WATCH Live CRICKET Select A Channel

18 December 2014

එයා දැන් ලොකු ළමයෙක් දෙමව්පියනි ඔබේ දියණිය ගැන විමසිලිමත් වන්න.


එයා දැන් ලොකු ළමයෙක්  දෙමව්පියනි ඔබේ දියණිය ගැන විමසිලිමත් වන්_0මල්වරය යුවතියකගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයකි. දැරියක ලෙසින් කෙළිදෙලින් කාලය ගත කරන කළ ළමා කාලයේ අවසානය සනිටුහන් වී වගකීම් සහිත යුවතියක ලෙස ඇය එළි දැක්වෙනුයේ මල්වර වීමත් සමගය.
මෙම  සන්ධිස්ථානය පිළිබඳ විවිධ රටවල විවිධ ජාතීන් අතර විවිධාකාර චාරිත‍්‍ර, විශ්වාස, ඇදහිලි දක්නට ඇත. ඒවා ඒ ඒ සමාජ සංස්කෘතික කරුණූ හා බද්ධ වී පවතී. වැඩිවිය  පැමිණිම පිළිබඳ අයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේද ඉතා පුළුල්  විද්‍යාත්මක කරුණූ රාශියක් දක්වා ඇත. අවුරුදු 6000 කටත් එහා පැමිණි මෙම කරුණූ කාරණා අද සමාජයටද  වලංගු වන ලෙස දක්වා තිබීම ඉතාම විශ්මය ජනකය.
මල්වරයට නියමිත වයස
  • මල්වර සඳහා ආයුර්වේද ග‍්‍රන්ථ වල විවිධ නාම දක්වයි. රාජෝ දර්ශන, පුෂ්ප දර්ශන යන වචන මේ අතර වේ.
ප‍්‍රථම ඔසප්වීම
  • මල්වරය පුෂ්පයක් පිපීමට සම කරන ආචාර්යවරු ඒ සඳහා ස්වභාව ධර්මයෙන් උදාහරණ ගෙන හැර පෙන්වයි. මෙහිදී දියණියන් කුඩා පැළැයකට උපමා කරන අතර පැළෑටියක් නියමිත වර්ධනය එළැඹෙන තෙක් මල් හට නොගන්නා ලෙස දැරියකට නියමිත වයසකට එක තෙක් ‘‘පුෂ්ප දර්ශනය’’ හෙවත් මල්වරය සිදුනොවේ. මේ සඳහා ආයුර්වේදයේ සඳහන් වන වයස අවුරුදු 12 කි. කාශ්‍යප ආචාර්යවරයා මල්වරය සඳහා සාමාන්‍ය පිළිගැනෙන උපරිම වයස් සීමාව දක්වා ඇත්තෙ
  • වයස අවුරුදු 16ක්ය. තවත් ආචාර්යවරයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 12- 14 වයස් සීමාවේදී යුවතියක් වැඩිවිය පැමිණිය යුතු වයස ලෙස පිළිගනී. මල්වර වීම අවුරුදු 16කට වඩා ප‍්‍රමාද වේ නම් සොයා බැලිය යුතු කරුණක් ලෙස දක්වා ඇත.
වෙනත් වයස් සීමාවන් වලදී වැඩිවියට පැමණීම ගැටලූකාරි තත්ත්වයක්ද?
  • අවුරුදු 11ටත් වඩා අඩු වයසින් වැඩිවිය  පැමිණිම අද බහුලවම දක්නට ලැබෙන තත්ත්වයකි. එය ඉතා භයානක අවස්ථාවක් නොවේ. නමුත් දැරියක නිසි වයස එළැඹිමට ප‍්‍රථම මල්වර සිදුවීම තුළින් ඇයට ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොතිබීම ගැටලූ සහගත වීමට ඉඩ ඇත. පෞද්ගලිකව සනීපාරක්‍ෂාව රැුකගැනීම මෙහි ප‍්‍රධාන කාරණයයි. මෙය රෝගයක් හෝ අස්වාභාවික  තත්ත්වයක් නොවන බව වටහා දීමට මව විසින්  එවැනි දැරියන් දැනුවත් කළ යුතුය.

මල්වරය අවුරුදු 16 කටත් වඩා ප‍්‍රමාද වීම අස්වාභාවිකද?
  • ශරීර වර්ධනය, ජානමය සම්බන්ධතා, පෝෂණ, විවිධ රෝග තත්ත්වයන් නිසා ස්වාභාවිකවම මල්වරය ප‍්‍රමාද වේ. එහිදී දියණියන් වැඩිවිය පැමිණිම සම්බන්ධ අනෙකුත් ලක්‍ෂණ එනම් පියයුරු වල වැඞීම, කිහිළි ආදිය ආශ‍්‍රිත රෝම වර්ධනය පවතී නම් ගැටලූ සහගත තත්ත්වයක් විය නොහැකිය.

  • නමුත් ඉතා කලාතුරකින් උපතින්ම ගර්භාෂගත හා ඒ ආශ‍්‍රිතව ඩිම්බකෝෂ ආදියේ වර්ධනය නොවීම ආදි හේතු නිසාද මල්වරය ප‍්‍රමාද විය හැකිය. එබැවින් ප‍්‍රමාද වීමේදී වෛද්‍ය උපදෙස් පැතීම ඉතාම වැදගත් වේ.

මල්වර ප‍්‍රමාද වීමට ප‍්‍රතිකාර තිබේද?
  • මෙහිදී 95%ක්ම ප‍්‍රමාදයට හේතුව පෝෂණය හා හෝමෝන ක‍්‍රියාකාරීත්වයේ අඩුපාඩු හා රෝග තත්ත්වයන් නම් නිවැරදිව වටහාගෙන නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් ඉතා පහසුවෙන් තත්ත්වය සමනය කළ හැකිය. එදිනෙදා ගත යුතු ආහාරපාන මෙන්ම වැළකිය යුතු ආහාරපානද ඒ මගින් හෝමෝන මට්ටම ක‍්‍රමානුකූලව කරන අන්දම ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ පැහැදිළිව දක්වා ඇත.

වැඩිවිය පැමිණිම ආශ‍්‍රිතව සිදු කරන සිරිත් විරිත් වල විද්‍යාත්මක පදනම කුමක්ද?
  • මෙහිදී එක් එක් පළාත් වලට ආවේණික වූ සිරිත් විරිත් පවතී. එම චාරිත‍්‍ර වල සුළු සුළු වෙනස්කම් පවතී. නමුත් පොදු කරුණූ ලෙස, දැරිය ආගන්තුකයන්ගෙන් වෙන්කර තැබීම, සුභ වේලාවක ස්නානය, තැගි බෝග, අලූත් ඇªම් පැළªම් ලබාදීම ආදිය පොදු චාරිත‍්‍රයක් ලෙස සැළකේ. මෙබදු විශේෂත්වයක් මෙම අවස්ථාවේදී ලබා දීමෙන් වැඩිවිය පැමිණිම පිළිබඳව අදහසක් ඇය තුළ තහවුරු වේ. මෙයින් පසු මතු ඉදිරි ජීවිතය සියලූ ක‍්‍රියාකාරකම් වගකිම් සහගත නෑ හිතවතුන්ගෙන් ලැබෙන අවවාද ඇයගේ මානසික පරිවර්තනය සඳහා ම`ග පෙන්වයි. එමෙන්ම අධික තෙල් ආදිය නොයෙ¥ ආහාරද ඔසප් ආරම්භයත් සම`ග වන සුළු අපහසුතා දුරු කිරීමට උදව් වේ.

වැඩිවිය පැමිණිමට ආසන්න දියණියකට දිය යුතු ආහාරපාන මොනවාද?
  • ඇය ශරීරයෙන් පිරිපුන් ගතියක් පෙන්නුම් කරන්නේ නම් අධික ලෙස කිරි, මස් භාවිතය අඩු කළ යුතුය. අධික ප්‍රෝටීනමය ආහාර නිසා වැඩිවිය පැමිණීම අඩු වයසින් සිදුකළ හැකිය. විශේෂයෙන්ම මස් සඳහාම ඇති කරන කුකුළන්ගේ මස් දියණියන්ගේ හෝමෝන ඝ‍්‍රාවයට බලපෑම් ඇති කළ හැකි බව සොයාගෙන ඇත.

  • සාමාන්‍ය  සිරුරක් නම් දිනපතා හොඳ පෝෂණයක්, සමබල ආහාර වේලක් ලබාදීම සිදුකළ යුතුය. උදෑසනම කොළකැඳ හෝ එළකිරි පානය සුදුසුය. හාතවාරිය, ඉරමුසු, ගොටුකොළ ආදියේ කැඳ මේ කාලයට විශේෂිතය. පාන් හා පිටි ආහාර වෙනුවට මුංඇට, කඩල, කව්පි හා උª යොදා පිළියෙල කළ ආහාර ලබාදෙන්න. ඇයගේ උසට සරිලන බර පවත්වා ගැනීම සඳහා නිසි පෝෂණය ලබාදීම මෙහිදී වැදගත් වන බව මතක තබා ගන්න.

උපදෙස් – වෛද්‍ය  කෞමදී කරුණාගොඩ ප‍්‍රසූත හා ස්ත‍්‍රි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ජෙෂ්ඨ කථිකාචාර්ය, අධ්‍යයන අංශ ප‍්‍රධාන, දේශිය වෛද්‍ය විද්‍යා ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය, රාජගිරිය
සටහන – අනුරාධා දිලිනි ඉලන්කෝන්

ආබාධිත දරුවකු සිටින මවුපියවරුන් මුහුණ දෙන අභියෝග

ආබාධිත දරුවකු සිටින මවුපියවරුන් මුහුණ දෙන අභියෝග_0තමන්ගේ දරුවා ලෙඩින්… ආබාධිත තත්ත්වයෙන් පසුවීම කිසිදු දෙමාපියකුට වාවන්න පුළුවන් දෙයක් නොවෙයි. නමුත් අභාග්‍යයට එවැනි දරුවනුත් කලාතුරකින් හෝ මෙලොවට බිහි වෙනවා.
  • මෙහිදී ආබාධිත කියන්නෙ ශ‍්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත, අංගවිකල දරුවන් පමණක් නොවෙයි. මොළයේ වතුර පිරීම Hydrocephalus නම් තත්ත්වය ඇතුළු තවත් විවිධ හේතු නිසා උපතින්ම ඇති විය හැකි සෙරිබ‍්‍රල් පෝල්සි Cerebral Palsy නම් රෝග තත්ත්වය නිසා බුද්ධි මට්ටම අඩුවීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වීම Children With Special Needs මන්දමානසික වීම, ඔටිසම් Autism රෝගය පැවැතීම යන මේ හැම දෙයක්ම ආබාධිත තත්ත්වයන් ලෙස හඳුන්වන්න පුළුවන්.
මොවුනුත් සමත් දෙයක්… බොහෝ දක්ෂ වන දෙයක් ඇති බව හඳුනාගන්න
  • මෙහිදී සෙරිබ‍්‍රල් පෝල්සි රෝගය සහිත දරුවන්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ මන්දමානසික දරුවන්, බුද්ධි මට්ටමින් අඩු වන මුත් මෙහි දැක්වූ අනෙකුත් සියලූම ආබාධිත දරුවන් සාමාන්‍ය සහ සාමාන්‍ය දරුවන්ටත් වඩා උසස් බුද්ධි මට්ටමකින් High I.Q. Level යුතු අය විය හැකියි. උදාහරණයක් විදිහට ඔටිසම් රෝගය ඇති දරුවන්ගේ භාෂා වර්ධනයක් නෑ. ඔවුන් කතා කරන්නෙත් නෑ. අනෙක් අයගේ කිසිදු කි‍්‍රයාවක් හමුවේ කුමන ආකාරයකටවත් ප‍්‍රතිචාර දක්වන්නෙත් නෑ. නමුත් බොහෝ විට කුමක් හෝ එක දෙයක් අතින් ඉතා ඉහළ බුද්ධි මට්ටමකින් යුතු වීමට බොහෝ අවකාශ තිබෙනවා.
  • ඔටිසම් රෝග කාණ්ඩයටම අයත් ඇස්පර්ජර් රෝගය Asperger’s Syndrome ඇති දරුවන්ගේත් කුඩා කල භාෂා කුසලතාවය ඉතා අඩුයි. අනෙක් අය සමග සමාජ සම්බන්ධතා පැවැත්වීමක් නෑ. නමුත් ඔවුන්ගේ බුද්ධි මට්ටම එක් දෙයක් කෙරෙහී ඉතා ඉහළ තත්ත්වයකින් තිබිය හැකියි. ඇස්පර්ජර් රෝගයත් ආබාධිත තත්ත්වයක් ලෙස සළකන්න පුළුවන්.
ලෝක පූජිතයෝ
  • ඇල්බට් අයින්ස්ටයින්, අයිසෙක් නිව්ටන්, බිතෝවන් වැනි අය පවා ඇස්පර්ජර් රෝගීන් බව සනාථ වී තිබෙනවා. මේ තුන්දෙනාටම කුඩා කල සහජ කුසලතාවයක්වත්, ඉගෙනීම සඳහා කිසිදු දක්‍ෂතාවයක්වත් නොතිබූ අතර එ් නිසා ගුරුවරුන් ඔවුන් කුඩා කල පාසලෙන් නෙරපා හැර තිබෙනවා.
  • නමුත් ඔවුන් පසුව අලූත් සොයා ගැනීම් කර ලෝක පූජිත තත්ත්වයට පත්වුණා. ඔටිසම් සහ ඇස්පර්ජර් රෝගී දරුවන් ආබාධිත ගණයට අයත් වුවත් කුමක් හෝ දක්‍ෂතාවයක් ඔවුන් තුළ තිබෙනවා. එය තේරුම් ගෙන එ් අංශය ඔස්සේ ඔවුන් ඉහළට යැවීම තුළින් නොසිතන තරමේ දුරකට ඔවුනට යන්න පුළුවන්.
ඔබේ දරුවා මේ විදිහට දිරිගන්වන්න
  • කෙසේ වුවත් මේ කුමන ආකාරයේ ආබාධිත දරුවකු ලැබුණත්, මවුපියන්ට එය විශාල වේදනාවක්. ‘නමුත් මේ ළමයා වැඩක් නෑ… එයා සාමාන්‍ය පුරවැසියෙක් කරන්න බෑ’ කියලා පැත්තකට කිරීම නම් කිසිසේත්ම නොකළ යුතුයි. හේතුව ආබාධිත දරුවන් දැන් සාමාන්‍ය පුරවැසියන් ලෙස සමාජගත කිරීමට හැකියාවක් තිබීමයි. මේ තත්ත්වය දැන් අපේ රටේත් බොහෝ දුරට පවතිනවා.
දරුවා වෙනුවෙන් දෙමව්පියන් කළ යුතු දේ
  • නමුත් අපේ රටේ දුර බැහැර පළාත්වල වැසියන් මෙන්ම සමහර නාගරිකයනුත් මෙවැනි ආබාධිත දරුවකු ලැබීම අපලයක් විදිහට සළකනවා. එ් වගේම එබඳු දරුවන් පවුලේ කිසිම දේකට සම්බන්ධ කර නොගෙන ගෙයි මුල්ලට කර සෙසු අයගෙන් වසන් කර ජීවත් වන මවුපියවරුනුත් ඉන්නවා. මේ දරුවන්ගෙන් වැඩක් නෑ කියලා ඔවුන් හිතන්නේ. එ් දරුවන්ට කිසිවකු ඇසුරු කරන්න ඉඩක් දෙන්නෙවත්, පාසල් යවන්නෙ වත් නැති මවුපියවරුනුත් දුර්ලභ නෑ. නමුත් මේක ඉතාම වැරදි සහගත තත්ත්වයක්… ආදර්ශයක්.
දරුවාට පිළිගැනීම දෙන්න
  • බොහෝ විට දෙමාපියන් ආබාධිත දරුවකු ලැබුණු විට දැඩි මානසික ආතතියකට, දුකකට පත්වන බව ඇත්ත. නමුත් සෙසු දරුවන්ට සාපේක්‍ෂව මේ දරුවා අසාමාන්‍ය වීම හා විශේෂිත කෙනෙක් වීම මෙන්ම එවැනි දරුවකු ලැබීම ගැන දෙමාපියන් බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටින බව දරුවාට දැන ගන්නට හැරීම එම දරුවාගේ පෞරුෂ වර්ධනයට ඉතා අහිතකරයි. මේ නිසා එ් දරුවා අකීකරු, ප‍්‍රචණ්ඩ අයකු බවට පත්වීම හෝ සෙසු හැමදෙනාගෙන්ම කොන් වී මුළුගැන්වුණු අයකු බවට පත්වීම මෙන්ම තමන්ගේ වයසේ ප‍්‍රමාණයට නොසරිලන අඩු හැසිරීම් රටාවක් (එනම් අවුරුදු දහයක දරුවකු අවුරුදු තුන හතරක දරුවකු මෙන් හැසිරීම වැනි Regressive Behaviour පළකිරීම සිදුවිය හැකියි. එ් නිසා හැමවිටම තම ආබාධිත දරුවා සාමාන්‍ය හා සම්පූර්ණ දරුවකු ලෙසින් මවුපියන් මෙන්ම පවුලේ හැමදෙනාම පිළිගන්නා බව දරුවාට එ්ත්තු ගැන්විය යුතුයි.
  • ආබාධිත දරුවකුගේ පෞරුෂ වර්ධනයට ඉතා වැදගත් දෙයක් තමයි එ් දරුවාගේ සුළු හෝ කුසලතාවයක්, වර්ධන හැකියාවක් දකින විට හැම දෙනාම ඉදිරියේ දරුවාව අගය කිරීම. නිදසුනක් ලෙස ආබාධිත දරුවකු එ් ආබාධිත බව අභිබවා යමින් තමාට කළ නොහැකි වන විදිහේ සුළු දෙයක් කළත් ප‍්‍රශංසා කිරීම, තෑග්ගක් පිරිනැමීම වැනි දෙයක් දැක්විය හැකියි.
  • එමගින් දරුවා තුළ ආත්ම විශ්වාසයක් ඇතිවන අතර පෞරුෂ වර්ධනයට එය ඉතා යහපත් ලෙස බලපානවා. එ් දරුවා කිසිවක් කරකියා ගන්නට බැරි දරුවකු ලෙස එ්ත්තු ගැන්වීම තුළින් සිදුවන්නෙ දරුවා තවත් පසුගාමී වී මානසික, කායික හා පෞරුෂ වර්ධනය තව තවත් ආපස්සට යෑමයි.
ළමා රෝග වෛද්‍යවරයාට දරුවා පෙන්වන්න
  • තමන්ගේ දරුවා ආබාධිත බව මුලින්ම අවබෝධ කරගත් පසු කළ යුත්තේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට දරුවා පෙන්වීමයි. එවිට එ් තත්ත්වය වෛද්‍යවරයා හඳුනාගෙන එය තමාට අයත් නොවන දෙයක් බව වටහා ගත්තොත් මනෝ වෛද්‍යවරයකු වෙත හෝ රක්තවේද හා පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍යවරයකු Rheumatologist and Rehabilitation Specialistවෙත යොමු කරන ලෙස උපදෙස් දේවි. එහෙමත් නැත්නම් විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු Orthopaedic Surgeonවෙත යොමු කළ යුතු නම් එ් ගැන ඔබට දන්වාවී. මේ ආකාරයට සුදුසු වෛද්‍යවරයකු හමුවීමෙන් දරුවාගේ දුබලතාවය හඳුනාගෙන ප‍්‍රතිකාර මගින් එය අවම කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
භෞතචිකිත්සක ප‍්‍රතිකාර වල වැදගත්කම
  • මෙහිදී මනෝ වෛද්‍යවරුන් ඖෂධ ප‍්‍ර‍්‍රතිකාරවලට අමතරව දරුවාගේ හැසිරීවල වෙනස්කම් ඇති කිරීම සඳහා විශේෂිත චර්යාත්මක ප‍්‍රතිකාරද ලබා දෙනවා. විශේෂිත අවශ්‍යතා ඇති දරුවන් සඳහා විශේෂිත ඉගැන්වීම් ක‍්‍රම ළමා මනෝ විද්‍යාව යටතේ දැන් ගුරුවරුන් පුහුණු කරන විද්‍යා පීඨවලද බොහෝ විටම උගන්වනු ලබනවා. එ් වගේම එ්.එම්.අයි. මොන්ටිසෝරි පාඨමාලාවටත් මේ විෂය ඇතුළත්.
  • අපේ රටේ මහ රෝහල්වල මෙන්ම සමහර මූලික රෝහල්වලත් වෘත්තීය චිකිත්සකවරුන් Occupational Therapist සිටින බව බොහෝ දෙමාපියන් දන්නෙ නෑ. දැනගෙන හිටියත් එවැනි අය කරන්නේ මොනවාද කියලා නොදන්න අයත් සුලබයි. ආබාධිත දරුවන් ඖෂධවලින් තොරව චර්යාවන් හා ව්‍යායාම මගින් එම දරුවාගේ දුබලතාවය අවම කිරීමේ විශේෂිත පුහුණුවක් වෘත්තීය චිකිත්සකවරුන් ලබා තිබෙනවා. එ් අනුව ආබාධිත දරුවා තුළ ඇති හැකියාවන් හඳුනාගෙන එ් ඔස්සේ දරුවා හුරු කිරීම තුළින් අනාගතයේ දරුවාට එ් සම්බන්ධ වෘත්තීයක නියැලීමේ හැකියාව ඇති කරන්නට පුළුවන්. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ මනෝ වෛද්‍යවරයකු හරහා වෘත්තීය චිකිත්සකවරයකු වෙත යොමු විය හැකියි.
දරුවාගේ ප‍්‍රබලතා තිබෙනවා. ඒවාත් හඳුනාගන්න
  • අංගවිකල මෙන්ම ඔටිසම් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යන මේ ඕනෑම ආකාරයක ආබාධ සහිත දරුවන් වෙනුවෙන් වෘත්තීය චිකිත්සකවරයකුගේ සේවය ලබාගන්න පුළුවන්. එ් ඔස්සේ එම දරුවාට තමන්ගේ ආබාධය මැඩගෙන යහපත් අනාගතයක් සකස් කරගන්නට මාවතක් විවර කරගත හැකියි.
  • එ් නිසා එක පැත්තකින් දරුවා දුර්වල වුණාට තවත් බොහෝ පැතිවලින් විශේෂිත හැකියාවන් ඕනෑම දරුවකුට තියෙන්නෙ පුළුවන්. එ් හැකියාව තමන් හඳුනාගන්න බැරි නම් ඉහත කී පරිදි විශේෂිත පුහුණුවක් ඇති අයකු මගින් හෝ හඳුනාගෙන එය වැඩි දියුණු කිරීමට කටයුතු සැලසීම මවුපියන් වශයෙන් ඔබේ යුතුකමයි.
  • එසේ නැතිව ඔටිසම් වැනි රෝග තත්ත්ව නිසා ලියන්න, කියවන්න දුර්වල දරුවකුට ටොකු අනිමින් දරුවාගේ නැති හැකියාවන් ඇති කරන්න උත්සාහ කිරීමෙන් වන්නෙ දරුවාගේ තිබෙන කුසලතාවයන් පවා පිටතට එන්නට ක‍්‍රමයක් නැතිව තව තවත් මොට වී යාමයි.
    අන්තිමට දරුවාට අමුතුවෙන් දෙයක් ඉගෙන ගන්නට හැකියාවක් නොලැබෙන සේම තියෙන හැකියාවෙනුත් වැඩක් ගන්නට බැරි වී දරුවා තවත් අසරණ වීමයි සිද්ධ වෙන්නේ.
දරුවා සමාජගත කරන්න මගක් ඇත
  • මේ ආකාරයට ආබාධිත දරුවා නියම අයුරින් හැඩගැස්වීම තුළින් එවැනි දරුවකුට සාමාන්‍ය දරුවකුට වඩා ඉහළට යාමේ හැකියාව තිබෙනවා. එ් වගේම සාමාන්‍ය දරුවකුට වඩා ආබාධිත දරුවකුට දෙමාපියන්ගේ වැඩි අවධානයක් යොමු වන නිසා කුඩා කළ සිටම එම දරුවන් තුළ දෙමාපියන් සමග ලොකු බැඳීමක් ඇතිවෙනවා.
  • මේ අනුව දෙමාපියන් වයස්ගත වූ පසු සාමාන්‍ය දරුවන්ට වඩා ආබාධිත දරුවකුගෙ දෙමාපියන්ට සළකන්නට වැඩියෙන් යොමුවන බවද සනාථ වී තිබෙනවා. එ් අනුව ආබාධිත දරුවාට යා යුතු පාර ඹිපෙන්වා දීම ඔබේ වගකීමයි.
මේ දරුවා අසාමාන්‍ය වීම හා විශේෂිත කෙනෙක් වීම මෙන්ම එවැනි දරුවකු ලැබීම ගැන දෙමාපියන් බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටින බව දරුවාට දැන ගන්නට හැරීම එම දරුවාගේ පෞරුෂ වර්ධනයට ඉතා අහිතකරයි.
ආබාධිත දරුවන් ඖෂධවලින් තොරව චර්යාවන් හා ව්‍යායාම මගින් එම දරුවාගේ දුබලතාවය අවම කිරීමේ විශේෂිත පුහුණුවක් වෘත්තීය චිකිත්සකවරුන් ලබා තිබෙනවා. එ් අනුව ආබාධිත දරුවා තුළ ඇති හැකියාවන් හඳුනාගෙන එ් ඔස්සේ දරුවා හුරු කිරීම තුළින් අනාගතයේ දරුවාට එ් සම්බන්ධ වෘත්තීයක නියැලීමේ හැකියාව ඇති කරන්නට පුළුවන්.
උපදෙස් විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන

අපේ රටේ පළතුරු ගැන අප දන්නා කියන දේ

අපේ රටේ පළතුරු ගැන අප දන්නා කියන දේ_0අද වන විට වර්තමාන ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 10 පමණ ප‍්‍රමාණයක් දෙවන ආකාරයේ දියවැඩියාවෙන් පෙළේ . අතීතයේදී දියවැඩියාව වයෝවෘද්ධ පුද්ගලයින්ගේ රෝගී තත්ත්වයක් ලෙස සැළකුවද අද වන විට තරුණල බාලල මහලූල කිසිදු භේදයකින් තොරව දියවැඩියාව වර්ධනය වීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ.
ප‍්‍රවේණිය, ජීවන රටාව, අනුභව කරන ආහාර හා ශරීර ක‍්‍රියාශීලත්වයේ වෙනස්කම් මෙන්ම මව්කුසේදී ඇතිවන වෙනස්වීම් හා මානසික ආතතිය දියවැඩියාව සඳහා හේතු වේ. මෙයින් ජීවන විලාසයේ සිදුවන වෙනස්වීම් බහුල වශයෙන් අද දක්නට ලැබෙන දියවැඩියාව ප‍්‍රවණතාවය හා බැඳ
දියවැඩියා රෝගීන්ගේ ආහාර රටාව ගැන මිත්‍යා මත
දියවැඩියා රෝගීන්ගේ ආහාර රටාව ගැන සැළකූ විට බොහෝ විට දක්නට ලැබෙනුයේ එයින් ඉතාමත් අඩු ඉඩක් එළවළු හා පළතුරුවලට ලබා දෙන ආකාරයයි. ඊට ආසන්නම හේතු ලෙස දියවැඩියා
රෝගීන් පවසන්නේ ඔවුන්ට ඇතැම් එළවළු වර්ග හා පළතුරු වර්ග ආහාරයට නොගන්නා ලෙස උපදෙස් ලැබීමයි. එම නිසා අද මෙම ලිපියෙන් දියවැඩියා රෝගීන් හා පොදුවේ ගත් කල අප සියළු දෙනාම අතර පවතින මිත්‍යා මත කීපයක් පිළිබඳව සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමු.
පළමුවෙන්ම පළතුරු ගැන සලකා බලමුx දියවැඩියා රෝගීන්ගේ ආහාර රටාවට පළතුරු එක් කර ගැනීමේ බාධාවක් නොමැත. එහෙත් තමන් ආහාරයට ගන්නා ප‍්‍රමාණය හා විවිධත්වයෙන් යුතු පළතුරු ආහාරයට ගැනීම ඉතාම වැදගත් වේ. පළතුරුවල වැඩිපුරම අඩංගු වන්නේ සුක්රෝස් හා ෆෘක්ටෝස් යන සීනි කාණ්ඩයි. මෙම සීනි වර්ග දෙකම (ශරීරයේ) රුධිරයේ සීනි මට්ටම වැඩි කිරීම සඳහා අනියම් ආකාරයෙන් දායක වේ. එහෙත් පළතුරුවල ඇති ද්‍රාව්‍ය කෙඳි මඟින් ශරීරයට මෙම සීනි වර්ග උරාගැනීම අඩු කරයි.
මීට අමතරව පළතුරුවල ඇති ද්‍රව්‍ය කෙඳි මඟින් රුධිරයේ සීනි මට්ටම නියමිත ආකාරයෙන් පවත්වා ගැනීමට උදව් වේ. රුධිර කොලස්ටරෝල් මට්ටම පාලනය කිරීමටත් එමඟින් උපකාරී වේ. අද්‍රාව්‍ය කෙඳි ආහාරයට පිරුණු ගතියක් එක් කරන අතර මල පිට කිරීමේ පහසුවක් ඇති කරයිx ප‍්‍රතික්සිකාරක (antioridants) යනු ශරීරයේ ඇති විය හැකි රෝග රාශියකට හේතු කාරක වන මුක්ත ඛණ්ඩක (free radicals) ඔක්සිකාරක මැඩ පැවැත්වීමේ ශක්තිය ඇති සංයෝග වේ. එවා මඟින් දියවැඩියාව හා ඒ ආශ‍්‍රිත සංකූලතා මඟ හරවා ගැනීමේ ශක්තියක් ඇත. දියවැඩියාව නිසා ඇතිවන හෘද රෝග වලින් දියවැඩියා රෝගීන් ආරක්ෂා කිරීමේ හැකියාවක්ද ප‍්‍රතිඔක්සිකාරක වලට තිබේ.
තවද පළතුරු මඟින් ශරීරයට අවශ්‍ය වන විටමින් වර්ගද අපට ලබා දේx විටමින් සී, විටමින් ඒ, හා ඊ බහුලව පළතුරු වර්ග වල දැක ගත හැක පළතුරු මඟින් පොටෑසියම් කැල්සියම් හා මැග්නීසියම් වැනි අත්‍යවශ්‍ය ඛණිජ ලවණද ලබා දේ.පළතුරුවල පිහිටා ඇති ස්වභාවික පොටෑසියම් මඟින් වකුගඩු රෝගීන්ගේ ශරීරයේ ඛනිජ ලවණ සමතුලිතතාවයද ආරක්ෂා කර දෙයි.
දියවැඩියා රෝගීන්ට සුදුසු පළතුරු
පළතුරු තෝරා ගැනීමේදී පැණි රස බවින් අඩු මධ්‍යස්ථ තත්ත්වයට පමණ ඉදුණු පළතුරු තෝරා ගැනීම දියවැඩියා රෝගීන්ට වඩාත් ප‍්‍රයෝජනවත් වේ. ගස් ලබුල අඹල කෙසෙල් වැනි පළතුරු තෝරා ගැනීමේදී බාගෙට ඉදුණු පළතුරු ආහාරයට ගත හැක. මෙහිදී වඩා වැදගත් වන්නේ ප‍්‍රමාණයයි. අඹ ගෙඩියකින් 1/2ක් පමණල කෙසෙල් ගෙඩියක්, ගස්ලබු ගෙඩියකින් 1/6 හෝ 1/4 පමණ ප‍්‍රමාණයක්
දියවැඩියා රෝගියෙකුට සෑහේ, නමුත් පේර, දොඩම්, වෙරළු, අලිගැටපේර, නෙල්ලි, සිදරං වැනි පළතුරු ගැනීමේදී සම්පූර්ණ ගෙඩියක් හේ ගෙඩි කීපයක් ආහාරයට ගැනීමෙන් රුධිර සීනි මට්ටමට කිසිදු බලපෑමක් ඇති නොකෙරේ. විවිධත්වයෙන් හා විවිධ රසයෙන් යුතු පළතුරු ආහාරයට ගැනීම රුධිර සීනි මට්ටම නියතව පවත්වා ගැනීමට යෝග්‍ය වේ.
අපේ රටේ පළතුරු වල ග්ලයිසිමික් අගය
පළතුරුවල Glycaemic lndex./Gl අගය මධ්‍යම පරාසයේ පිහිටයිx එයින් අදහස් වන්නේ පළතුරු ග‍්‍රෑම්100 ක් ප‍්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් කොපමණ ප‍්‍රමාණයකින් රුධිර සීනි මට්ටම ඉහළ යන්නේද යන්නයිx නවතම පරීක්ෂණ වලට අනුව ශ‍්‍රී ලංකාවේ අප බහුලව ආහාරයට ගන්නා පළතුරු වල Glycaemic අගය අඩු අගයන් වල සිට මධ්‍යස්ථ අගයන් දක්වා විහිදේx එම නිසා පැණිරස ඇති පළතුරු සීමිත ප‍්‍රමාණයක් හා පැණිරස ඇති පළතුරු වැඩිපුර ආහාරයට ගැනීම වඩා යෝග්‍ය වේ. ද්‍රාව්‍ය කෙඳි බහුල පළතුරු අතර ඇපල් කෙසෙල් ගෙඩි හා අලිගැටපේර වේ. අනෙක් පළතුරු වල වැඩිපුර අද්‍රාව්‍ය කෙඳි පවතී.
ස්වාභාවික පළතුරුම ගන්න
තවද වියලි පළතුරු වර්ග දියවැඩියා රෝගීන්ට සුදුසු නොවේ. රට ඉඳි වියලි මිදි වැනි දේ ආහාරයට ගැනීමෙන් හැකිතාක් වළක්වා ගැනීම වැදගත් වන්නේ ඒවායෙන් රුධිර සීනි මට්ටම වැඩි කිරීමට දායකත්වය වැඩි බැවිනි. එමෙන්ම පළතුරු යුෂ පානයට වඩා ස්වාභාවික පළතුරු ලෙසම ප‍්‍රයෝජනයට ගැනීම යෝග්‍ය වේ. මක් නිසාද යත් කෙඳි කොටස යුෂයට පැමිණෙන්නේ නැති බැවිනි.
සුදුසු එළවළු
එළවළු අතරින් වට්ටක්කා, බතල, කොස්, දෙල්, අර්තාපල් වැනි දේ ආහාරයට නොගන්නා ලෙස පොදු මතයක් තිබේ. අර්තාපල් මඟින් සීනි ප‍්‍රමාණය වැඩි කිරීමට දායකත්වයක් ලබා දෙන නිසා අර්තාපල් භාවිතය අඩු කිරීම සුදුසු වේ. නමුත් වට්ටක්කා, බතල, කොස්, දෙල් වැනි පිෂ්ඨමය ආහාර ගැනීමේදී ඔබගේ පිඟානේ ඇති බත් ප‍්‍රමාණයෙන් 1/4ක් ප‍්‍රමාණයක් අඩුකර ඒ වෙනුවට එම එළවළු වර්ග එක්කර ගැනීමෙන් සමබරතාවය ලඟා කරගත හැක. නමුත් එම ආහාර වර්ග වැඩි ප‍්‍රමාණයක් බත් එම ප‍්‍රමාණය සමඟම ගැනීමෙන් එය රුධිර සීනි මට්ටම ඉහළ යෑමට ඉඩ පාදනු ඇත. සෑමවිටම මතකයේ තබා ගත යුතු වැදගත් කරණක් වන්නේ විවිධත්වයෙන් යුතු එළවළු වර්ග තුනක් වත් එක් වේලකට එක් කර ගැනීමයි. එවිට සමතුලිතතාවය ලබා දේ, රුධිර සීනි මට්ටමද පාලනය කෙරේ.

ගස්ලබු              –           1/4 (මධ්‍යම ප‍්‍රමාණයේ ගෙඩියකින්)
කෙසෙල්                      –           01
අලිගැටපේර      –           01
අඹ                   –           1/2
දිවුල්                –           1/2
ඇපල්/දොඩම්   –           1/2 හෝ 1
නෙල්ලි වෙරළු –           03/04

එළවළු හා පළතුරු මඟින් ඔබේ කුසගින්න ඉක්මණින් පුරවා දමන ගතියක් ලබා දේ, ආහාරයට පිරුණු බවක් එක් කරයි. විවිධ වර්ණ හා රස මඟින් ආහාරයට ප‍්‍රසන්නතාවයක් එක් කරයි. එම නිසා පාලනයක් සහිතව එළවළු හා පළතුරු විඳීමේ හැකියාවක් දියවැඩියා රෝගීන්ටද ඇතx නමුත් තමුන්ගේ ආහාරයේ ප‍්‍රමාණය පිලිබඳ සිත් හී තබා ගැනීම වඩා වැදගත් වේ.

හර්ෂී ගුණවර්ධන පෝෂණය පිළිබඳ කථිකාචාරිණී  ව්‍යවහාරික පෝෂණ අධ්‍යයනාංශය ශ‍්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය මාකඳුර-ගෝනවිල

නිරෝගී ක‍්‍රියාශීලී සාර්ථක පාසල් දිවියකට පෝෂණීය අත්වැලක්

නිරෝගී ක‍්‍රියාශීලී සාර්ථක පාසල් දිවියකට පෝෂණීය අත්වැලක්_0පාසල යන වචනයත් සමගින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙනුයේ තම ජීවිතයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක මතක සටහන්ය. මන්ද යත්, පාසල් අවධිය යනු කුඩා ළදරුවකු වැඩිහිටියෙකු ලෙසට සමාජයට පිවිසීමට අවශ්‍ය දැනුම, ආකල්ප, කුසලතා යනාදී මේ සියල්ල ලබා ගන්නා කාල පරාසයයි.

පාසැල් වියේ වැදගත්කම
වයස අවුරුදු 5ක් සම්පූර්ණ වූ දරුවකු පාසල වෙත ඇතුල් වී පුරා වසර 13ක් පමණ කාලයක් පාසල තුළ ගත කොට පාසලෙන් ඉවත් වනුයේ වයස අවුරුදු 18-19ක් පමණ වන යෞවනයෙකු හෝ යෞවනියක වශයෙනි. ශාරීරිකව මෙන්ම මානසිකවද පරිවර්තනයකට ලක්වන මෙම කාල සීමාව තුළ නිවැරදි පෝෂණයක් ලැබීම සෞඛ්‍ය සම්පන්න, උගත් මානව සම්පතක් බිහි කරලීමට වැදගත් වෙයි.

පාසැල් වියේ ඇතිවන ශාරීරික වෙනස්කම්
වැඩිහිටි පුද්ගලයෙකු සඳහා අවශ්‍ය ලෙසට කුඩා දරුවකුගේ ශරීරය වර්ධනය හා විකසනය සිදු වනුයේ මෙම කාල පරාසය තුලදීය. මෙහිදී ශරීරයේ අස්ථි වර්ධනය, අස්ථි ඝණත්වය වැඩිවීම, ශරීරය උස යාම, ශරීර ඉන්ද්‍රියන් වර්ධනය වීම, පරිණත වීම, මාංශ පේශි වර්ධනය ආදිය නිසා ශරීරයේ බර වැඩි වීම සිදු වෙයි. පාසල් විය තුළදී දරුවන් ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවය යෞවන වන අවධියට පත්වීම තුළ ඔවුන්ගේ ශරීරයේ වෙන් වෙන් වශයෙන් කායික වර්ධනය සහ විකසනය සිදු වෙයි. මේ නිසා පාසල් දරුවකුගේ පෝෂණ අවශ්‍යතා නීර්ණය වනුයේ ඔවුන්ගේ ශරීර ප‍්‍රමාණය, ශරීර වර්ධන වේගය, ස්ත‍්‍රී පුරුෂ භාවය සහ ශාරීරික ක‍්‍රියාකාරකම් වැනි සාධක මතය.

පාසැල් වියේ සුවිශේෂී වන පෝෂණ අවශ්‍යතා
වයස අවුරුදු 5-10 අතර ළමුන් සඳහා ඔවුන්ගේ ශරීර වර්ධනයට සහ විකසනයට සහ ශාරීරික ක‍්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ශක්තිය මෙන්ම ශරීර ආරක්ෂාවට ක්ෂුද්‍ර පෝෂක විටමින හා ඛණිජ ලවණ ඉතා වැදගත්ය. වයස අවුරුදු 10-19 වයසේ පසුවන දරුවන් තුල සීඝ‍්‍ර වර්ධනයක් ඔවුන් වැඩිවියට පැමිණීමත් සමගම දැකිය හැකිය. එහිදී ප‍්‍රමාණවත් ලෙසට ශක්තිය ශරීර වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන සංඝටක අස්ථි වර්ධනය සහ ප‍්‍රමාණවත් අස්ථි ඝණත්වය ලබා ගැනීමට කැල්සියම් විටමින් ඞී සිරුරට අවශ්‍ය ශක්තිය නිදහස් කිරීම සඳහා විටමින් බී සංඝටක සහ ශරීර වර්ධනයට සාපේක්ෂව වැඩිවන රුධිර සංඝටක වල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙන්ම විශේෂයෙන් ගැහැනු දරුවන්ගේ ආර්ථව චක‍්‍රයෙහි ආරම්භයත් සමග යකඩ සහ ෆෝලේට් අවශ්‍යතාවය ඉහළ අගයක් ගනියි.

ප‍්‍රධාන සමබල ආහාර වේල් වලට අමතරව තවත් ආහාර අවශ්‍ය කාලයක්
මෙම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා පාසල් ළමුන්ට ප‍්‍රධාන සමබල ආහාර වේල් තුනට අමතරව පෝෂ්‍යදායී අමතර ආහාර වේල් 2ක් හෝ 3ක් ද ලබා දිය යුතු ය. ඔවුන්ගේ ආහාර වේල තුළ නොපාහින ලද ධාන්‍ය සහ ඒවායෙන් පිළියෙල කළ ආහාර විවිධ එළවළු (වර්ග 2-3 ක් වත්) දිනකට පළතුරු වර්ග 2ක්, මස්, මාළු, බිත්තර හෝ පියලි ඇට වර්ග කිරි හෝ කිරි ආශ‍්‍රිත ආහාර වේල් දිනකට 2ක් සමග කජු, රටකජු වැනි තෙල් සහිත බීජ වර්ග ආදිය ඇතුලත් විය යුතුය.
හැකි තරම් නිවසේ පිළියෙල කරන ලද සෞඛ්‍යාරක්ෂිත ආහාර විවිධත්වයෙන් යුතුව ලබා දීමත් අධික සීනි සහ තෙල් සහිත ආහාර ක්ෂණික ආහාර ආදිය සීමා කිරීම පසු කාලීනව අධික තරබාරු බව දියවැඩියාව ආදී බෝ නොවන රෝග වලින් ආරක්ෂාව සපයයි. එමෙන්ම පාසල් යන දරුවන් සඳහා පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක් සහ උදෑසන කෙටි ආහාර වේලක් ලබා දීම පාසල තුළදී යහපත් ශාරීරික සහ මානසික තත්ත්වයකින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට අවකාශය ලබා දෙයි.
ශ‍්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අධ්‍යනාංශයේ පෝෂණවේදී , පර්යේෂණ සහායිකා දිස්නා කුමාරි විසිනි

බිළිදු වියයි පෝෂණයයි

බිළිදු වියයි පෝෂණයයි_0මවගේ කුස තුළ ගත කරන කළල අවධියෙන් පසු කිරිකැටියෙකු මෙළොව එළිය දැකීම ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයකි. මව් කුස තුළදී කළලය මව ලබා ගන්නා ආහාරයෙන් පෝෂණය වේ. මෙළොව එළිය දුටු පසු ආහාර මගින් බිළිඳාට නිවැරදි පෝෂණයක් ලබාදිය යුතු වේ. මෙය දෙමවුපියන්ගේ මෙන්ම සමාජයේද වගකීමකි. නිසි පෝෂණය තුළින් බිළිඳාට නිවැරදි වර්ධනයක් ලබාගත හැකි අතර ලෙඩ රෝග ඇතිවීමේ අවදානමද සැළකිය යුතු මට්ටමකින් අඩු කර ගත හැක.

බිළිඳු පෝෂණයට මව්කිරි
බිළිඳු පෝෂණයේදී මව්කිරි වලට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේග ඉපදී පළමු පැය ඇතුලත දරුවාට මව්කිරි ලබාදීම ආරම්භ කළ යුතුය. දරු ප‍්‍රසූතියෙන් පසු මුල් දින කිහිපයේදී මව්කිරි සුළු ප‍්‍රමාණයන්ගෙන් ශ‍්‍රාවය වන අතර එය කිරි කහ පැහැයෙන් යුතුයග මෙම මුල් කිරි ‘කොලස්ට‍්‍රම්’ ලෙස හඳුන්වන අතර එය බිළිඳා ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට වැදගත් වේ.
මුල් මාස හයදී මව්කිරි පමණක් බිළිඳාගේ පෝෂණය සඳහා ප‍්‍රමාණවත් වේග මෙම මුළු මාස හයදී මව්කිරි හැර වෙනත් දියර වර්ග (ජලය, පළතුරු ඉස්ම) වැනි දෑ බිළිඳාට ලබාදීම නොකළ යුතුය. බිළිඳාට මව්කිරි පමණක් ප‍්‍රමාණවත් නොවේ යැයි ද ළදරු කිරි පිටි වර්ගද ලබා දිය යුතු යැයි මතයක් අප සමාජය තුළ පවතී. නමුත් මුල් මාස හය තුළදී ළදරුවාට අවශ්‍ය සියලූම පෝෂකයන් නිසි ප‍්‍රමාණ වලින් මව්කිරිවල අඩංගු වේ. මේ නිසා ළදරු කිරි පිටි වර්ග ලබාදීම අවශ්‍ය නොවේ.
දරුවා මව්කිරි අවශ්‍ය බව හගවන සෑම විටම මව්කිරි ලබාදීම සුදුසු වේග එසේම රාත‍්‍රී කාලයේදී බිළිඳාට අවශ්‍ය සෑම විටම මව්කිරි ලබාදිය යුතුය. රාත‍්‍රී කාලයේදී මව්කිරි ලබාදීම මව්කිරි එරීම වැඩි කිරීමට ද හේතු වේ.

අතිරේක ආහාර ලබා දෙන හැටි
වයස මාස 6 සම්පූර්ණ වූ පසු මව්කිරි වලින් ලැබෙන පෝෂණය බිළිඳාගේ වර්ධනයට ප‍්‍රමාණවත් නොවේ. එම නිසා අතිරේක ආහාර දීම ආරම්භ කළ යුතුය. මෙම අතිරේක ආහාර ලබාදෙන අතරතුර මව්කිරි ලබාදීම නොකඩවා සිදු කළ යුතුය.
අතිරේක ආහාර ලබාදීමේදී පළමු දින කිහිපයේදී හොඳින් මත් ගා ගත් තලපය මව්කිරි සමග මුසු කර කුඩා ප‍්‍රමාණ වලින් දිනකට වේල් 2-3 ක් පමණ ලබාදිය හැක.
මුල් දින 2-3ට පසු ක‍්‍රම ක‍්‍රමයෙන් පරිප්පු, එළවළු, පළා වර්ග, මාළු, හාල්මැස්සන් කුඩු, බිත්තර කහමද වැනි දේ බත් තලපයට එක් කර ගත හැක. මීට අමතරව බත් තලපය පිළියෙළ කිරීමේදී තෙල්, බටර්, මාජරින් හෝ පොල්කිරි යොදා ගැනීම කළ යුතුය. ක‍්‍රම ක‍්‍රමයෙන් ලබා දෙන ආහාර ප‍්‍රමාණය වැඩිකළ යුතු අතර සියුම් කැබලි සිටින ලෙස ආහාරය සකස් කරගන්න.
ප‍්‍රධාන ආහාර වේල් වලට අමතරව කෙටි ආහාර වේල් 2-3 ක් බිළිඳාට ලබා දිය යුතු ය. මේ සඳහා පොඩිකරගත් පළතුරු යෝගට් ත‍්‍රිපෝෂ වැනි දේ ලබාදිය හැක.
වයස මාස 9 සිට බිළිඳාට සුපුරුදු ලෙස බත් මිශ‍්‍රණයට ලබා දිය යුතු ය. ඊට අමතරව අතින් අල්ලා ගෙන ආහාරයට ගත හැකි තැම්බූ අල වැනි ආහාර වලට හුරු කරවන්න. ක‍්‍රම ක‍්‍රමයෙන් වයස අවුරුද්ද ලගාවන විට දරුවාට පවුලේ අනෙක් අය ගන්නා ආහාර වලට හුරු කළ යුතු වේ.

සීනි සහ ලූණු වයස අවුරුද්ද වන තුරු එපා
වයස අවුරුද්ද වන තුරු සීනි සහ ලූණු බිළිඳාගේ ආහාර පිළියෙල කිරීමේදී එක් කිරීම සුදුසු නොවේ. නමුත් හැකි සෑම විටම තෙල් බටර් මාජරින් වැනි මේද ප‍්‍රභවයක් ආහාරයට එක්කර ගත යුතු ය. පැණිබීම රස කාරක යෙදු ක්ෂණික ආහාර දීමෙන් වළකින්න.
දරුවා යම් ආහාරයක් ප‍්‍රතික්ෂේප කරයි නම් දින කිහිපයක් මගහැර නැවත එම ආහාරයම ලබා දෙන්න. එසේ නැතිනම් එම ආහාරයම වෙනස් ආකාරයකට පිළියෙළ කර දරුවාට ලබා දෙන්න. බිළිඳාට ආහාර ලබාදීම ආරම්භ කළ මුල් අවධියේදී අලූත් ආහාර හඳුන්වාදෙන විට එම අලූත් ආහාර වර්ග 2ක් අතර දින 2ක් පමණ පරතරයක් තැබිය යුතු යි.
විවිධ වර්ගයේ එළවළු, පළතුරු, මාළු හෝ මස්, බිත්තර, යෝගට්, චීස් වැනි කිරි ආශ‍්‍රිත නිෂ්පාදන වැනි දෑ නිරතුරුවම බිළිඳාගේ ආහාර වේල් වලට එක් කර ගන්නග මෙලෙස නිවැරදි ආහාර රටාවක් තුළින් බිළිඳාට අවශ්‍ය පෝෂණය නිසි ලෙස ලබා දිය හැක. මෙමගින් ඔබේ බිළිඳා වයසට සරිලන වර්ධනයක් සහිත නිරෝගී දරුවෙකු බවට පත් කළ හැක.
ශ‍්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අධ්‍යනාංශයේ කථිකාචාරිණී ජී ජේ එම් නානායක්කාර විසිනි

පෙර පාසල් දරුවාට නිසි පෝෂණය


පෙර පාසල් දරුවාට නිසි පෝෂණය_0
නිරෝගිමත් දරු පරපුරක් යනු රටකට අමිල දායාදයකි. 2006/07 ජන ව්‍යාප්තිය හා සෞඛ්‍ය සමීක්ෂණයට අනුව අපේ රටේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 15% කෙටි කාලීන මන්දපෝෂණ තත්ත්වයෙන් (Wasting)පෙළෙන අතර 17%ක් දීර්ඝ කාලීන මන්දපෝෂණය නිසා ඇතිවන මිටිතාවයෙන් (Stunting) පෙළේ. තවද එම දරුවන්ගෙන් 21% තමන්ගේ වයසට සරිලන බරට වඩා අඩු බර තත්ත්වයකින් (Underweight) පෙළෙති. විටමින් හා ඛනිජ ලවණ ඌණතාද ඔවුන් අතර බහුලව ඇති අතර යකඩ සහ විටමින් ඒ ඌණතා ද ඒ අතර ප‍්‍රමුඛස්ථානයක් ගනියි.
මන්දපෝෂණයට අමතරව අධිපෝෂණයද ඔවුන් අතර හිස ඔසවමින් සිටිති. මෙවන් පෝෂණ ගැටඵ නිසා ළමුන්ගේ ප‍්‍රතිශක්තිකරණය අඩුවීමෙන් ශ්වසන රෝග සහ පාචනය වැනි රෝගවලට ළමුන් පහසුවෙන් ගොදුරු වන අතර අවු. පහට අඩු ළමා මරණ සංඛ්‍යාවද ජීව දරු උපත් දහසකට 21ක් ලෙස වාර්තා වී ඇත.

නිතර වෙනස්වන සුළු ආහාර රුචිකත්වයක් ඇති දගකාර අවධිය
පෝෂණ ගැටළු හා ඒ ආශ‍්‍රිත සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමට ළමුන්ට නිවැරදි ආහාර නිසි ප‍්‍රමාණයෙන් ලබාදිය යුතු වේ. ළමා ජීවිත වල මුල් අවධිය මෙන්ම පෙර පාසල් අවධියේදීත් නිසි පෝෂණය වැදගත් වේ. ඔවුන් ස්වාධීනව සිතීමට සහ ප‍්‍රශ්න අසමින් ඉගෙන ගැනීමට පටන් ගනියි.
ඔවුන්ට කුඩා ආමාශයක් සහ නිතර වෙනස්වන සුළු ආහාර රුචිකත්වයක් ඇත. එමෙන්ම මෙම කාලයේදී ඔවුන් තනියම ආහාර ගැනීමට හුරුවන බැවින් විවිධ ආහාර පිළිබඳව වැඩි උනන්දුවක් දක්වයි. එම නිසා දෙමාපියන් සහ වැඩිහිටියන් ලෙස ඔබට ඔබේ දරුවා තුල යහපත් ආහාර පුරුදු ඇතිකිරීමට සුදුසුම කාලය පෙර පාසල් අවධියයි.
සමබල ආහාර වේල ඔබේ දරුවාගේ නිසි කායික, මානසික වර්ධනයට බෙහෙවින් උපකාරී වේග නිසි ආහාර තෝරා ගැනීමට මගපෙන්වීමටත් ක‍්‍රියාශීලී ජීවන රටාවකට දරුවා යොමු කිරීමටත් ඔබට හැකියාව ඇත.

දවසේ දරුවාගේ ආහාර වේල මෙහෙම පිළියෙල කරමු
දෙමාපියන් පෙරපාසල් වියේ සිටින ඔබේ දරුවාට දිනපතා ආහාර විවිධත්වයක් සහිතව ලබා දෙන්න. දිනකට ඔබේ දරුවා ආහාරයට ගත යුතු ආහාර කාණ්ඩ හා ආහාර ප‍්‍රමාණ පිළිබඳ විස්තර පහත වගුවෙන් ඔබට ලබාගත හැකිය.

අවුරුදු 2-5ත් අතර දරුවන් සඳහා ලබාදිය යුතු දෛනික ආහාර ඛණිජ සහ ප‍්‍රමාණ
 පෙර පාසල් දරුවාට නිසි පෝෂණය_00

 ඉහත සඳහන් කර ඇති ආහාර ප‍්‍රමාණවල් වලට අනුව ආහාර ලබාදීමෙන් පමණට වඩා විශාල ආහාර ප‍්‍රමාණය දරුවාට ලබාදීමෙන් වැළකිය හැකිය.


ශක්තිය සහ ප්‍රෝටීන සාර ආහාර ගැන සැළකිළිමත් වෙන්න
ශක්තිය සහ ප්‍රෝටීන වල අවශ්‍යතාවය දරුවාගේ වයසත් සමග වැඩි වේ. එම නිසා දරුවාට ප‍්‍රධාන ආහාර වේල් තුනක් හෝ හතරක් සමග සුළු ආහාර වේල් දෙකක් දිනපතා ලබා දෙන්න. ආහාර වේල්වලට ප‍්‍රමාණවත් පරිදි ධාන්‍ය සහ පිටි සහිත ආහාර එකතු කිරීමෙන් ඔහුට ඇයට අවශ්‍ය ශක්තිය ලබාගත හැකිය. මස් මාඵ බිත්තර සහ රනිල බෝග වන කව්පි, කඩල, මුංඇට, පරිප්පු සහ සෝයා වැනි ආහාර වලින් ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවයන් සපුරා ගත හැකිය.

වැඩිපුර කැල්සියම් අවශ්‍ය යුගයක්
මෙම අවධියේදී දරුවාට වැඩිපුර කැල්සියම් අවශ්‍ය වේග කිරි හා කිරි ආශ‍්‍රිත නිෂ්පාදන කුඩා මාළු ආහාරයට ගැනීමෙන් දරුවාගේ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් ලබාගත හැකි. එමෙන්ම තද කොළ පැහැති පළා වර්ග (කතුරුමුරුංගා/ මුකුණුවැන්න/ මුරුංගා කොළ) සහ දිවුල් වැනි පළතුරු වලද කැල්සියම් බහුලව අඩංගු වේ.

රනිල බෝග හා තද පැහැති පළා වර්ග මෙන්ම පළතුරුත්…
දිනපතා සත්ව ආහාර, රනිල බෝග හා තද පැහැති පළා වර්ග (තම්පලා/ සාරණ/ ගොටුකොළ/ මුකුණුවැන්න/ කතුරුමුරුංග) ලබාදීමෙන් ඔවුන්ගේ යකඩ අවශ්‍යතාවයද සපුරා ගත හැකි. ආහාර වේලකින් පසුව විටමින් සී අඩංගු පළතුරක් (නෙල්ලි/ පේර/කජු පුහුලන්/ කාමරංග/දොඩම්/දෙහි) ආහාරයට ගැනීමෙන් ආහාර වේලක අඩංගු යකඩ අවශෝෂණය වීම වැඩි වේ.

යහපත් පෙනීමක් හා ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය වෙනුවෙන් විටමින් ඒ
විටමින් ඒ ශරීරය තුළදී මනා දෘෂ්ඨියක් හා ඉහළ ප‍්‍රතිශක්තියක් ලබාදීම සෛල වර්ධනය කිරීම සහ නිරෝගී සමක් පවත්වාගැනීම සඳහා වැදගත් වේ. එමනිසා විටමින් ඒ බහුලව අඩංගු සත්ව ආහාර තද කොළ පැහැති පලා වර්ග එළවළු හා පළතුරු දරුවාට ලබා දෙන්න.පළතුරු හා එළවළු දරුවාට ලබාදීමෙන් ඔහුට ඇයට ප‍්‍රමාණවත් විටමින් ඛනිජ ලවණ ප‍්‍රතිඔක්සිකාරක සහ තන්තු ලබාදිය හැකිය.

සීනි එකතු කළ පාන් වර්ග සහ පළතුරු බීම අධෛර්ය කරන්න
සීනි එකතු කළ පාන් වර්ග සහ පළතුරු බීම දරුවාට ලබාදීම හැකි තාක් අඩු කරන්න. පළතුරු බීම වෙනුවට සැමවිටම ජලය පානය කිරීමට දරුවන් උනන්දු කරවන්නග මේ සඳහා දරුවා පෙර පාසලට යන විට ජලය සහිත බෝතලයක් ගෙනයාමට සලස්වන්න.

උදෑසන ආහාර වේලේ වැදගත්කම
ඔබේ දරුවාට ආහාර ලබාදීමේදී නියමිත වේලාවල ට ආහාර දීමට පුරුදු වන්නග ආහාර වේල් මගහැරීමෙන් වළකින්න. බොහෝ දරුවන් උදෑසන ආහාර වේල මගහැරීමට උත්සාහ කරති. උදෑසන ආහාර වේල නිසි ලෙස නිසි වේලාවට ලබාදීම දරුවාගේ මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාරී වන බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. එම නිසා පෙරපාසල් දරුවා පිටත්වීමට පෙර ඔහුගේ/ඇයගේ උදෑසන ආහාරවේල ලබාදීමට වග බලාගන්න.
දිනපතා ලබාදෙන සුළු කෑමවේල් පෝෂ්‍යදායී විය යුතු.ග එවැනි ආහාරවලට උදාහරණ තැම්බූ රනිල බෝග (කව්පි/ කඩල/මුං ඇට) නැවුම් පළතුරු එළවඵ එක් කල සැන්ඞ්විච් තැම්බූ එළවළු, එළවළු, සුප් යෝගට් සහ කිරි වේ.
තවද දරුවාට තමන්ගේ ආහාරය පිළිබඳ උනන්දුව වැඩි කිරීමත් දෙමාපියන් විසින් සිදුකළ යුතුය. මේ සඳහා ඔබ ආහාර පිළියෙල කිරීමේදී දරුවාට ඊට සම්බන්ධ කරගැනීම සුදුසු ය. දරුවාගේ අතට හැන්දක් භාජනයක් හෝ යම් එළවඵවක් පළතුරක් ලබාදීමෙන් ඔබට මෙය කල හැකිය. එවිට ඔහුට/ඇයට තමන් පිළියෙල කළ ආහාරය අනුභව කරන්නා සේ එම ආහාරය ගැනීමට යම් උනන්දුවක් ඇති වේ.
සැම විටම පවුලේ සියලූ සාමාජිකයන්ද සමග එකවර දරුවාට ආහාර ලබාදීම උචිත වේ.ආහාර තෝරා ඒවා ඔබේ දරුවාට ලබාදෙමින් යහපත් ආහාර පුරුදු දරුවා තුළ ඇතිකර නිරෝගිමත් මතුපරපුරක් රටට දායාද කිරීමට ද උරදෙන්න.
ශ‍්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අධ්‍යනාංශයේ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ කථිකාචාර්ය එම් එස් එෆ් ෂිරාසා විසිනි

ජීවිතයේ සාමය නැති කරන තරහ

ජීවිතයේ සාමය නැති කරන තරහ_0තරහව යනු පුද්ගලයන්ගේ ජීවිත අඳුරට ගෙන යන චිත්ත වේගයකි. විවාහ ජීවිතය තුළ තරහව විවිධාකාරයෙන් මතු විය හැකිය. එය කුමන ආකාරයෙන් මතු වුණත් එමගින් පවුල් ජීවිතයට හිතකර නොවන බලපෑම් ඇති වීමට පුළුවන. එසේ නම් අපි තරහව පවුල් ජීවිතයට බලපාන අන්දම ගැන මෙතැන් පටන් අප සොයා බලමු.
තරහ ඇති වන ආකාර
එක් එක් පුද්ගලයා තුළ තරහ ඇති වන ආකාර කිහිපයක් හඳුනා ගැනීමට පුළුවන.
තරහින් වැළකී සිටීමට උත්සාහ කිරීම
මේ අය තරහ ඇති කර නොගන්නා අතර අනෙක් අයට තරහ යනවාටද කැමැති නැත. නමුත් ඔවුන් තුළ කෝපය ඇති වේ. නමුත් කෝපය පිට කළොත් කුමක් සිදු වෙයිද කියන බිය සිතේ පැවැතීම නිසා කෝපය හිත තුළ තද කරගෙන සිටීමට උත්සාහ දරනු ඇත. කෝපය පිට නොකරන නිසා පවුලේ ප‍්‍රශ්න ඇති නොවන මුත් මේ අය හැම විටම කෝපය සිර කරගෙන සිටීම නිසා දැඩි පීඩනයකට පත් වෙති.
‘‘තරහ ගන්නෙ නෑ’’ යනුවෙන් දැඩිව සිතා සිටින නිසා මොවුන්ට තදින් යමක් කියන්නට අවශ්‍ය වූ විට එය කියා ගැනීම ද අපහසුය. එ් තරහ ඇති කර ගැනීමට තිබෙන බය නිසාය. එහිදී සිදු වන්නේත් තරහ සිතේ තද කරගෙන හිඳීම නිසා ලොකු පීඩනයක් දැනීමය.
තරහව සඟවා ගෙන හිඳීම
මෙහිදී තරහ එන මුත් එය අනෙකාට පෙන්වන්නේ නැත. එ් නිසා වෙනත් වෙනත් ආකාරවලින් එම තරහ උඩට මතු වනු ඇත.
නිදසුනක් ලෙස සැමියාට කුමක් හෝ ගෙදරට අවශ්‍ය දෙයක් හැන්දෑවට එන විට රැුගෙන එන්නැයි කී විට ඔහුට එය අමතක වුණේ යැයි සිතමු. මෙහිදී බිරිඳ තුළ ඇති වන කෝපය ඇය සඟවා ගෙන සිටිනු ඇත. නමුත් එය නොරිස්සුම් ස්වභාවයක් ලෙස විවිධ අවස්ථාවලදී ඉස්මතු විය හැකිය.
සැකය පදනම් කරගෙන මතුවන තරහ
සැමියා කඩවසම් නම් ඔහු වෙනත් කාන්තාවන් වෙත නොයන බවට විශ්වාසය තිබුණත් කවුරුන් හෝ කාන්තාවකගේ උගුලට හසු වේවි යන සැකය නිසා නිතර බියෙන් සිටින භාර්යාවෝ හිඳිති. මේ නිසා නිතරම ඔහු ගැන සෙවිල්ලෙන් සිටින්නටත්, ඔහු පිළිබඳ කල්පනාවෙන් පසුවන්නටත් පෙළඹෙනු ඇත. එ් අනුව ඔහු කවුරුන් හෝ කාන්තාවක් දෙස බැලූවත්, කාන්තාවක් ගැන කිව්වත් එ් ගැන සිතමින් නිතර කෝපයෙන් පසුවීම මෙවැනි භාර්යාවන්ගේ ස්වභාවයයි.
මේ කාන්තාවන් සිතන්නේ තමන්ගේ සිතේ පවතින සැකය සැබෑවක්ම ලෙසය. එ් අනුව ”එයා දැන් මට පොඞ්ඩක්වත් ආදරේ නෑ” යන සිතුවිල්ල සිතට දැඩිව බලපෑම මත ඔවුන් තුළ අනාරක්ෂිත හැඟීමක් ඇතිවේ. මෙවැනි කාන්තාවන්ට තමා වටා සිටින අනෙක් හැම දෙනා ගැනමත් සැකය. තමාට අනෙක් අය මොනවා හෝ නරකක් නපුරක් කරාවි යන සැකයද මෙබඳු කාන්තාවන් තුළ බොහෝ විට බලපැවැත්විය හැකිය.
ක්ෂණික කෝපය
ඉතා සුළු දේටත් තරහ ගැනීම මේ අයගේ ස්වභාවයයි. තරහ සිතේ ඇති කරගෙන දින ගණන් වුව කතා නොකර සිටීමට මේ අයට පුළුවන. එකවරම තදබල ආවේගයක් සිතේ වර්ධනය වී එය එ් මොහොතේම මුදා හරිනු ඇත. බඩුමුට්ටු පොළවේ ගැසීම වැනි දෑ කරන්නේ මේ අයයි. ආවේගය පිටවූ ගමන් තරහ අඩු වේ. නමුත් තරහ අඩු වන විට නැවත හදන්නට බැරි තරමේ විශාල හානි සිදුවී හමාරය.
ලැජ්ජාව නිසා ඇතිවන තරහ
සුළු වරදක් අඩුපාඩුවක් පෙන්වා දුන්නත් තමාට විශාල ලජ්ජාවක් කළ බවට මේ අය සිතති. එය තමාගේ ආත්ම ගරුත්වයට වූ හානියක්, තමාව නොසළකා හැරීමක් ලෙස ඔවුනට දැනේ. සුළු අඩුපාඩුවක් කිව්වත් මහමෙරක් තරමට සිතමින් තමාට විශාල අවඥවක් කළ බවට චෝදනා කරමින් සිතේ කෝපයක් ඇති කරගෙන අනිකාට රිදවීම කරනු ඇත. විශේෂයෙන්ම ඔවුන් තමාට කළ දේම කරමින් පළි ගැනීමට කැමැතිය.
සුළු දෙයක් වුවත් හිතේ තද කරගෙන පුපුරමින් හිඳින්නේ ද මෙවැනි අයයි. සිතේ නිතරම කොන්තිය පිරී පවතියි. මොවුන් අධි සංවේදී පුද්ගලයන් ලෙස ද හඳුන්වා දීමට පුළුවන.
උපදෙස් : මනෝ විද්‍යා උපදේශක සුරංග අමරකෝන්

දවාලට බුදි මත – මෙන්න ඊට හේතුව

දවාලට බුදි මත – මෙන්න ඊට හේතුව

අපි නිදාගන්න වෙලාවක් තිබෙනවා. රාත‍්‍රිය වෙන්ව තිබෙන්නේ නින්ද වෙනුවෙන්. ඒ වුණත් අපේ ඇතමුන් මහ දවාලෙත්, කොයි වෙලාවේ බැලූවත් නිදිමතේ. නිදි + මත එහෙමයි මේ වදන නිමැවී තිබෙන්නේ. ඇත්තෙන්ම එය මත්වීමක්. දිවා කාලයේත් බොහෝ වේලා වල ඇතමුන් මේ විදිහට නින්දෙන් මත් වෙන්නේ ඇයි?
ඔබේ අවධානයට යොමු නොවුණු හේතු දෙකක් තිබෙනවා.
  1. ප‍්‍රමාද වී ආහාර ගැනීම.
    අප අහර කිස නිම කළත් ශරීරය ඉනුත් හෝරා කිහිපයක් කි‍්‍රයාත්මක වෙනවා. ඒ අප ගන්නා ආහාර බිඳ හෙලමින් ශරීරයට අවශෝෂණය කර ගැනීමට. ඒත් නින්ද කියන්නේ සිරුරට විවේකයක් ලැබිය යුතු කාල පරිච්ෙඡ්දයක්. මේ විවේකය නිසාවෙන්ම ශරීරයේ සියළු ඉඳුරන් පාහේ පුනර්ජීවනයට ලක් වෙනවා. නැවත ශරීරයට ශක්තිය, ජීවය ලැබෙනවා. අප නිදාගන්න වේලාවෙත්, ආහාර ජීර්ණය කරමින් ශරීරය කි‍්‍රයාත්මක වෙනවා නම් නින්දේ සැබෑ අරුත එතන නෑ. නින්දේ සැබෑ විවේකයත් එතන නෑ. ඒ නිසා තමයි නින්දට පැය දෙක තුනකට පෙර ආහාර ගැනීම කළ යුත්තේ.
  2. ඔබ දන්නවා අපේ සිරුර තුළ සැගවගත් ජෛව ඔරලෝසුවක් තිබෙනවා. අප වෙලාවට අවදි වන්නේ, මුව දෝවනය කරන්නේ, නිදා ගන්නේ…. මේ හැම දෙයක්ම නැවත සිහිපත් නොකළත් වෙලාවට සිදු කෙරෙන්නේ මේ ජීව ඔරලෝසුවේ මහිමයෙන්.
ජීව ඔරලෝසුව නින්දට ඉතා අනගි කාල පරාසයක් හඳුනාගෙන තිබෙනවා. ඒ රාත‍්‍රී 10 ත් පාන්දර 2 ත් අතර සිවු හෝරාව. යමෙක් මේ වටිනා පැයතම නින්දට යොදා නොගන්නවා නම් තමන්ගේ ජීව රිද්මයට එයින් සැලකිය යුතු බාධාවක් පැමිණිය හැකියි. මේ නිසා නින්දේ ගුණාත්මක වටිනාකම හීන විය හැකියි. දිවාකල නිදිබර බවට එය හේතුවක් වන්නට ඉඩ තිබෙනවා. මේ නිසා රාතී‍්‍ර 10 ත් පාන්දර 2 ත් අතර මේ වටිනා නිදි දෙව්දුවගේ වේලාවෙන් හැකි පමණ ප‍්‍රයෝජන අරගන්න බලන්න.
ඉතින් ඉහත හේතු මත දවාලටත් නිදිමත ඔබට දැනෙන්නට පුළුවනි. ඒ හැරෙන්නට කැන්ඩිඩා නම් ජීවානුව ඔබේ සිරුර තුළ ව්‍යාප්ත වී තිබෙනවා නම් එයත් නිදිබර බවට, අලස බවට හේතු විය හැකි බවටත් විද්වත් මතයක් තිබෙනවා.

අඩි උස සපත්තු ලෙඩ රැසකට මුල…

අඩි උස සපත්තු ලෙඩ රැසකට මුල…
සෞඛ්‍ය සම්පන්න මිරිිවැඩි සගලක් තෝරා ගැනීමට උපදෙස්
විලාසිතා ලොවේ කැපී පෙනීම සඳහා දෙපාවල සුව පහසුව පවා නොතකා හැකි තරම් උසැති සපත්තු පළදින්නෝ ද සිටිති. අපේ සිරුරේ අඩු සැලකුම් ලබන කොටසකි දෙපා. අප මදකට හෝ කකුල් ගැන සිතන්නේ සපත්තු ගන්නට යන විටෙකදී පමණී. එවිටත් අපේ වැඩි සැළකිල්ල යොමු වන්නේ දෙපා වල සුව පහසුව ගැන නොව විලාසිතා පිළිබඳවය.
හැකිනම් අඩි උස සපත්තු පැළැඳීම සම්පූර්ණයෙන්ම නතර කරන්න. එමගින් වළලූ කරේත්, කලවාවලත්, මස්පිඩු වලත් අනවශ්‍ය තද වීමක් සිදු වේ. එය කොන්දේ කැක්කු, හිස කැක්කුම වැනි අමාරු රැසකටම මුල විය හැකිය. එමෙන්ම එනිසා ශ්‍රෝණි කුහරයේත් උදර කුහරයේත් තිබෙන සමහර අවයව වල පිහිටීම වෙනස් වීමට පවා ඉඩ ඇත.
අඩි උස සපත්තු පාවිච්චි කිරීමට අවශ්‍ය නම් අඟල් 2 ට වඩා උස අඩු ඒවා පමණක් තෝරා ගන්න. ඒවාත් දවසකට පැය 4- 5 කට වඩා පැළඳ ගෙන ඉන්න එපා. එමෙන්ම සතියකට දෙතුන් දවසකට වඩා අඩි උස සපත්තු දැමීම එතරම් හිතකර නොවේ.
අපේ එවැනි උණුසුම් කාළගුණයකට වඩාත් ගැළපෙන්නේ පැතලි අඩි සහිත සපත්තු සම් සෙරෙප්පු වැනි ඒවාය. ඒවා වඩා සුවපහසුය. ලාභදායකය. එමඟින් කකුල් ගඳ ගැසීම වළක්වා ගත හැක. දෙපයට වඩාත් ගැළපෙන සපත්තු තෝරා ගැනීමේදී පහත පියවර කිහිපය උපකාරී වෙයි.
  1. සපත්තු මිළදී ගැනීමට යන විට සැම විටම හවස් වරුව ඊට තෝරා ගන්න. කකුල් වල දිග පළල වැඩිම මට්ටමක පවතින්නේ ඒ වෙලාවටය.
  2. ඔබේ බරද සැළකිල්ලට ගත යුතුය. එනිසා සපත්තු ගන්න හැම විටම සිටගෙන බැලීමටද අමතක කරන්න එපා.
  3. කකුලේ දිගම ඇඟිල්ලත්, සපත්තුවේ කෙළවරත් අතර අඟල් බාගයකවත් ඉඩක් තිබිය යුතුය
  4. පැළඳගෙන පහසුවෙන් ඇවිදිය නොහැකි නම් සපත්තු ජෝඩුවක් කෙතරම් ලාබ හෝ ලස්සන වුවත් පලක් නොවේ. 
    එනිසා සපත්තු තෝරා ගන්නට පෙර ටික දුරක් ඇවිද බලන්න.
  5. සපත්තුවේ ඉදිරි කෙළවර රවුම් විය යුතු අතර එය කකුලේ හැඩයටම සමාන විය යුතුය. ඇඟිලි පහම අපහසුවක් නැතිවද දැමිය 
    හැකි තරම් සපත්තු අඩි පළල් විය යුතුය.
  6. ඔබට හැකිනම් සම් පාවහන් තෝරා ගන්න. ඒවායේ ඇති ඇඟිලි කුඩා සිදුරු නිසා දහදියත් බැක්ටීරියාවනුත් එක් රැස් වීම වැළකේ. දුඟද දමන දෙපාවලට මුල් වන්නේත් දවස පුරා හිර 
    සපත්තු වල දෙපා ඔබා ගෙන සිටීමය

ඉවසනු බැරි උකුණු කරදරේ

ඉවසනු බැරි උකුණු කරදරේ

උකුණන් නැති හිසකට අපි බොහොම කැමතියි. අපිරිසිදුකම නිසාම උකුණන් බෝ වෙන්නේ නැහැ. ලොව පුරා මිලියන 6-12 අතර පිරිසක්  උකුණු හිරිහැරයෙන් පීඩා විඳිනවා. මේ හිරිහැරය විඳින බොහෝම දෙනා කුඩා දරුවන්.  උකුණන් කියන්නේ ඉතාම කුඩා කෘමීන් විශේෂයක්. පරපෝෂිත විශේෂයක් වන මොවුන් හිස් කබලේ සමට කිට්ටුවෙන්ම ජීවත් වෙනවා. සමේ තිබෙන උෂ්ණත්වය උකුණන්ට ජීවත්වීමට බොහෝම හිතකරයි. උකුණන් ජීවත්වන්නේ මිනිස් ලේ උරා බොමින්. උකුණන් ආහාරයට ගන්නේ මදුරුවෙකු උරා බොන ලේ මාත‍්‍රාවට සමාන ප‍්‍රමාණයක්.
උකුණන් හිස කෙස් වල සිය ජීවත්වීම ආරම්භ වූ තැන සිට හිස කෙස්වල බිත්තර දැමීම ආරම්භ කරනවා. කෙස් වල ඇලී සිටින මේ බිත්තර ලේඩි ලෙසින් හඳුන්වනවා. මේ ලේඩි පිපිරී ඒවායින් අලූත් උකුණන් බිහිවෙනවා.
උකුණන්  ඕනෑම අයෙ කුගේ හිස තමන්ගේ වාසස්ථානය බවට පත් කරගන්නවා. ඔවුන් එක් අයෙකුගේ හිසේ පමණක් ජීවත්වන්න සතුටු නැහැ. ඉතාම වේගයෙන් වෙනත් අයගේ හිසකට මාරු වෙන්න උකුණන් කැමතියි. තොප්පි, පනා, බුරුසු, හිස් පළඳනා, කොට්ට උර, ඇඳ ඇතිරිලි හරහා උකුණන් තවත් අයගේ ඔලූවකට සංක‍්‍රමණය වෙනවා.
හිසේ උකුණන් වෙනුවෙන් වෛද්‍ය නිර්දේශ අනුව ඖෂධීය ෂැම්පු, ආලේපන හෝ දියර වර්ග භාවිතා කරන්න පුළුවන්. මේවා මගින් දින කීපයකින් උකුණන් වඳ වීමට පුළුවන්. එක් වතාවක් ඖෂධීය උකුණු වඳ කිරීමේ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ප‍්‍රයෝජනයක් නැහැ. බිත්තර පිපිරී නැවතත් උකුණන් ඇති වීමට තිබෙන ඉඩ ප‍්‍රස්ථාව ඉහළ නිසා දින 7 ක් හෝ 10 කින් යලිත් මෙම ප‍්‍රතිකාරයම කිරීම අවශ්‍යයි.
උකුණන් වඳ කිරීමේ ඖෂධ යොදාගෙන හිස සෝදා ගැනීමෙන් පසුව  කෙස් වියලන යන්ත‍්‍ර මගින් කෙස් වියලීම අනතුරුදායකයි. උකුණන් වඳ කරන ඖෂධ වල අඩංගු ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය වලින් කෙස් වියලීමේදී භාවිතා වෙන විද්‍යුත් බලයේ ක‍්‍රියාකාරී අවස්ථාව ඔබගේ ජීවිතයට තර්ජනයක් වීමට ඇති ඉඩකඩ ඉහළයි.
මිනිස් ඔලූවකින් දුරස්ථව උකුණෙකුට ජීවත්වීමේ ශක්තිය තිබෙන්නේ දවසක් හෝ දෙකක් විතරයි.
උකුණන් වඳ කිරීමේ ඖෂධ භාවිතා කිරීමෙන් පසුව සියළුම ද්‍රව්‍ය (පනා, බුරුසු, ඇඳ රෙදි කොට්ට උර) උතුරන වතුරින් තම්බා සෝදා ගන්න. ඉන් අනතුරුව සුළං නොවදින ලෙසට අසුරා දින 10 ක් පමණ තැබූ විට බිත්තර වලත් පිපිරීමේ ශක්තිය දුර්වල වෙනවා.

 උකුණු වත

උකුණන් ලෙස හැඳින්වෙන හිසට හිරිහැරයක් වූ මේ පරපෝෂිතයන් හඳුන්වන විද්‍යාත්මක නාමයpediculas humanis capitas යන්නයි. උන් කිසිඳු බැක්ටීරියානු හෝ වෛරස ආසාදනයක් සම්පේ‍්‍රෂණය කරන වාහකයෙකු නොවීම එක්තරා සැනසුමක් මුත් ‘උකුණු වදය’ ලෙහෙසි පහසු හිරිහැරයක් නම් නොවේ. වැඩුණු උකුණකු මි.මී. 4 ක් පමණ දිගය. උකුණා දින 40 ක් පමණ වෙසෙන අතර ගැහැනු උකුණකු දිනකට බිත්තර 10 ක් පමණ දමයි. මේ බිත්තර (ලේඩින්) හිස් කබල තුළ බදාමයක් ලෙස තැන්පත් වන සුළු නිසා ඒවාද ඉවත් කිරීම පහසු නොවේ. පැහැයෙන් උකුණන් අළු පැහැයට හුරු සුදු පැහැයක් දරයි.

උකුණන් සංහාරයට බෙහෙත්

උකුණු හිරිහැරයෙන් මිදීම සඳහා කාණ්ඩ හතරක බෙහෙත් වෙළඳපොළේ පවතී. මින් දෙකක් වෛද්‍ය ප‍්‍රලේඛණ මගින් පමණක් මිලදී ගත යුතු ඒවා වන අතර අනෙක් දෙක වෛද්‍ය යොමු කිරීමක් නැතිවම වූවද ලබාගත හැකි ඒවාය.
  1. Lindane (Gamma benzene -hexachloride) වෙද්‍ය ප‍්‍රලේඛණ රහිතව මිලදී ගැනීමට අවසර නැති  ඕර්ගැනෝ කාණ්ඩයේ ඖෂධ
  2. Malathion
  3. Pyrethrin ප‍්‍රලේඛණ රහිතව
  4. Permethrin මිලදීගත හැක.

උකුණු සංහාරයට බෙහෙත් භාවිතා කරන ක‍්‍රමය

ෂැම්පු ලෙස ඇති pyrethirin ද ආලේපන ලෙස ඇති permethrin ද වෛද්‍ය උපදෙස් රහිතව භාවිතා කිරීමට හැකි හෙයින් ඒ පිළිබඳව විස්තර දැක්වේ.
Chrysanthemums හා ragweed යන රසායන සඳහා ආසාත්මික නම් මේ කාණ්ඩ දෙකේම ඖෂධ නුසුදුසුය. එසේම මේ දියර අල්ලා ඇස් ස්පර්ශ නොකිරීමට තදින් සිතට ගත යුතුය.

pyrethirin ෂැම්පු භාවිතා කරන පිළිවෙල

ප‍්‍රමාණවත් ෂැම්පු හිසෙහි ගල්වා එය විනාඩි 10 ක කාලයක් පවතින්නට හරින්න. ඉන්පසු වතුර ස්වල්පයක් මුසුකර පෙන නැගෙන තුරු සම්බාහනය කරන්න. ඉන් පසු හොඳින් හිස සෝදන්න. සියුම් දැති ඇති පනාවකින් හිස පීරා මැරුණු උකුණන් ඉවත් කරන්න.
මෙම ප‍්‍රතිකාරය දින 7-10 අතර කාලයකින් පසු නැවත සිදුකරන්න.

pyrethirin ආලේපනය භාවිතා කරන පිළිවෙල

මුලින්ම ඔබ භාවිතා කරන ෂැම්පු හිස ගල්වා හොඳින් හිස සෝදා වියළා ගන්න. ඉන්පසු හොඳින් pyrethirin ආලේපනය සොලවා හිස පුරා එය ගල්වන්න. විනාඩි 10 ක කාලයක් තිබෙන්නට හරින්න. ඉන්පසු හිස ඉතා හොඳින් සෝදා වියළුණු පසු සිහින් පනාවකින් හිස පීරන්න. ඉන් පසුවද උකුණන් සිටී නම් දින 7 කින් මෙම ප‍්‍රතිකාරය නැවත කරන්න.[/box]

උකුණන් දුරින් –  දුරීභූත කරන සුව පිළිවෙත්

  • පවුලේ සාමාජිකයෙකුට උකුණන් සිටී නම් ඒ හඳුනාගෙන වහාම ප‍්‍රතිකාර අරඹන්න.
  • රෙදිපිළි සියල්ල රෙදි සෝදන යන්ත‍්‍රයේ දමා උණුසුම් වතුරෙන් සෝදන්න.වියලනයේ විනාඩි 20 ක් තිබෙන්නට හරින්න.
  • Dry clean කිරීමද සුදුසුය.
  • පනා හා බුරුසු අඩු තරමේ 1300ත්‍ උෂ්ණත්වයේ විනාඩි 10 ක් තිබෙන සේ සෝදා හරින්න.
  • විග් ආදිය තිබේ නම් ඒවාද හොඳින් ෂැම්පු කර සෝදන්න.
  • උකුණන්ට දින 2 කට වඩා බාහිරව විසිය නොහේ. උකුනු මර්ධන සැලසුම ආරම්භ කළ පසු කාමරයේ /නිවසේ ඇති උකුණන් වැටෙන සියළුම ද්‍රව්‍ය (සෙල්ලම්බඩු ආදිය..) බෑගයක දමා දින 14 ක් මුදා කරන්න.
  • කාමරය හොඳින් Vacuum clean කළ හැකි නම් අගනේය.

ගැබිණි කල දත් රැක ගැනීම


ගැබිණි කල දත් රැක ගැනීම_0ගැබිණි කල දත් රැක ගැනීම කොපමණ වැදගත්ද කිවහොත් බි‍්‍රතාන්‍යය වැනි රටවල කාන්තාවනට ගැබ් කාලයේදී ප‍්‍රතිකාර සිදු කරනුයේ නොමිලයේය. ඒ ගැබ් කළ දත් දිරීමට ඉතාමත් ඉහළ හැකියාවක් තිබෙන නිසාය.
ගැබිණි කළ දත් දිරීම පිළිබඳව මත දෙකක් ඇත. මුල් මතය නම් එතරම් නිවැරදි නැත. එනම් කුස සිටින දරුවාට අවශ්‍ය වන කැල්සියම් මවගේ දත් දියර කර ලබා ගන්නා බවකි. දෙවැනි මතය නම් සත්‍ය වේ. එනම් විදුරුමසෙහි ආසාදනය වීම දත් දිරීමට මග පාදයි.
ගර්භණී මව්වරුන් සාර්ථක ලෙස ආහාර ගත්තද ඔවුනට අතිරේක කැල්සියම් ලබා දිය යුතු වේ. මෙමඟින් දත් දිරීම වළක්වනවාද යන්න සැක සහිතය. එහෙත් එමඟින් මවගේ කටු ආරක්‍ෂා කරදෙයි.
ප‍්‍රධාන ලෙස ගැබිණි කල දත් රෝග වලට ප‍්‍රධාන හේතුව විදුරු මස ඉදිමීමේ ‘‘ජින්ජිවයිටිස්’’ නැමැති රෝගයයි. ගර්භණී කාලයේ විදුරුමස තුනී වී රුධිරවාහිනී වලින් බරිත වී පවතී. ඝන දත් බුරුසු හා ආහාර කැබලි වලින් මේවා තුවාල වීමට ඉඩ ඇත. මෙසේ තුවාල වූ විට පහසුවෙන් ආසාදනය වීමට පුළුවන.
ඒ නිසා ගැබිණි කල දත් ආරක්‍ෂා කර ගැනිමට විශේෂයෙන් වගබලා ගත යුතු වේ.
  • අනෙකුත් කාලවලදී මෙන් සෑම කෑම වේලකටම පසුව දත් පිරිසිදු කර ගන්න. (සෑම රාත‍්‍රි කෑම වේලකටම පසුව හැම විටම)
  • මෘදු බුරුසුවක් වඩත් සුදුසුය. බුරුසු දෙක තුනක් ළඟ තබා ගන්න. එකක් භාවිතා කර එය වේලීමට තබා ඊළඟ අනෙක් වියලි බුරුසුව භාවිතා කරන්න.
  • දත් අතර තිබෙන ආහාර කැබලි ඉවත් කිරීමට වගබලා ගන්න

ගර්භණී සමය තුළ සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඉවහල් වන ආහාර සිරිත


ගර්භණී සමය තුළ සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඉවහල් වන ආහාර සිරිත_0ගර්භණී සහ කිරිදෙන මව්වරුනි ඔබ ඔබේ පෝෂණය ගැන සැළකිලිමත් ද?
තරුණ කාන්තාවන් ගර්භණී භාවයට පත්වීමට පෙර සිටම නිසි පෝෂණ මට්ටමක් පවත්වා ගැනීම සාර්ථක නිරෝගී ගර්භණී සමයක් හා සෞඛ්‍ය සම්පන්න දරු උපතක් ලබා ගැනීමටත් දරු ප‍්‍රසූතියේදී ඇතිවන සංකූලතා නැති/අවම කර ගැනීමටත් මහගු පිටුවහලක් වේ.
ගර්භණීභාවයේ විවිධ අවස්ථාවලදී පෝෂක අවශ්‍යතාවයන් ඒ ඒ අවස්ථාවන්ට අනුකූලව වෙනස් වේ. මුල් මාස 3 තුළදී මවගේ පෝෂණ අවශ්‍යතාවයන් සුලූ වශයෙන් වැඩි වේ. තුන්වන මාසයේ සිට හයවන මාසය දක්වා (ගර්භණී අවධියේ දෙවන කාර්තුවේදී) සාමාන්‍යයෙන් ගන්නා ශක්ති ප‍්‍රමාණයට වඩා වැඩිපුර කැලරි 340ක ශක්ති ප‍්‍රමාණයක් දිනකට වැඩිපුර ගත යුතු අතර ගර්භණී අවධියේ තුන්වන කාර්තුවේදී (මාස 6 සිට දරු උපත දක්වා) එය කැලරි 425 දක්වා වැඩිකඵ යුතුය. මෙම වැඩිපුර ලබාගත යුතු ශක්ති ප‍්‍රමාණය ලගා කර ගැනීමට විවිධ ආහාර කාණ්ඩ වලින් ආහාර ඇතුලත් සමබල ආහාර වේලක් ලබාගත යුතු අතර ලබා ගන්නා ආහාර වල ප‍්‍රමාණයන් වැඩිකල යුතුය.

ගැබිණි සමයේ අමතර ප්‍රෝටීන අවශ්‍යතා
ගර්භණී සමය තුළදී ශක්ති අවශ්‍යතාවයන් පමණක් නොව ප්‍රෝටීන වැනි වැඩිපුර (ග‍්‍රෑම්) ලබාගත යුතු පෝෂක මෙන්ම විටමින් සහ ඛණිජ ලවණ යන ක්ෂුද්‍ර පෝෂකයන් (මිලිග‍්‍රෑම් හෝ ඊට අඩු ප‍්‍රමාණවලින් ලබාගත යුතු පෝෂක) අවශ්‍යතාවයන්ද ඉහළ යයි. ගර්භණී අවධියේ පළවන මාසයේදී දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය ග‍්‍රෑම් 1 කින් වැඩිවන අතර දෙවන හා තෙවන කාර්තු වලදී පිළිවෙලින් දිනකට ග‍්‍රෑම් 9ක් සහ ග‍්‍රෑම් 31 වැඩිපුර ආහාරයට එක්කරගත යුතුය. මෙම වැඩිපුර ලබාගන්නා ප්‍රෝටීන කළලයේ සහ මාතෘ පටක වල වර්ධනය සඳහාත් මවගේ බර ප‍්‍රශස්ත මට්ටමේ පවත්වා ගැනීම සඳහාත් වැදගත් වේ.

ශක්ති අවශ්‍යතා සපුරාගන්නා හැටි
ආහාර වේල් වලට ප‍්‍රමාණවත් පරිදි (ප‍්‍රමාණ 7ත් 11ත් අතර) ධාන්‍ය පිටි සහිත ආහාර අල වර්ග සහ පිටි සහිත එළවළු ආහාරයට එකතු කර ගැනීමෙන් වැඩිපුර ලබාගත යුතු ශක්ති ප‍්‍රමාණය ලබාගත හැකියග මස් මාඵ කරවල බිත්තර සහ රනිල බෝග (කඩල කව්පි මුං ඇට පරිප්පු සහ සෝයා බෝංචි) වැනි ප්‍රෝටීන බහුල ආහාර දිනකට ප‍්‍රමාණ 2ක් 3ක් එක් කර ගැනීමෙන් ප්‍රෝටීන අවශ්‍යතාවයන් සපුරාගත හැකිය.

අත්‍යවශ්‍ය මේද අම්ල
අත්‍යවශ්‍ය මේද අම්ල ආහාරයට එක්කර ගැනීම දරුවාගේ මොළයේ ස්නායු වර්ධනයට හා අක්ෂි වර්ධනය සඳහාත් ශරීරයේ පටක සහ සෛල බිත්ති සෑදීම සඳහාත් ඇස්වල සහ මොළයේ වර්ධනයට සහ ක‍්‍රියාකාරිත්වයට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය සඳහාත් වැදගත් වේ. කිරි සහ කිරි ආහාර කොළ පැහැති වලා වර්ග සැමන් මාඵ මෝර මාඵ වැනි ආහාර ඔබේ ආහාර වේලට ඇතුලත් කර ගැනීමෙන් ගර්භණී මේද අම්ල අවශ්‍යතාවය සපුරා ගත හැකිය.

ගැබිණි සමයේ කැල්සියම් ඌණතාවය හොඳ නෑ..
ගර්භණී සමය පුරාම මව සහ මව්කුස තුළ සිටින දරුවා අතර කැල්සියම් හුවමාරුවක් සිදුවන අතර එමගින් දත් සහ අස්ථි වර්ධනය සිදු වේග ගර්භණී සමයේ අවසන් මාස 3 වන විට කුස තුළ සිටින දරුවාගේ අස්ථි සැකිල්ල උපරිමය දක්වා වර්ධනය වන අතර මව විසින් සිය අස්ථි තුල තැන්පත් කරගත් කැල්සියම් ඌණතාවයක් ඇති වුවහොත් එමගින් මවගේ දත්වලට හානි වීම අස්ථි බිඳී යෑම සහ දරුවා උපතින් පසු නිපදවන මව්කිරි වල ගුණාත්මක භාවය අඩුවීමක්ද සිදු වේ. එම නිසා ගර්භණී අවධිය තුලදී කිරි හා කිරි ආශ‍්‍රිත නිෂ්පාදන වන යෝගට් මුදවපු කිරි හාල්මැස්සන් කුඩා මාඵ මස් පලා වර්ග දිවුල් වැනි කැල්සියම් බහුල ආහාර ආහාරයට එකතුකර ගැනීම වැඩිවන කැල්සියම් ප‍්‍රමාණය ලබාගැනීමට හේතු වේ.

අත්‍යවශ්‍ය යකඩ පෝෂක
ගර්භණී සමය තුළදී මවගේ රුධිර පරිමාව ඉහළ යන බැවින්ද මව්කුස තුල වැඩෙන කළලයේ රුධිර සෛල වර්ධනය විය යුතු බැවින්ද රුධිර සෛල වර්ධනය සඳහා අවශ්‍ය වන යකඩ පෝෂක අවශ්‍යතාවයද බෙහෙවින් ඉහළ යයිග මස්, මාළු, බිත්තර කහමදය, කොළ පැහැති පළාවර්ග වල යකඩ අඩංගු බැවින් ඒවා ආහාරයට එක්කර ගැනීමෙන් ඔබගේ යකඩ අවශ්‍යතාවය සපුරා ගත හැකග ශාක ආශ‍්‍රිත ආහාර වල යකඩ අඩංගු බැවින් ඒවා ආහාරයට එක් කර ගැනීමෙන් ඔබගේ යකඩ අවශ්‍යතාවය සපුරා ගත හැක. ශාක ආශ‍්‍රිත ආහාර වල අඩංගු යකඩ ශරීරයට උරාගැනීම පහසු කිරීමට විටමින් සී අඩංගු පළතුරක් (නෙල්ලි/ පේර/ නාරං/ ජම්බොල/ කාමරංග/කජු පුහුලන්) හෝ ආහාර පිළියෙල කිරීමේදී දෙහි වැනි යමක් ආහාර වේලට එකතු කර ගන්න.

ෆෝලික් අම්ලය ප‍්‍රමාණවත්ව අවශ්‍යයි
ගර්භණී සමයේදී ෆෝලික් අම්ලය නැමැති විටමිනයේ අවශ්‍යතාවය ඉහළ යන අතර මාතෘත්වයට පත්වීමට බලාපොරොත්තු වන කාන්තාවන් විසින් ශරීරය තුල ෆෝලික් අම්ලය ප‍්‍රමාණවත් පරිදි තබා ගැනීම සඳහා තරුණ වියේදීම ෆෝලික් අම්ල අඩංගු ආහාර බහුලව ආහාරයට ගත යුතු ය. මව්කුස තුල වැඩෙන කළලයේ මධ්‍ය ස්නායු පද්ධතියේ වර්ධනය මෙම විටමිනය මගින් උද්දීපනය කරන අතර සුසුම්නාව වර්ධනය බාලවීම එමගින් වළකින අතර අලූතින් උපදින දරුවාගේ ස්නායු නාල අක‍්‍රමිකතා ඇතිවීම වළකාලයි.
එළවළු, කොළපැහැති පළා වර්ග, නිව්ඞ්ඩ සහිත ධාන්‍ය, බිත්තර හා මාංශ බෝග වල ෆෝලික් අම්ලය බෙහෙවින් අඩංගු බැවින් එවැනි ආහාර එකතු කර ගැනීම ෆෝලික් විටමින අවශ්‍යතාවය සපුරා ගැනීමට ඉවහල් වේ. කෙසේ වුවද අප එදිනෙදා ලබාගන්නා පෝෂ්‍යදායී ආහාරයන් හී ගර්භණි මවගේ විටමින අවශ්‍යතාව සඳහා ප‍්‍රමාණවත් ෆෝලික් අම්ල අඩංගු නොවේ. තවද ගර්භණී තාවයට පත්වීමට ප‍්‍රථම මාස කිහිපය තුළ මෙන්ම ගර්භණී සමයේ මුල් මාස කිහිපය තුළ අතිරේක ෆෝලික් අම්ල මාත‍්‍රාවත් ලබා ගැනීම අවශ්‍ය වේ.

විටමින් ඒ බහුල ආහාර
ගර්භණී අවධියේදී විටමින් ඒ බහුල ආහාර වන සත්ව ආහාර, තද කොළ පැහැති පළා වර්ග, කහ පැහැති එළවළු (වට්ටක්ක/කහ බතල/කැරට්) හා පළතුරු (ගස්ලබු/ අඹ/ලාවලූ) එකතු කරගැනීම මවගේ මෙන්ම දරුවාගේ මනා දෘෂ්ටියට සෛල හා පටක මනා වර්ධනයට හා මනා ප‍්‍රතිශක්තිකරණයක් පවත්වාගැනීමට සහ නිරෝගී සමක් ලබා ගැනීමට ඉවහල් වේ.

තුත්තනාගම් හෙවත් සින්ක්
ගර්භණී අවධියේදී වැඩිපුර ලබාගත යුතු අනෙක් ඛණිජ ලවණය වන්නේ සින්ක් ය. සින්ක් වර්ධනය හා විකසනය සඳහාත් සෛලවල ක‍්‍රියාකාරිත්වය හා ප්‍රෝටීන නිෂ්පාදනයට මෙන්ම න්‍යෂ්ඨික අම්ල වල පරිවෘත්තියටද වැදගත් වේග සින්ක් ඌණතාවය වර්ධනය බාල වීමට මෙන්ම දරු ප‍්‍රසූතියේදී ගැටඵ ඇතිවීමටත් හේතු වේ. මුහුදු මාළු ඉස්සන් හාල්මැස්සන් සින්ක් බහුල ආහාර වේ.
අයඩින් අඩංගු ලූණුඑමෙන්ම අයඩින් අඩංගු ලූණු ආහාර පිළියෙල කරගැනීමට යොදාගැනීමත් මුහුදු මාළු ආහාරයට ගැනීමෙන් ගර්භණී මවගේ අයඞීන් අවශ්‍යතාවයන් සපුරාගත හැක.

මළබද්ධයෙන් මිදීමට මග
ගර්භණී සමය තුළදී මළබද්ධය බහුලව ඇතිවිය හැකි අතර එයින් වැළැක්වීම සඳහා කෙඳි බහුල ආහාර වන පළතුරු සහ එලවළු දිනපතා ආහාරයට එක්කර ගැනීම වැදගත් වේ. දිනකට අවශ්‍ය ප‍්‍රමාණයට ජලය පානය කල යුතු අතර ඔබගේ බර කිග ග‍්‍රෑම් 1ක් සඳහා ජලය මිලි ලීටර් 30ක් පානය කළ යුතු ය. අවම වශයෙන් දිනකට ජල වීදුරු හයක් වත් පානය කළ යුතු ය. ගර්භණී අවධියේදී වැඩිවන පෝෂක අවශ්‍යතා ලගා කර ගැනීම සඳහා විවිධ ආහාර වර්ග ඇතුලත් වන පරිදි පිළියෙල කරගන්නා සමබල ආහාර වේල් වැදගත් වේ. ගර්භණී අවධියේ පසුවන ඔබ දිනකට ප‍්‍රධාන ආහාර වේල් 3 සහ අතරමැදි ආහාර වේල් 2ක් නියමිත ප‍්‍රමාණවලින් නිසි වේලාවට ලබාගැනීම ඉතාම වැදගත් ය.

කිරි දෙන අවධියේ ලබා ගත යුතු ආහාර
කිරිදෙන අවධියේදී මවගේ කැලරි අවශ්‍යතාවය ගර්භණී සමයේදී කැලරි අවශ්‍යතාවයන්ට වඩා වැඩි වේ. මව්කිරි වලින් පමණක් දරුවා පෝෂණය වන කාල පරිච්ඡේදයේදී (උපතේ සිට මාස 6) සාමාන්‍යයෙන් කිරිදෙන මව්වරුන් විසින් මව්කිරි මිලිලීටර 560-850 අතර ප‍්‍රමාණයක් දිනකට ළදරුවාට ලබා දෙයිග හොඳ පෝෂණ තත්ත්වයේ පසුවන කිරිදෙන මව්වරුන් දළ වශයෙන් මව්කිරි ග‍්‍රෑම් 1කින් ශක්තිය කැලරි 0. 67 ක් ළදරුවාට ලබා දේ. එම නිසා ගර්භණී සමයේදී නිසි ආකාරව බර වැඩිවීමක් පෙන්නුම් කළ මව්වරුන්ද කිරි දෙන අවධියේදී ආහාර කාණ්ඩ හයටම (ධාන්‍ය සහ පිටි සහිත ආහාර පළතුරු එළවළු කිරි සහ කිරි ආහාර මාශ භෝග මස් මාඵ බිත්තර සහ ඇට වර්ග සහ තෙල් සහිත බීජ) ඇතුලත් වන පරිදි ගන්නා ආහාර ප‍්‍රමාණය වැඩි කළ යුතු ය.

කිරි දෙන මවට අමතර ප්‍රෝටීන අවශ්‍යයි
මව්කිරි ග‍්‍රෑම් 100ක ප්‍රෝටීන ග‍්‍රෑම් 1.1ක් අඩංගු වන අතර මව්කිරි පමණක් දෙන මුල් මාස හයක කාල පරාසය තුළ සාමාන්‍යයෙන් මවට අවශ්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණයට අමතරව වැඩිපුර ප්‍රෝටීන ග‍්‍රෑම් 19ක් 20ත් අතර ප‍්‍රමාණයක් දිනකට ලබාගත යුතුය. ඒ සඳහා ප්‍රෝටීන බහුල මස් මාළු බිත්තර හා මාශ බෝග වැඩි ප‍්‍රමාණයක් ආහාරයට ගත යුතුය. මව්කිරි වල කැල්සියම් බහුල වශයෙන් අඩංගු වන නිසා මව්කිරි නිපදවීම සඳහා මවගේ අස්ථි තුළ සංචිත කැල්සියම් ලබා ගනී. මෙය අස්ථිවල අඩංගු කැල්සියම් ප‍්‍රමාණය අඩුවීමට බලපායි. මෙම තත්ත්වයෙන් අත්මිදීම සඳහා කැල්සියම් පෝෂකය බහුලව අඩංගු කිරි සහ කිරි ආහාර කතුරුමුරුංග සහ දිවුල් වැනි ආහාර බහුලව ආහාරයට එක්කර ගැනීම ඉතා වැදගත් යග හාල්මැස්සන් සැමන් මාළු සහ කුඩා මාළු (කටු සහිත) ගැනීමද කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගැනීමට පිටුවහලක් වේ.
නිරෝගී සෞඛ්‍යසම්පන්න මතු පරපුරක් සඳහා සමාජයට දායාද කර දීම සඳහා ගර්භණී සහ කිරිදෙන අවධියේ මව්වරුන්ගේ පෝෂණය ප‍්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම වැදගත් වේ.
ශ‍්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අධ්‍යනාංශයේ කථිකාචාර්ය ඒ එම් එන් ටී අධිකාරි විසිනි

The Time When We Drink Water Is Very Important


iqÿiqu fj,djg c,h mdkh fldg fi!LH m%;s,dNhka /ilau ,nd.ksuq' 

ojilg j;=r ,Sg¾ 1'5 fyda 2 la mdkh l,hq;= nj wms iefjdu okakjd' kuq;a by, fi!LH m%;s,dNhla ,nd .ekSu ioyd c,h mdkh l,hq;= iqÿiqu fõ,djka fudkjdo lshd Tn okakjo @ wms c,h mdkh lrk fj,dj,a b;du;au jeo.;a" tfy;a fndfyda fofkla th úYajdi lrkafka keye' kskaog hEug fmr j;=r ùÿre folla mdkh lrk f,ihs ffjoHjreka wjjdo lrkafka' wm isgf.k isák úg .=re;ajdl¾IKfha n,mEu ksid YÍrfha we;s c,h my; fldgfia /§ mj;skjd' ta fya;=fjka Tfí ll=,a bÈfukakg mq¿jka' Tn we,ù isák úg YÍrfha my; fldgfia iy jl=.vq j, Wi m%udKh iudkhs' túg jl=.vq j,g yelshdj ;sfnkjd myiqfjka iy fõ.j;aj c,h uqodyeÍug'water benefits, back pain  
flfiafj;;a" kshu fj,djg c,h mdkh lsÍfuka YÍrh ;=, we;s c,fha ld¾hlaIu;djh by, kxjd .kakg mq¿jka' diabetic 

1' Wofha ke.S isá ú.i j;=r ùÿre folla mdkh lsÍu  YdÍßl wNHka;r bkao%shka il%Sh lr.kak Woõ fjkjd' 

2' wdydr wkqNj lsÍug meh Nd.hlg fmr j;=r ùÿrejla mdkh lsÍfuka wdydr ÔrK moaO;sfha l%shdldÍ;ajh jeäÈhqKq fjkjd' 

3' iakdkh lsÍug fmr j;=r ùÿrejla mdkh lsÍu reêr mSvkh wju lr.ekSug Woõ fjkjd' water efficiency 
4' ksod.ekSug fmr j;=r ùÿrejla mdkh lsÍu yÈis wdndohka iy y¾ohdndohka we;sùug ;sfnk wjodku wju lsÍug Woõ fjkjd' 

rd;%S ld,fha§ isÿfjk ll=,a j, uiamsvq fmr,Su j,lajd .ekSugo c,h Woõ fjk nj fydÈka u;l ;nd .kak' ll=f,a we;s uiamsvq j,g ic,kh b;du;a wjYHhs' tfia fkdue;s jQ úg uiamsvq ixfldapkh ù fõokdjla f.k fokjd' 

iqÿiq fj,djg c,h mdkh lsÍfuka fl;rï fi!LH m%;s,dN ,nd.kakg yelshdj ;sfnkjdo hkak oeka Tng wjfndao fjkakg we;s' tfiakï fuu lreKq Tnf.a m%dfhda.sl Ôú;go tla lr.kakg wu;l lrkak tmd'

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK