසැල යනු ළමයින්ට තමන්ගේ ආගම දහම ගැන උගන්වන ස්ථානයයි. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පාසල් මෙන් නොව, ඉරිදා පාසැල සාමාන්‍ය අධ්‍යාපන ආයතනයක් ඉක්මවා ගිය ස්ථානයකි. එය ළමුන්ව ආගමට දහමට පුරුදු පුහුණු කරන අතර, ඔවුන්ගේ ජීවිත වල ඉතා ශක්තිමත් ආගමික පසුබිමක් ඇති කරයි. ශ්‍රී ලංකාවේ ධර්මය ගැන උගන්වන පාසල් සාමාන්‍යයෙන් පවත්වන්නේ ඉරිදා දිනවලදීයි. සෑම ආගමකටම විශේෂිත වූ ඉරිදා පාසල් ඇත.
ශ්‍රී ලංකාවේ ඉරිදා පාසැල්
  • දහම්පාසැල – සාමාන්‍යයෙන් දහම්පාසැල් පවත්වනු ලබන්නේ පන්සල් සහ/හෝ බෞද්ධ ආයතන මගින් හෝ බෞද්ධ සමිති මගින්ය. බුද්ධ ධර්මය හා බෞද්ධ සංස්කෘතිය උගන්වන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ස්වෙච්චා ගුරුවරුන් විසින්ය. දහම් පාසැල්යනවිට ගැහැණු ළමුන් අඳින්නේ ළමා සාරියයි. පිරිමි ළමුන් අඳින්නේ ජාතික ඇඳුමයි. දහම් පාසැල් වැඩි ප්‍රමාණයක උගන්වන්නේ සිංහල මාධ්‍යයෙනි. නමුත්, දැන් කාලයේ කොළඹ සහ නාගරික ප්‍රදේශවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන දහම් පාසැල් සොයා ගැනීම අපහසු නොවේ.

  • හින්දු ආගමික සහ සංස්කෘතික පාසැල් – මෙම පාසැල් පවත්වන්නේ හින්දු ආගම සහ හින්දු සංස්කෘතිය ඉගැන්වීමටයි. මෙම පාසැල් පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ හින්දු කෝවිල් සහ හින්දු පාසැල් මගිනි.

  • ක්‍රිස්තියානි ඉරිදා පාසැල් – මෙම පාසැල් පැවැත්වීමේ අරමුණ වන්නේ ළමයින්ට ක්‍රිස්තියානි ධර්මය හා බයිබලය ඉගැන්වීමටයි. පාසැල් නිල ඇඳුම හෝ වෙනත් ශිෂ්ට සම්පන්න ඇඳුමකින් සැරසී මෙම පන්ති සඳහා සහභාගී විය හැක. මෙම පන්ති සාමාන්‍යයෙන් පවත්වන්නේ පල්ලියක හෝ ක්‍රිස්තියානි පාසැලකයි.

  • මුස්ලිම් දහම් පාසැල් – ඉස්ලාම් ආගමේ ළමුන් තම ආගම ඉගෙනීමට මෙම පාසැල් වලට ගොස් ඔවුන්ගේකුරානය ඉස්ලාම් සංස්කෘතිය සහ එහි ඇදහීම් පිලිබඳ ඉගෙන ගනිති. මෙම පන්ති වලට සහභාගී වීම සඳහා, ඉස්ලාම් භක්තිකයන්ට පමණක් අනන්‍ය වූ ඇඳුමෙන් සැරසීම අනිවාර්ය වේ.

ඉරිදා පාසැල් වලින් සිදුවන ප්‍රයෝජන
ශ්‍රී ලංකාවේ පාසැල් විෂය නිර්දේශයේ ආගම අනිවාර්ය විෂයයකි. ඒ නිසා, ඉරිදා පාසැලක තම ආගම වැඩිදුර ඉගෙනීමෙන්, ළමයාගේ ආගම පිලිබඳ දැනීම පුළුල් වේ. තවද, එය පාසැල් අධ්‍යාපනයට ද උපකාරී වේ.
  • පුහුණු වීම – ඉරිදා පාසැලේදී ධර්මය ඉගෙනීම පාඩම් පොත් වලට පමණක් සීමා වුවක් නොවේ. එතැන ළමයින්ට තම ආගම පුරුදු පුහුණු වීමට ද අවස්ථාවක් ලබා දෙයි. දරුවන්ට නොයෙකුත් ආගමික වැඩ සටහන් වලට සහභාගී වීමටද අවස්ථාවක් ලැබේ. එනම් භාවනා වැඩ සටහන්, දාන පිළිගැන්වීම්, යාච්ඥා කිරීම් සහ පූජාවන්ට සහභාගී වීම යනාදියය.

  • සංස්කෘතිය සහ ශිෂ්ටත්වය – ඉරිදා පාසැල් ඔබේ දරුවාට සත්‍යවාදීව සහ සම්ප්‍රදානුකූලව ජීවත්වීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය උගන්වයි. ඉරිදා පාසැල යනු ශිෂ්ටත්වය, ජීවිතයක අර්ථය සහ න්‍යාය ධර්ම ආදිය ඊළඟ පරම්පරාවට දායාද කරන ස්ථානයකි. ඔවුනොවුන්ගේ ආගමික අනන්‍යතාවය වැඩි දියුණු කරගැනීමට සහ අනෙක් ආගම් වලට ගරු කිරීමටද මෙහිදී ළමුන් පුරුදු පුහුණු වෙති.

  • චරිත සංවර්ධනය – ආගමික ඉගැන්වීම නිසා ළමුන්ගේ චරිතාංගවල දියුණුවක් ඇතිවේ. එනම් සියලුමආගම්වල ඉගැන්වෙන කරුණාව, දයාව, ආදරය, අනුකම්පාව සහ ත්‍යාගශීලී භාවය ආදිය ළමුන්ගේ චරිත ස්වභාවයේ දියුණුවක් ඇති කිරීමට විශිෂ්ට මෙහෙවරක් ඉටු කරයි.

ජීවිතය හොඳින් ඉදිරියට ගෙන යාමට භෞතික දියුණුවක් ලබා ගැනීම පමණක් නොසෑහේ. අධ්‍යාත්මික ගුණධර්ම වගාව සහ ආගම, අපේ ජීවිත තුල මානසික සතුට සහ සන්සුන් භාවය ඇති කිරීමට ඉවහල්වේ. ඒ නිසා, දෙමාපියන් වශයෙන් අපි අපේ දරුවන්ට නිවැරදි මාර්ගය තෝරා දී, ඔවුන් සමාජයට වැඩදායක හොඳ පුරවැසියන් වශයෙන් අනාගතයට භාර දීමට ඇප කැප වෙමු.
ඉරිදා පාසැල්, දෙමාපියන්ගේ මෙම අරමුණු ඉටු කිරීමට විශේෂ කාර්ය භාරයක් ඉටු කරයි. මේ කරුණ සම්බන්ධයෙන් ඔබ එකඟ වෙනවා ද?

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK